Colombo Today Local News

නිවස වටලතැයි අලි සබ්‍රි බියකින් – ඉල්ලා අස්වී දවසින් පැන යාමට හේතුව කියයි.

තමන් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමත් සමඟ විශාල පීඩනයකට ලක්වූ බවත් ජනතාව ගෙවල් වටකිරීම ආරම්භ වීමත් සමඟ සිය නිවෙස්වල උදවිය මේ සම්බන්ධයෙන් බියට පත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නොමැති අයෙකු වුවද මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට යෝජනා කරන්නේ නම් තම මන්ත්‍රීධුරය හෝ කැපකර ඔහුට අවස්ථාව ලබාදීමට සූදානම් බව අලි සබ්රි මන්ත්‍රීවරයා ලිපියක් මඟින් ජනපති දැනුවත් කර ඇත.

තමන් අදාළ විෂයට සම්බන්ධයක් නොමැති බවට විවිධ පුද්ගලයන් යෝජනා ඉදිරිපත් කිරීමත් සමඟ එම විෂයට සුදුසු පුද්ගලයෙක් පත්කරගැනීමට අවස්ථාව සලසා දී තමන් එම ධුරයට සමුදීමට තීරණය කළ බවත් අලි සබ්රි එම වැඩසටහනේදී වැඩිදුරටත් අවධාරණය කළේය

මව්බිම

Related posts

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday