Colombo Today Local Newsextremism & terrorism activities

අලි සබ්‍රි යලිත් ආදාහනය වෙනුවට භූමදානය ඉල්ලයි. | කෝල් 100ක් ආවොත් 99ක්ම අහන්නෙත් ඒකලු

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් නයින්ටීන් ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා,

“මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ. ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයත් ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානය ලබා දීලා තියෙනවා. මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා. මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක.”

– අද දෙරණ –

Related posts

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

colombotoday

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

colombotoday

ලොව මවිත කරමින්, දවස් 7න් හදන්න ගිය චීන කොරෝනා රෝහල දවස් දෙකෙන් සාදා විවෘත කරයි !

colombotoday

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday