Colombo Today Local NewsTop Stories

අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි

ප්‍රකාශ නිකුත් කරමින් අලි සබ්‍රි බබා වගේ මොකුත් නොදන්නා ගානට හැසිරින බව බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි අද (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියා.

මුස්ලිම් ජාතියට විරුද්ධව ලංකාවේ ජාතිවාදයක් ගැන ජාත්‍යන්තරයට ගතු කේලාම් කියමින් ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් කිරීමට සිදුකල ප්‍රකාශයෙන් පසුව දැන් එය වහ ගන්න බැරුව ගලේ පහරපු බළලෙක් මෙන් සිටින බවත් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය අහිමි වෙතැයි තිගැස්සී ඔහු සිදුකල අන්තවාදී, තක්කඩි ප්‍රකාශය පැය කිහිපයකට පසුව වෙනස් කරගෙන ඇති බවත් ඒ හිමියෝ සඳහන් කර සිටියා.

ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඉන්දියාව, එක්සත් අරාබි එමිල් රාජ්‍යය යන රටවල තහනම් කර ඇති අල් ජසිරාවේ පලකල පුවත ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීමට තරම් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අලි සබ්‍රි ගේ අන්තවාදය සහ ත්‍රස්තවාදය පිළිබඳව ඇති සම්බන්ධය පිළිබඳව සැක පහල වෙන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

අලි සබ්‍රි ගේ අල්-ටකියා ව

ඊයේ (13) දින අලි සබ්‍රි නැවත වතාවක්, රටට එරෙහි ප්‍රකාශයක් සිදු නොකළ බවට අල්-ටකියා ව භාවිතා කරමින් පට්ටපල් බොරුවක් පැවසු බව අවධාරණය කර සිටි මැඩිල්ලේ හිමි අලි සබ්‍රි විසින් අල් ජසිරාවට ලබා දුන් මුල් ප්‍රකාශය ඉවත් කලද ලෝකය පුරා ඇති පුවත් වෙබ් අඩවි 20 කට වඩා වැඩි ප්‍රමාණයක් එම මුල් පුවත වාර්තා කර ඇති බව පැවසූහ.

අලි සබ්‍රි ට අභියෝග කරනවා නැවත වතාවක් පට්ටපල් බොරු නොකියන ලෙසත් නීතිඥවරයෙකු ලෙස නිහතමානීව යුතුකමක් තිබුනා තමන්ගේ ආවේගයක් මත හෝ ජාතිය ගැන සිතා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට පිළිගෙන සමාව ගැනීමට බවත් ඔහුගේ තක්කඩි කමට එසේ නොකළ බවත් ඒ හිමියෝ පවසුහ.

ජාත්‍යන්තර මාධ්‍යයවල වාර්තා කර ඇති පුවත් ජනාධිපතිටවත්, අපේ රටේ මාධ්‍ය නාලිකා එකකටවත් නෑ කියන්න බැරි බවත් එනිසා අලි සබ්‍රි පැවසූ දේශද්‍රෝහී ප්‍රකාශය එලෙසම වලංගු බවත් ඒ හිමියෝ අවධාරණය කර සිටියහ.

අභියෝගාත්මක හෙළිදරව්වට අලි සබ්‍රි Colombo Today පිටුපස

Colombo Today වෙබ් අඩවිය අභියෝගාත්මකව මේ පිළිබඳව අනාවරණය කල බවත් මේ වන විට අලි සබ්‍රි Colombo Today පිටුපස පන්නන බවත් මැඩිල්ලේ හිමි අවධාරණය කර සිටියා.

සබ්‍රි බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු

වොයිස් කට් සාදුලා යැයි අපහාස කරමින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ වෙබ් අඩවි අලි සබ්‍රි බේරා ගැනීමට ඉදිරිපත් වී ඇති බව පැවසූ උන්වහන්සේ
ඔහු පිළිබඳව හොඳ හොඳ තොරතුරු තිබෙන බවත් මාවනැල්ලේ බුදුපිළිම කඩලා සහරාන් ගේ පාස්කු ප්‍රහාරයට රුකුල් වෙච්ච අන්තවාදීන් සමග ගනුදෙනු කල ඔවුන්ට දේශනා පැවැත්වූ පුද්ගලයින් අලි සබ්‍රි ගේ ආගමික නායකයෝ බව හෙළිදරව්වක් කර සිටියා.

අද උදැසන මේ පිළිබඳව දිවයිනේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා දැනුවත් කර සිටි බවත් මේ රටේ නායකයෝ තව දුරටත් රිෂාඩ් බදුර්දීන් ලා හකීම් ලා අසාද් සාලි ලා බිහිකරන්න උත්සහ ගන්නවානම් දිගින් දිගටම ඊට විරුද්ධ වන බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.

අලි සබ්‍රි ට තමන්ගේ ජනාධිපති නීතිඥ කම භාවිතා කර පාදඩ කම් කරන්න ඉඩ නොතබන බවත් අලි සබ්‍රි ගේ හෙළුව ඉදිරියේදී රටට හෙළි කිරීමට සුදානම් බවත් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි පැවසූහ.

Related posts

යහපාලන ඇමතිලාගේ හොර අල්ලන්න ඒකාබද්ධ විපක්ෂයෙන් TOP 10 මෙහෙයුමක් !

colombotoday

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin

කොවිඩ් ආසාදිත අසාද්‍ය රෝගීන්ට ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 1,000 ක් ආනයනයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

සුදු වෑන් කතාව: සීඅයිඞීයෙන් පරීක්‍ෂණයක් – රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවියෙන් ඉල්ලයි

colombotoday