Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය >> පිළිවෙත << යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උලමා සභාව සඳහන් කර සිටිනවා.

වැඩිදුරටත් ඔවුන් සඳහන් කර සිටින්නේ,

“පසුගිය අප්‍රේල් මස 15 වන දින www.colombotoday.com වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබූ ප්‍රවෘත්ති වාර්තාව, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ (ACJU) අවධානයට යොමු කළෙමු. ‘කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ (අළු) භූමදානය කිරීම ඉස්ලාමීය >> පිළිවෙත << යැයි අප සභාපති මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය වාර්තාවකි.” යනුවෙනි.

කෙසේ වෙතත් අප වාර්තා කර ඇත්තේ,

“කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීමෙන් පසු ඉස්ලාමීය චාරිත්‍ර වාරිත්‍රවලට අනුව, මුස්ලිම් සොහොන් බිමක මියගිය පුද්ගලයාගේ අළු භූමිදානය කළ හැකි බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර සිටිනවා.” යනුවෙනි.

අප කිසිම අවස්ථාවක “මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත” යැයි සඳහන් කර නොමැත. එය තේරුම් ගැනීමට නොහැකි වීම මුස්ලිම් ජාතිකයන් ට දෙවන බස ලෙස අරාබි ඉගැන්වීමට පෙළඹවීමේ ප්‍රතිපලයක් ලෙස අප දකිමු. අප කිසිදු හේතුවක් මත කරුණු විකුර්ති කර දක්වා නැත.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීමෙන් පසු ඉස්ලාමීය චාරිත්‍ර වාරිත්‍රවලට අනුව, මුස්ලිම් සොහොන් බිමක මියගිය පුද්ගලයාගේ අළු භූමිදානය කළ හැකි බව 2020 අප්‍රේල් 02 දින සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ නිළ වෙබ් අඩවියේ (www.acju.lk) සිංහල භාෂාවෙන් පළකර තිබූ නිවේදනයක ද සඳහන් කර තිබුණි. කෙසේ නමුත් දැන් එම නිවේදනය සංස්කරණය කොට එම කොටස පමණක් ඉවත් කර ඇත. ඒ අනුව ඔවුන් විසින් නිකුත් කරන නිවේදන පිළිබඳව විශ්වාසය ද තැබිය නොහැක. එසේනම් ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ජනතාවට මග පෙන්වනවා යැයි කියන ජමයතුල් උලමා සංවිධානය කෙසේනම් විශ්වාස කරන්න ද?

2020/05/10 ඊයේ දින නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ,

“මන්දයත්, මිනිසෙකු මරණයට පත් වීමෙන් අනතුරුව භූමදානය කළ යුතු යැයි ඉස්ලාමය තුළින් අවධාරණය කරයි. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිය ගිය විට; එම දේහය සේදීම, කෆන් හෙවත් රෙද්දකින් ආවරණය කිරීම, මරණය සදහා වූ නැමදුම ඉටු කිරීම සහ භූමදාන කිරීම යනාදී කරුණු ජීවතුන් අතර සිටින්නන්ට නියම වන්නේය.”

“මළවුන් පුළුස්සා දැමීම හෝ ආදාහනය කිරීම ඉස්ලාමයේ තහනම් කර ඇති අතර මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි.”

ඒ අනුව එවැනි තත්වයක් නබි තුමන් ප්‍රකාශ කර ඇති ස්ථානය හෝ නියම කර ඇති ස්ථානය ඉස්ලාම් නොවන අපගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන මෙන ආගමික වියතුන් යැයි තමන් ව හඳුන්වා ගන්නා උලමා සභාවෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.

උලමා සංවිධානය නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ..

“නමුත් වර්තමානයේ අප මුහුණ දෙමින් තිබෙන ආකාරයේ අසාමාන්‍ය තත්ත්වයකදී, විශේෂයෙන් ඉස්ලාමය ප්‍රායෝගික දහමක් වීම නිසා ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අපට මඟ පෙන්වනු ලැබ ඇත. අවදානම් අවස්ථාවන්හිදී හෝ බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.”

