Colombo Today Local News

ඉන්දියන් හුළං නිසා නගර 5ක වායුව අවුල් | කොරෝනා රෝගීන්ටත් අපලයි

මෙරට වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, කොවිඩ් වසංගතය ව්‍යාප්තව පවතින මෙම අවස්ථාවේ වායු දූෂණය නිසා යම් ශාරීරික අපහසුතා තත්ත්වයක් උද්ගත වුවහොත් සෞඛ්‍ය උපදෙස් වහා ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ජාතික ගොනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසයි. කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝබර් 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

මෙරට වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහළ යෑමට හේතුසාධක වන්නේ මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදු වී ඇති වෙනස් වීම බවත්, ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම මගින් සිදු වන බලපෑමක් බව එයාර් විෂුවල් (Air Visual) වෙබ් අඩවියේ ඇති ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්ත සඳහන් කරනු ලබයි.

වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇත. ඇමෙරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව (U.S Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ත්ව දර්ශකය 100-150 අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.

වායු දූෂණ තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන්, වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් හා ශ්වසන රෝගවලින් පෙළෙන අය වැනි සංවේදී පුද්ගල කණ්ඩායම්වලට යම් බලපෑමක් ඇති වන බවත්, පවතින වායු ගෝලීය තත්ත්වය නිසා මෙම කාණ්ඩයට හුස්ම ගැනීමේ දී යම් අපහසුතාවක් ඇති කිරීමට හැකියාව පවතින බැවින් නිතර මුඛ ආවරණ පැලඳීම සිදු කළ යුතු අතර, ව්‍යායාම, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයන් හි නිරත වීම අවම කළ යුතුය.

Related posts

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

colombotoday