Colombo Today Local Newsextremism & terrorism activities

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට උලමා අපොහොසත් වෙලා. – බොදු බලෙන් ලිපියක්

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට උලමා අපොහොසත් වී ඇති බව බොදු බල සේනා සංවිධානය විසින් අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

විවෘත ලිපියයි.
2021 නොවැම්බර් 09,
සමස්ත ලංකා ජමයතුල් උලමා වෙත,

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට ඉස්ලාම් වියතුන්යැයි තමන්ව හඳුන්වා ගන්නා සමස්ත ලංකා ජමයතුල් උලමා අපොහොසත් වීම.

ACJU/NGS/2021/210 යටතේ සමස්ත ලංකා උලමා සංවිධානයේ ලේකම් අර්කම් නූරාමිත් ගේ අත්සනින් නිකුත්කළ ලිපියට පිළිතුරු ලෙස 2021 සැප්තැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි සහ ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍යම ඉස්ලාම් ආයතනය ලෙස තමන්ව හඳුන්වා ගන්නා සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයෙන් ප්‍රශ්න කිහිපයක් සඳහා පිළිතුරු ලබා දෙන ලෙස සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානය විසින් ලිපියක් යොමු කරන ලදි.

එහිදී ප්‍රධාන වශයෙන්ම සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය “වහබ්වාදය” පිළිගන්නවාද? ප්‍රතික්ෂේප කරනවාද? යන ඉතා වැදගත් ප්‍රශ්නයට පිළිතුරු ඉල්ලා සිටි අතර මෙම ප්‍රශ්නය රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මීට ඉහතදී අවස්ථා ගණනාවක දී මාධ්‍ය හමුවල මෙන්ම ප්‍රසිද්ධ සංවාදයන්හි දී විමසා ඇති නමුත් අද වනතුරු ඊට ප්‍රතිචාර දැක්වීමට ජමයතුල් උලමා සංවිධානය අපහොසත් වී ඇත.

අද (9) දින සමස්ත ලංකා ජමයතුල් උලමා විසින් මාර්ගගත මාධ්‍ය හමුවක් (Virtual media conference) පවත්වන ලදි. එහිදී එම සංවිධානය විසින් ඉස්ලාම් අන්තවාදයේ ප්‍රධානතම මතවාදය වන “වහබ්වාදය” පිළිබඳව කිසිදු අර්ථකතනයක් ලබා නොදී අවධානය වෙනතකට යොමු කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිදාන ඉස්ලාමයට පටහැනි සංවිධාන බවට උලමා වෙනුවෙන් කරුණු දැක්වූ පුද්ගලයින් සඳහන් කරන ලදි. එය එසේනම් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වන මතවාදය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඉස්ලාම් වියතුන්යැයි කියා ගන්නා උලමා සභාව ද වහබ්වාදය වැළඳගෙන සිටීම නිසා නොවේ ද යන සැකය ජනතාවට මතුවේ.

2019 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස මීට ඉහතදී මාර්ගගත ක්‍රමයට පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජමයතුල් උලමා ලේකම් නුරාමිත් විසින් ප්‍රකාශයක් සිදුකරන ලදි.

ඒ අනුව රජය වහාම ඔවුන්ගේ ඉල්ලීමට කන්දී ප්‍රථමයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ලබා දුන් ප්‍රධානතම නිර්දේශය ක්‍රියාත්මක කල යුතුය.

“වහබ්වාදය තහනම් කළ යුතු දෘෂ්ටි වාදයක් ලෙස විමර්ශන කොමිසම විසින් හඳුනාගෙන තිබේ.”
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිටු අංක 398

“ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන පදනම වන්නේ තවුහිද් (වහබ්) දෘෂ්ටිවාදය”
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිටු අංක 474

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය “වහබ්වාදය” පිළිබඳව වචනයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන පදනම ඔවුන්ද පිළිගන්නා නිසා යැයි උපකල්පනය කළ හැකි බැවින් තවදුරටත් ඉස්ලාම් සමාජය “වහබ්වාදය” වෙත කැන්දාගෙන යාම නතර කිරීම සඳහා රජය මැදිහත්වී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හඳුනාගෙන ඇති පරිදී ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන පදනමට තිත තැබීමට කටයුතු කල යුතුය.

තෙරුවන් සරණයි…!!!
බොදු බල සේනා මාධ්‍ය අංශය.

Related posts

“මා ජනපති ලෙස සිටින තුරු යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි” – ජනපතිගෙන් හමුදාවට පොරොන්දුවක්

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday

කෝප් සහ කෝපා කමිටුවට නම් කළ සාමාජිකයින් මෙන්න

colombotoday

අප්‍රේල් 01 සිට අලුත් වැට් බද්දක්.. ආදර්ශය ඝානාවෙන්

colombotoday