Business

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

ශ්‍රී ලාංකාවෙි ඉතාම වෙිගයෙන් වර්ධනය වන නවතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Asian Business & Technology ( AIBT) Campus ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ Chatham විශ්වවිද්‍යාලය සමග සිය නව හවුල්කාරීත්වය ප්‍රකාශයට පත්කල අතර , ශ්‍රී ලංකාවෙි පළමු වරට “ප්‍රධාන පෙළේ බලයලත් ඇමරිකා එක්සත් ජනපද MBA උපාධියක්” නිල වශයෙන් ආරමිභ කිරීම සිදු කලේය. මෙම උපාධිය ශ්‍රී ලංකාවෙිදී සම්පූර්ණ කල හැකි අතර අවසන් වාරය සඳහා එක්සත් ජනපදයට යාමෙි විකල්පයක්ද සිසුන්ට ඇති අතර, පසුව මෙමගින් එක්සත් ජනපදයේ රැකියා අවස්ථාවන් සඳහා ද අයදුමි කිරීමට සුදුසුකමි ලැබේ.

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවෙි අධ්‍යාපන ක්ෂ්ත්‍රයේ ස්ථාපිත සංවිධාන සමග සහයෝගයෙන් සහ ඔවුන් සමග ආයෝජනය කරමින් ආරමිභ කරන ලද AIBT Campus හි අරමුණ වන්නේ උසස් තත්ත්වයේ සහ ජාත්‍යන්තර මටිටමෙි අධ්‍යාපනයක් තුලින් ශ්‍රී ලාංකික සිසුන්ට දැරිය හැකි මුදලකට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම මගින් ඔවුන්ගේ වෟත්තීමය සංවර්ධනයට සහ ගොඩනැගීමට අවස්ථාව ලබා දීමයි.

AIBT Campus ආයතනය විසින් ව්‍යාපාර කළමනාකරණය , තොරතුරු තාක‍ෂණය , ඉංජිනේරු තාක‍ෂණය , ප්‍රමාණනය සමීක‍ෂණ පාඨමාලා , මානව සමිපත් කළමනාකරණය, මනෝවිද්‍යාවල අධ්‍යාපන පුහුණු පාඨමාලා සහ මුල් ළමාවිය සංවර්ධනය පිලිිබඳව පිළිගත් ජාති්‍යන්තර මටිටමෙි ඩිප්ලෝමා සහ උපාධි / ශ්‍රාස්ත්‍රපති උපාධි / ආචාර්ය උපාධි වැඩසටහන් ප්‍රධානය කරනු ලබයි.

AIBT Campus ආයතනයෙහි වැඩසටහන් ඉතා සැලකිලිමත්ව තෝරාගෙන ඇති අතර , එම වැඩසටහන් සංවර්ධනය කර සකසනු ලබන්නේ ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර විශේෂඥ ආචාර්යවරුන් සහ විවිධ ක්ෂ්ත්‍රයන්ගේ කාර්ය සාධනය පිළිබඳ සනාථ කරන ලද වෘත්තිකයන් විසිනි.

Chatham විශ්වවිද්‍යාලය යනු ඇමරිකාවෙි පෙන්සිල්වෙිනියාවෙි පිහිටි ප්‍රධානපෙළේ විශ්ව විද්‍යාලයකි. එය 1869 දී පූජ්‍ය William Trimble Beatty පියතුමා ( සුප්‍රසිද්ධ ඔපෙරා ශිල්පී Contralto Louise Homer ගේ පියා) විසින් ආරමිභ කරන ලද්දකි. ඉතා මනරමි පරිසරයක පිහිටි Chatham Shadyside Campus පීඨයට යාබදව පිටිස්බර්ග්හි සිත් ඇදගන්නා වූ ඓතිහාසික මන්දිරත් අසල්වැසි Carnegie Mellon විශ්වවිද්‍යාල සහ Pittsburgh විශ්වවිද්‍යාලයත් පිහිටා ඇත. Chatham යනු ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ඉතා ව්‍යාප්ත වූ විශ්වවිද්‍යාලයක් වන අතර එය උපාධිධාරීන් හා උපාධි අපේක‍ෂකයින් 2400 කින් සමන්විත වෙි.

