Colombo Today Local NewsHot News

උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලා

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ, ගැටුම ඇති කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම අමිත්ට බල කර තිබෙන බවත් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඊයේ (මැයි 21) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129ක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. එයින් 105ක් තවමත් අත්අඩංගුවේ පසු වෙන්නේ. ඔවුන් නිදහස් කරන්නෙත් නෑ. නඩු පවරන්නෙත් නෑ. මහ සොහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. අනිත් 104 දෙනා පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. සැබැවින්ම කලබල කළ අය අත්අඩංගුවට ගෙන නැති බවත් අත්අඩංගුවට ගත්තේ කලබල සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නොමැති අය බවත් සිංහල සංවිධාන ඇවිත් මා දැනුම්වත් කළා. ඒ අනුව මම අනුරාධපුරයේ සහ පල්ලේකැලේ බන්ධනාගාර වලට ගිහින් මේ අය මුණ ගැසුණා.

මේ පිරිස අතරේ පන්ති අවසන් කර ගෙදර යන ළමයි ඉන්නවා. බිරිඳට දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව අමාරු වුණු නිසා රෝහලට ගෙනි යන්න ත්‍රිරෝද රථයක් ගෙන යෑමට පැමිණි සැමියෙක්. බඩගින්නට කොත්තුවක් මිළ දී ගැනීමට පැමිණි පොලිස් නිලධාරියෙක් සහ හමුදා භටයින් දෙදෙනෙක් මේ අතර ඉන්නවා. මේ අය කර ඇති එකම වරද වන්නේ සිසිටීවි කැමරාවන් ගේ මුහුණ සටහන් වෙන අයුරින් පාරේ ගමන් කිරීමයි.

අමිත් වීරසිංහ ප්‍රකාශ කරන අයුරින් මහ සොහොන් බලකාය මේ කාරණයට සම්බන්ධ කර ගන්නේ පොලිසියමයි. ගැටුම් ඇති විය හැකි බැවින් සිංහල තරුණයින්ට කතා කර තත්වය පාලනය කිරීමට උදව් කරන මෙන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති අමිත්ට දුරකතනයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමයි අමිත් සම්බන්ධ වෙන්නේ. මේ කතාවේ ඇත්ත නැත්ත අමිත්ගේ දුරකතන බිලක් පරික්ෂා කර දැන ගන්න පුළුවන්. ඒ අය ගැටුම පාලනය කිරීමට උත්සහ දැරුවත් මුහුණු වසා ගත් පිරිසක් ගැටුම් ඇති කළා. ඒ අය පාලනය කරන්න පොලිසිය කිසිම උත්සාහයක් ගත්තේ නෑ.

තෙල්දෙණිය සහ දිගන අතර දුර කිලෝ මීටර් 5ක්. තෙල්දෙණියේ සිට මුස්ලිම් කඩ පිරි දිගන බලා කලහකාරි පිරිස පිටත් වන විට දෙසීයක් පමණ සිටියේ. දිගනට යෑමට පැයක් පමණ ගත වෙනවා. නමුත් පොලිසිය ඒ පිරිස මග දී නතර කරන්න උත්සාහ කරන්නේ නෑ. පොලිසිය මැදිහත් වෙන්නේ දිගන හන්දියේ දී. ඒ වන විට පිරිස දහස ඉක්මවා ගිහින් ඉවරයි.

ගැටුම වර්ධනය වන අයුරින් පොලිසිය හැසිරුණු ආකාරය පිලිබඳ අත්අඩංගුවට පත් අය දිගු විස්තරයක් කළා. ඒ නිසා මෙය 1983 ජූලි කලබල වගේම දේශපාලන උවමනාවක් මත ඇති කළ ගැටුමේ වරද අවසානයේ සිංහල පිරිස් මත පටවලා කිසිදු අයුරකින් සම්බන්ධ නොවු පිරිස් පවා අත් අඩංගුවේ රදවා ගැනීම අතිශ්‍යයින්ම බරපතල වරදක් කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. මෙම ගැටුමේ ඇත්ත තත්වය දැන ගැනීමට නම් ආණ්ඩුව අනිවාර්යෙන්ම විශ්වාසනීය පුද්ගලයින්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කළ යුතුමයි. අර අගමැතිතුමන් බැදුම්කර සිද්ධිය සම්බන්දයෙන් පත් කළ කොමිසම වගේ නැතුව ස්වාධීන විශ්වාසනීය පුද්ගලයන් ගෙන් සමන්විත කොමිසමක් පත් කළ යුතුමයි. මේ අතරේ බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් ද කොමිසමක් පත් කලොත් ඇත්තටම වගකිවයුත්තන් කවුද කියා දැන ගත හැකියි.”

Related posts

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

colombotoday

අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

colombotoday

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථ අනතුරක්.. සිව් හැවිරිදි දියණිය සහ පියා මරුට

colombotoday

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

Admin