Businessfeatured

තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් ගත් තහනම් නියෝගය අධිකරණය අත්හිටුවයි.

තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් සමාගම විසින් ගත් තහනම් නියෝගයක් අත්හිටු වීමට ගාල්ල සිවිල් මහාධිකරණය ඊයේ (22) තීන්දු කර ඇත.

රක්ෂණ වන්දි ලබාදීම ප්‍රතික්ෂේප කල පාරිභෝගිකයෙකු, තම සමාගමට විරුද්ධව අදහස් දැක්වීම වළක්වාලමින් මීට ඉහතදී Allianz ඉන්ෂුවරන්ස් සමාගම විසින් තහනම් නියෝගයක් ලබාගෙන තිබිණ.

සංජය මහවත්ත නමැති රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ කාර් රථය අනතුරට ලක්වීමෙන් පසු ඒ සඳහා රු.98 000 ක රක්ෂණ හිමිකම් ලබා දීම Allianz ඉන්ෂුවරන්ස් සමාගම ප්‍රතික්ෂේප කර ඇත. ඊට විරුද්ධව කතා කිරීම වළක්වාලමින් ගාල්ල අධිකරණයෙන් අදාළ සමගම තහනම් නියෝගය ගෙන තිබුණි.

සංජය මහවත්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න , නීතිඥ භාග්‍යා හේරත්, නීතිඥ සඳරුවන් සේනානායක යන මහත්ම මහත්මීන් පෙනී සිටි අතර Allianz ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝනාල්ඩ් පෙරේරා සමග නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදි.

Related posts

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday

අල සහ ලූනු රු. 20 කින් ඉහලට

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday

විශේෂ ඇඳුමකින් රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි

colombotoday