Colombo Today Local Newsfeatured

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ භාවිතා කරන ඇඳුම් සම්බන්ධයෙන් උපක්‍රමශීලීව, උපයාමාර්ගික වචන භාවිතා කරමින් පණිවුඩයක් අද නිකුත් කර ඇත.

එහිදී ඔවුන් බුර්කා, නිකාබ් බාවිතා කරන ලෙසට උපක්‍රමශීලිව පවසා ඇත.

ඇඳුම් සම්බන්ධව නිදහස මානව හිමිකමේ කොටසක් බවත් එය අපේ රටේ විවස්ථාවෙන් එය තහවුරු කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව පැනවූ හදිස්සි නීතිය සමග බුර්කාව තහනම් වු නමුත් දැන් හදිස්සි නිතිය ඉවත්කර ආරක්ෂාව හමුදාවට බාර දී ඇත. නමුත් ආරක්ෂාව සම්පුර්ණයෙන් තවමත් තහවුරු කර නොමැත. එනිසා මුහුණු වහගෙන එලියට යෑමෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම නිසා බුර්කව ඇඳගෙන පොදු ස්ථානවලට යෑමේදී සිදුවෙන අපහසුතාවන් මග හරවාගෙන අවස්ථානුකුලව කටයුතු කරන ලෙසත්, නුවණක්කාර ලෙස කටයුතු කලොත් අපේ අයිතීන් අපිට තහවුරු කරගන්න පුළුවන් යැයි සඳහන් කරන උලමා සංවිධානය මෙරට මුස්ලිම් ජාතිය විදි සියලු අයිතිවාසිකම් ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව එම නිවෙධනයේ අවධාරණය කර ඇත.

කෙසේ වෙත්තත් සහරන් ඇතුළු කණ්ඩායම කුරුණෑගල තම මවගේ ගමට කාන්තාවන් 7 දෙනෙකු සේ මුහුණු වැසෙන ලෙස ඇඳුම් ඇඳගෙන සහරන්ගේ දෙවනියා වූ නවුෆර් මවුලවි සහ රූමි හමුවීම සඳහා පැමිණි බව අද (1) අරුණ පුවත්පත වාර්තා කර සිටියි.

බුර්කා, නිකාබ් තහනම් කිරීමට විරුද්ධව උලමා සභාව ගෙනා තර්කයනම් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා මුහුණු වසාගෙන කිසිවෙක් පැමිණියේ නැති බවයි. මෙවැනි ලඳ බොළඳ තර්ක ඉදිරිපත් කිරීමට තරම් මහා වියතුන්ගේ සංගමය යැයි කියාගන්නා මොවුන් දැන් බංකලොත් වී ඇත.

පැහැදිලි ලෙසම ත්‍රස්තවාදීන් බුර්කාවට සහ නිකාබයට යටින් තම ත්‍රස්ත කටයුතු රිසි සේ කරගෙන ගොස් ඇත.

Related posts

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday

පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

LTTE සංඥා අංශයේ සාමාජිකයකු ජීව අත් බෝම්බයක් සමග කොටු

colombotoday

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

පුතුන් පැහැර ගත්තේ ඉන්දීය හමුදාවයි – ශ්‍රී ලංකා හමුදාව නොවෙයි – වැල්වැටිතුරේ මවක්‌ කොමිසමට කියයි

colombotoday