“අවදානම් අවස්ථාවන්හිදී ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.” එය එසේ නම් තවදුරටත් කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන් ආදාහනය කිරීම පිළිබඳව තර්ක කළ යුතු නොවේ. ඔබගේ ජාතිය නියෝජනය කරන රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, නීතිඥ අලි-සබ්‍රි ඇතුළු ආදාහනය අල්ලාගෙන දඟලන පුදගලයින් ගෙන්වාගෙන ඔවුන්ට මෙම තත්වය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

අදාළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“නමුත් ඉහත වෙබ් අඩවිය එම වාර්තාව පළ කිරීමට උපුටා ගත් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී අප සභාපති වරයා මුස්ලිම් ප්‍රජාවට ලබා දුන් මඟපෙන්වීම වූයේ අසාමාන්‍ය හෝ බලහත්කාර තත්ත්වයකදී මුස්ලිම්වරයෙකු ප්‍රතිචාර දැක්විය යුතු හෝ හැසිරිය යුතු ආකාරයයි. කිසිම අවස්ථාවක එය සාමාන්‍ය තත්ත්වයකදී සිදුකළ යුතු දෙයක් ලෙස අප අර්ථකථනය නොකළ යුතුය. මුළු ලෝකයම අර්බුදයකට හා අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ, රටේ වගකිවයුතු පුරවැසියෙකු සහ ප්‍රජා නායකයෙකු වශයෙන් ඉවසීම හා සන්සුන් භාවය කරා ජනතාව මෙහෙයවීමට එතුමන් උපරිම උත්සාහයක් ගෙන තිබේ. කිසිම අවස්ථාවක අපගේ ක්‍රියාවන් හා ප්‍රවේශය ජනතාව අතර ප්‍රචණ්ඩත්වයක් හා කැලඹීමක් ඇති කර රටේ නීතියට පටහැනි නොවිය යුතුය යැයි එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දුන් අතර එහිදී එතුමන් ලාංකීය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිකයින් යන සියලු දෙනාම භූමදානය කිරීම සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරනු ලැබේ යනුවෙන්ද ප්‍රකාශ කළහ.”

අප වෙබ් අඩවිය කිසිදු අවස්ථාවක සාමාන්‍ය තත්ත්වයකදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයයන් ආදාහනය කල යුතු බව රිස්වි මුෆ්ති ප්‍රකාශ කල බවක් සඳහන් කර නොමැත.

මෙම මාධ්‍ය නිවේදනයේ ඉහතදී “අවදානම් අවස්ථාවන්හිදී ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.” යනුවෙන් සඳහන් කර අවසානයේදී “ලාංකීය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිකයින් යන සියලු දෙනාම භූමදානය කිරීම සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරනු ලැබේ” යනුවෙන් සඳහන් කිරීම කෙතරම් හාස්‍ය උපදවන සුළුද? අවදානම් අවස්ථාවන්හිදී ආදාහනය කිරීමට ඔබ පවසන පරිදි නබි තුමා අවසර ලබා දී ඇත්නම් කොරෝනා වසංගතය වැනි ලොවක් භීතියට පත් කර ඇති අවදානම් අවස්ථාවක යලි යලි ආදාහනය කිරීමට රජයෙන් ඉල්ලා සිටීම ඉස්ලාමිය වියතුන් යැයි කියා ගන්නා ඔබ සංවිධානය ද නබි තුමන්ගේ නියමයන්ට විරුද්ධව කටයුතු කිරීමකි. එබැවින් ඔබ සැබෑ මුස්ලිම් වරුන් ද යන්න යලි සලකා බලන මෙන් අවසාන වශයෙන් මතක් කර සිටින්නෙමු.

ප්‍රධාන කතෘ – Colombo Today

මුෆ්තිගේ නිළ facebook පිටුවේ අදාළ පුවත සටහන් කර ඇති අයුරු…

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සහභාගී වූ අදාළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව..

https://www.youtube.com/watch?v=Ejnz9tGBrD4&feature=youtu.be&t=686&fbclid=IwAR2NzRXII6T4B3adMsl4QfP2C4CsHKRuUPDqJoZBbA5zOA0_CVq68vOKK3M

අප වාර්තා කල අදාළ පුවත

colombo times වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පළකර තිබූ පුවත

http://colombotimes.net/ashes-from-cremated-body-of-a-muslim-could-be-buried-with-islamic-rites-sheikh-rizwie-mufthi/?fbclid=IwAR34AEJOMsvPq-0S0mMFmXQNQaNTgDS3Ps0VL6u3rVSWSfqWWKkuhQnukk8

Related posts

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..

colombotoday

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday