Colombo Today Local Newsfeatured

අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න.

Colombo Today වෙබ් අඩවිය විසින් “මුස්ලිම් ජාතියට එරෙහි ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතීඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැණුම්” යන මැයෙන් යුතුව පළ කරන ලද වාර්තාව සම්බන්ධයෙන් මොහොමඩ් අලි සබ්‍රි මහතා තම ෆේස් බුක් පිටුවෙහි ආවේගශීලී බවක් පෙන්වමින් කරුණු දක්වා තිබේ. අවස්ථා ගණනාවකදී ඒ මහතා විසින් වරින් වර සංශෝධනය කරනු ලැබූ එම ෆේස් බුක් සටහන්හී මේ අවස්ථාවෙහි පවතින තිර සටහන් (screenshot) මෙම ලිපිය සමග පළ කරමු.

අලි සබ්‍රි මහතා එම සටහන්වල කියා සිටින්නේ අල් ජසීරා නාලිකා වෙබ් අඩවියෙහි දක්වා ඇති පහත සදහන තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි 2020/04/01වන දින තැබූ සටහනක් වන බවත් Colombo Today වෙබ් අඩවිය එම වාර්තාවට වාර්ගික හා දුෂ්ඨ මානයක් එක් කර ඇති බවයි. එකී ප්‍රකාශය අල්ජසීරා නාලිකාවෙහි වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයෙන්ම පහත දක්වා ඇත.

“President Gotabaya Rajapaksa’s counsel, Ali Sabry said. Ali Sabry, said the government’s cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).”
“If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it,” he told Al Jazeera.”

ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දිය හැකි ප්‍රකාශය

කෙසේ වෙතත් අලි සබ්රි මහතා අප වෙබ් අඩවිය විසින් දක්වන ලද ඒ මහතාගේ අනෙක් අල්ජසීරා ප්‍රකාශය පිළිබදව කවර හෝ පිළිතුරු දීමක් නොකරයි. ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන්නෙකු වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දිය හැකියැයි අප දක්වා සිටියේ ඒ මහතාගේ මෙම දෙවන ප්‍රකාශයයි. එකී ප්‍රකාශය “අලි සබ්රි කිවේය” යනුවෙන් අල්ජසීරා නාලිකාවෙහි වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයෙන්ම පහත දක්වා ඇත.

“Sabry said it was unfortunate to find racism rearing its ugly head every time Sri Lanka is faced with a crisis. ‘Unfortunately, during the last few weeks, there has been quite a lot of hate speech directed at Muslims’ said Sabri who was nominated to Parliament from the governing Sri Lanka Podujana Peramuna Party.”

මෙම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇති බවටත් අලි සබ්‍රි මහතා දක්වනු ලැබ ඇත.

එමෙන්ම මේ කවර හෝ ප්‍රකාශයක් අලි සබ්‍රි මහතාගේ ෆේස්බුක් පිටුවෙන් කරනු ලැබ ඇති උපුටා ගැනීම් බව අල්ජසීරා වෙබ් අඩවිය දක්වා නොමැති බවත් අදාළ ප්‍රකාශ අලි සබ්‍රි මහතා අල්ජසීරා නාලිකාවට කර ඇති ප්‍රකාශ බවට එකී වෙබ් අඩවිය සදහන් කර ඇති බවටත් දක්වා සිටිමු.

ඕනෑම විශේෂඥයෙකු හමුවට ඉදිරිපත් කිරීමට අප සූදානම්

අප මෙම පුවත් වාර්තාව පළ කොට පැය කිහිපයකට පසු අල්ජසීරා නාලිකාවෙහි වෙබ් අඩවිය එම වාර්තාවෙන් මෙම දෙවන ප්‍රකාශය ඉවත් කළ අතර මේ වන විට අලි සබ්‍රි මහතාගේ එම දෙවන ප්‍රකාශය එකී අල්ජසීරා වාර්තාවෙහි දක්නට නැත. කෙසේ වෙතත් එම මුල් වාර්තාවට අදාළ තිර සටහන් (screenshot) අප වෙබ් අඩවිය සතුව පවතින අතර එම තිර සටහන් ද මේ සමග ඉදිරිපත් කරමු. එමෙන්ම එකී තිර සටහන්හී අව්‍යාජත්වය තහවුරු කිරීම සදහා එකී තිර සටහන් අදාළ ක්ෂෙත්‍රයේ පිළිගත් ඕනෑම විශේෂඥයෙකු හමුවට ඉදිරිපත් කිරීමට අප සූදානම් බවද ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම මේ වන විටත් මුල් අල්ජසීරා පුවත වාර්තා කළ පුවත් වෙබ් අඩවි 20ක පමණ ප්‍රමාණයක අලි අලි සබ්‍රි මහතාගේ ආන්දෝලනාත්මක මුල් ප්‍රකාශය එයාකාරයෙන්ම පවතී.

අල්ජසීරා නාලිකාවෙහි වෙබ් අඩවිය කරනු ලැබූ එකී සංශෝධනය පිළිබදව විශේෂ පුවත් වාර්තාවක් “Colombo Today පුවතින් පසු ALJAZEERA කැළඹෙයි. අලි සබ්‍රි ජාතිවාදය ගැන කිවූ කොටස ඉවත් කර ගනියි.” යන මැයෙන් අප විසින් ඊයේ දිනයේ සවිස්තරාත්මකව ගෙන හැර දැක්වූයෙමු. අල්ජසීරා නාලිකාව මෙම මුල් පුවත පළ කිරීමත් එකී මුල් පුවතින් අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කොටස ඉවත් කිරීමත් අතර පැය කිහිපයක් ගතවූ අතර එකී අල්ජසීරා පුවත සම්බන්ධයෙන් කවර හෝ විරෝධයක් අලි සබ්‍රි මහතාගේ පාර්ශවයෙන් හෝ වෙනත් පාර්ශවයන් වෙතින් එල්ල නොවුනි.

ගැටලුව වන්නේ අප වෙබ් අඩවියෙහි පුවත් වාර්තාවෙන් අනතුරුව එම විවාදාපන්න ප්‍රකාශ කොටස අල්ජසීරා පුවත් අඩවියෙන් ඉවත් කිරීමත් එකී ඉවත් කිරීමට සමගාමීවම අලි සබ්‍රි මහතා පරල වීමක් රග දක්වමින් අප වෙබ් අඩවියට ජාතිවාදයේ පටන් විදේශ සබදතා, ආණ්ඩු විරෝධයන් ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අභූත චොදනා නැගීමත් වේ.

රහසේම ප්‍රකාශය ඉවත් කර ඉතිරිව පවත්නා ආන්දෝලනාත්මක නොවන ප්‍රකාශය පෙන්වමින් අප පසුපස පැන්නීම

ඒ මහතා මෙරට ජනතාව හමුෙවි ඉතා වෙහෙස මහන්සියෙන් පෙන්වා සිටින මධ්‍යස්ථ මතධාරී මහත්මා චරිතය සැබෑවටම ඒ මහතා තුළ තිඛෙන්නේ නම් කළ යුතුව තිබුනේ තිර රූප සහිතව අප පෙන්වා දුන් කාරණාවෙහි සත්‍ය අසත්‍යතාවය විමසීමයි. අල්ජසීරා නාලිකාව “අලි සබ්‍රි කීවේය” යනුවෙන් පවසමින් පළ කර තිබූ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබදව හෝ තමන් අල්ජසීරා නාලිකාවට කිසියම්ම හෝ ප්‍රකාශයක් දුන්නේද යන්න ගැන හෝ එකී ප්‍රකාශය අප හෙළිදරවු කළ පරිදි අල්ජසීරා නාලිකාවෙන් ඉවත් වීම පිළිබදව හෝ වචනයක් හෝ නොකියා එම ප්‍රකාශය රහසේම ඉවත් කිරීමෙන් අනතුරුව දැනට ඉතිරිව පවත්නා ආන්දෝලනාත්මක නොවන ප්‍රකාශය පමණක් පෙන්වමින් අප පසුපස පැන්නීම නින්දිත කටයුත්තක් බව අපගේ අදහසයි.

අනෙක් කරුණ වන්නේ අප වෙබ් අඩවිය ඉහත කී ආන්දෝලනාත්මක නොවන ප්‍රකාශය ගැන කවර හෝ විවේචනයක් එල්ල නොකිරීමයි. විවේචනය නොකරන ලද කොටස පමණක් පෙන්වමින් විවේචනය කරන ලද කොටස සගවමින් අපව ජාතිවාදීන් ලෙස හංවඩු ගසමින් අලි සබ්‍රි මහතා රගන රංගනය තේරුම් ගැනීමට ජනාධිපති නීතීඥ පට්ටම් අපට අවශ්‍ය නොවේ.

අනෙක් කරුණ වන්නේ අල්ජසීරා වැනි නාලිකාවක පළවූ අලි සබ්‍රි මහතාගේ දේශපාලන ජීවිතයට හානිකර පුවතක් එකී පුවත පිළිබදව වූ ආන්දෝලනාත්මක හෙළිදරවුවකට පසු ආවෘත ආකාරයෙන් වහා ඉවත් කිරීම මගින් මතුවන අන්තවාදී හෙවණැල්ලයි. අල්ජසීරා නාලිකාව ඉස්ලාම් අන්තවාදී ප්‍රවණතා සම්බන්ධයෙන් ලොව පුරා කුප්‍රකට නමක් දිනා සිටින නාලිකාවක් වන අතර ඉස්ලාම් අන්තවාදයට හා ත්‍රස්තවාදයට තුඩු දෙන පුවත් විකාශනය කිරීම මත ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් රටවල් ගණනාවකින් වාරණයට ලක්වූ නාලිකාවකි. එවන් නාලිකාවක්, සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මාධ්‍යයක් පුවතක් සංශෝධනය කරන විනිවිද පෙනෙන ක්‍රමවේදයෙන් පිට පනිමින් රහසේම අලි සබ්‍රි මහතාට අහිතකර පුවතක් ඉවත් කිරීමෙන් ඒ මහතා සහ එකී නාලිකාව අතර රහසිගත සබදතාවයක් පවතින්නේද යන සැකය අප තුළ ජනිත කරවයි. එමෙන්ම මෙම පුවත අප වෙබ් අඩවියෙහි පළ වීමෙන් පසු මීට ප්‍රතිචාර වශයෙන් අල්ජසීරා නාලිකාව විසින් තවත් ආවෘත සංශෝධන අදාළ පුවත් වාර්තාවට සිදු කිරීමේ හැකියාවද පවත්නා බව අපගේ පාඨකයන්ට දැනුම් දෙමු.

ඉදුරුවේ ආචාරියාගේ චරිතයට පණ පෙවීම

මෙරට මුස්ලිම් ජනතාවට ජාතිවාදී හිරිහැර පවතින බවට වන ආන්දෝලනාත්මක ප්‍රකාශය අලි සබ්‍රි මහතා අල්ජසීරා නාලිකාවට සිදු කර නොමැත්තේ නම් ඇත්ත වශයෙන්ම අලි සබ්‍රි මහතා කළ යුතුව ඇත්තේ අප පසුපස නන් දොඩවමින් පැන්නීම නොව අල්ජසීරා නාලිකාවට එරෙහිව කටයුතු කිරීම හෝ අප හෙළිදරවු කළ ආකාරයට එකී මුල් පුවත අල්ජසීරා නාලිකාව පළ කොට තිබුනේද යන්න ගැන සොයා බැලීම ය. ඒ වෙනුවට දැන් එතුමා සිදු කරමින් සිටින්නේ ඉදුරුවේ ආචාරියාගේ චරිතයට පණ පෙවීමයි.

මුහුණ දීමට අප සූදානම්

අප අවධාරණයෙන් යුතුව කියා සිටින්නේ අප හට අලි සබ්‍රි මහතා සමග කවර හෝ පුද්ගලික අමනාපයක් නොමැති බව ය. නමුත් වසංගත අවස්ථාවක මහා දුෂ්කරතා මධ්‍යයේ දිවි පරදුවට තබා කටයුතු කරන සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන් ඇතුළත් රාජ්‍ය දේහයට අනවශ්‍ය ආගමික අන්තවාදී පීඩනයක් ආණ්ඩු පක්ෂය තුළම හිදිමින් එල්ල කරන ඒ මහතාගේ ක්‍රියා කලාපය පිළිබද දැඩි විවේචනයක් අපට පවත්නා බව නම් නොබියව සදහන් කර සිටිමු. එමෙන්ම ඒ මහතාගේ පාර්ශවයෙන් ලබා දෙන පිළිතුරකට මෙම පුවත්වලට ලැඛෙන ප්‍රමුඛතාවයම ලබා දෙමින් පළ කිරීමට අප සූදානම් බවත් ඒ මහතා නීතිමය හෝ අන් කවර හෝ අභියෝගයක් අපට එරෙහිව එල්ල කරන්නේ නම් එයට මුහුණ දීමට ද අප සූදානම් බවත් මෙහිලා සදහන් කර සිටිමු.

Related posts

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

වීසා ගැන ඇමති ටිරාන් අලස්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන

colombotoday

රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානයේ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

colombotoday