වර්ෂ 2005 දී විශ්වවිද්‍යාලය විසින් නව පාඨමාලාවන් හදුන්වාදීමෙි පියවරක් ලෙස අඛන්ඩ අධ්‍යාපන පාසල හරහා මාර්ගගත ( Online) උසස් අධයාපන පාඨමාලා ( උපාධි/පශ්චාත් උපාධි/ආචාර්ය උපාධි) ප්‍රධානය කිරීම දක්වා සිය වැඩසටහන් පුළුල් කරන ලදී ඉන් වසර දෙකකට පසුව The Atlantic Monthly මාසික සගරාව විසින් Chatham`s MFA නමි නර්මාණාත්මක ලිවීමෙි වැඩසටහන හොඳම නවෝත්පාදන / අද්විතීය වැඩසටහන් පහෙන් එකක් ලෙස නමි කරන ලදී. Chatham විශ්වවිද්‍යාලය යනු තිරසාරත්වය සඳහා ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවලින් එකක් වන අතරල නවපරපුරේ නායකයින් සහ ගෝලීය පුරවැසියන් දැනුවත් කිරීම සඳහා කැප වූ නව ජීවන ඉගනුමි පීඨයක් ( Living Lerning Campus )ද ඇතුළුව එහි උපාධිධාරී ආදි සිසුවෙකු වන ඉමහත් ජනප්‍රිය Rachel Carson ගේ අඩිපාරේ ගමන්ගන්නා පිරිසක් වැඩිදියුණු කිරීම තුළින් පාරිසරික සහ දේශගුණික විපර්යාසයේ අභියෝයන්ට සාර්ථකව මුහුණදීම එහි අරමුණයි.

වර්ෂ 2016 දී එහි 19 වන සභාපතිවරයා ලෙස පත් වූ කාර්යශූර අධ්‍යාපනවෙිදියෙකු වන ආචාර්ය David Finegold ගේ නායකත්වයෙන් යුත් Chatham විශ්වවිද්‍යාලය වර්තමාන වසංගත තත්ත්වය තුළ සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට උපකාරී වන වැඩසටහන් වල කැපීපෙනෙන ප්‍රගතියක් ලබාගෙන ඇත.

එක්සත් ජනපදයේ ”පුවත් හා ලෝක වාර්ථාවේ” 2021 සංස්කරණයේ හොඳම ජාතික විශ්වවිද්‍යාල 200 අතරට Chatham ශ්‍රේණිගත කර ඇති අතර, හොඳම විද්‍යාල යනු ජාතික විශ්වවිද්‍යාල අතර අංක 187 ලෙස Chatham විශ්වවිද්‍යාලය පත් වූ අතර සමාජ සංචලතාව ( Social Mobility )සඳහා අඩු ආදායමිලාභි සිසුන්ට ජාත්‍යන්තර මටිටමෙි උපාධියක් පිරිනැමීම වෙනුවෙන් පෙනිසිල්වෙිනියාවෙි සියලුම ජාතික විශ්වවිද්‍යාල අතර අංක 1 ස්ථානයට චැතමි පත් විය.. https://www.usnews.com/best-colleges/chatham-university-3244/overall-rankings

AIBT Campus ආතනයෙහි සභාපති සහ සුවිශාල සමිමානලාබී ආයතන හරහා එක්සත් රාජධානියේ වෘත්තීය උසස් අධ්‍යාපනය කළමනාකරණය කිරීම සමිබන්ධයෙන් සුප්‍රසිද්ධියක් උසුලන John Kerr මහතා එක්සත් රාජධානියේ සිට ආරමිභ කිරීමෙි උත්සවයට සහභාගී වූ අතරල ඔහු කීර්තිමත් Chatham විශ්වවිද්‍යාලය සමඟ MBA උපාධි පිරිනැමීම සඳහා අත්වැල් බැඳගැනීමෙි AIBT Campus ආයතනයේ ජයග්‍රාහී පියවර පිළිබඳව සුභපැතුමි එක් කලේය. මෙම සමිබන්ධතාවය ගොඩනැගීම සඳහා AIBT Campus ආයතනය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව ඔහු ආචාර්ය David Finegold මහතාට ස්තූතිවන්ත වියග

Chatham විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය David Finegold මහතා අන්තර්ජාලය හරහා මෙම අවස්ථාව හා සමිබන්ධවීමට කාරුණික වූ අතර උත්සවයේ ආරාධිත අමුත්තන් අමතා ඔහු පවසා සිටියේ එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට පහසුකමි සැළසීම සඳහා AIBT Campus ආයතනය වෙත ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බවටයි.

AIBT Campus ආයතනයේ උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස මෑතකදී සමිබන්ධ වූ Birmingham City විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය Cliff Allan සිය කතාවෙිදී කියා සිටියේ AIBT Campus ආයතනය උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම අපේක‍ෂා කරන බවත් ඔහුගේ මඟ පෙන්වීම සහ සැලකිල්ල ඒ සඳහා සහතික කරන බවත්ය. තවද දැරිය හැකි පිරිවැයකින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කරන ආයතනයක් ලෙස AIBT Campus ආයතනය ස්ථානගත කිරීම ඔහුගේ අරමුණ බවත්ය.

AIBT Campus ආයතනයෙහි උප සභාපති ආචාර්ය මොහාන් පතිරණ මහතා සිය දේශනයේදී පවසා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් Chatham විශ්වවිද්‍යාලය සමඟ සමිබන්ධ වීමට ලැබීම භාග්‍යයක් බවත් , ශ්‍රී ලංකාවෙි සිසුන්ට MBA උපාධිය දැරියහැකි මුදලකට ශීෂ්‍යත්ව වැඩසටහන් හරහා සමිපූර්ණයෙන් හැදෑරීමට AIBT Campus ආයතනය මගින් අවස්ථාව ලබා දෙන බවත්ය. තවද එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයේදී උපාධිය අවසන් කිරීමට හැකියාව ඇති සිසුන්ට ඒ සඳහා තම අභිමතය පරිදි යාමට හැකි බවද පවසා සිටියේය. වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලොව පුරා සිටින සිසුන්ට ලබා ගත හැකිවන පරිදි සැදුමිලත් අචාර්ය Finegold ගේ දැක්ම මෙහිදී පැසසුමට ලක්වන බවද ඔහු පැවසීය .Chatham විශ්වවිද්‍යාලයේ මෙම MBA උපාධිය පිරිනමනු ලබන්නනේ ශ්‍රී ලාංකිකයින් හට දැරිය හැකි මුදලකට විශේෂ වූ ශිෂ්‍යත්ව ක්‍රමයක් යටතේ, ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් වන බව ද ඔහු පවසා සිටියේය. විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙි නිර්ණායකයන්ට හා විධි විධානයන්ට යටත්ව පළමුවරට ඇතුලත් වන්නන්ගේ පදනම මත වාර්ෂිකව සීමිත සිසුන් සංඛයාවක් සඳහා පමණක් මෙම පාඨමාලාවට ඇතුලත්වීමෙි කටයුතු AIBT Campus ආයතනය සළසා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

AIBT Campus සහ Chatham විශ්වවිද්‍යාල MBA පාඨමාලා පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර මෙම විද්‍යුත් තැපෑල වෙත විමසීමි යොමු කරන්න. info@aibt.education හෝ අමතන්න 0771200102 සහ 0770216161

Related posts

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් රටට බදු ආදායම මිලියන 1,600ක් අහිමි වෙනවා

colombotoday

ලොව විශාලතම නැව හෙට කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති

colombotoday

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් මහජන බැංකුවෙන් ‘ඉසුරු උදාන’ තෑගි සහතිකපත්…

colombotoday