Colombo Today Local News

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාවලපිටිය එජාප ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය පස්‌බාගේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රී එම්. එස්‌. රත්නසිරි මහතාගේ හිසට පිස්‌තෝලයක්‌ තබා මරණ තර්ජනය කළේ යෑයි රත්නසිරි මහතා නාවලපිටිය පොලිසියට 10 වැනිදා රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.

තම නිවසට පැමිණ ඇති අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම මරණ තර්ජනය කළේ තම බිරිඳ, දියණිය හා තවත් හිතවතකු නිවසේ සිටියදී බව සභාපතිවරයා කළ පැමිණිල්ලේ දැක්‌වේ.

තමාට බැණ වැදී නාවලපිටියේ දේශපාලනය කරන්නේ අලුත්ගමගේලා පමණයි කියා මන්ත්‍රීවරයා කී බවත් තමන්ට විරුද්ධ වෙනවා නම් මරාදමන බවත් කියා පිස්‌තෝලය හිසට තබා තර්ජනය කළ බවත් එවිට බිරිඳ ඉදිරිපත්ව මන්ත්‍රීතුමා මේ පාර දිනුවේ අපේ මහත්තයා වැඩකළ නිසා බව කියා පැවසූ බවත් සභාපතිවරයා සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය සමග නාවලපිටිය නගර සභාව එජාපය පිහිටුවූවත් එහි නගරාධිපති ධුරයට පත් සසංක සම්පත් (රංග) මහතා සමග මන්ත්‍රීවරයා පවතින අමනාපයක්‌ නිසා කණ්‌ඩායම් දෙකක්‌ බිහිවීමේ ප්‍රතිඵලය මෙම ගැටුමට හේතු වී ඇති බව පරීක්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳව විමසීමට පෞද්ගලික දුරකථනයට හා කාර්යාලයට කතා කළත් ප්‍රතිචාරයක්‌ නොලැබුණි. මන්ත්‍රීවරයා තර්ජනය කරන අයුරු හඬපටයක ද සඳහන්ව ඇත. නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

Divaina

Related posts

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

colombotoday

රිෂාඩ්ගේ මෙහෙකාර දැරිය මියයාම; පරීක්ෂණ කඩිනම් කරන්න යැයි ඇමති වීරසේකරගෙන් නියෝග. සිරුරත් යලි ගොඩ ගන්නා හැඩ

colombotoday

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday