Articles

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ජන්මදිනය අදයි

ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ. ශ්‍රී ලංකා ජාතික ගීයවන “ශ්‍රී ලංකා මාතා” නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී.සී.පී.ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ සන්ටිනිකෙටන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.

1937 දී,උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් “එන්ඩද මැණිකේ” ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු “නමෝ නමෝ මාතා” ගීතය රචනා කරන ලදී .පසුව මේම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන “එන්ඩද මැණිකේ” ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් විදිහට මෙය දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී.1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:

  • පොඩිමල් එතනෝ
  • විලේ මලක් පිපිලා
  • පොසොන් පොහොදා
  • අහසේ මැදුර
  • සුනිලා ගුවනේ
  • පුන්චි සුදා
  • නිල්වලා ගගේ
  • සුමනෝ
  • පුදමු කුසුම්
  • සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී…………………….

1952දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මණයක් වන “නමෝ නමෝ මාතා”‘ (රචනාකරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම්කරන ලදී.” නමෝ නමෝ මාතා ” ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ “නමෝ නමෝ නමෝ මාතා…..” යනුවෙනි. පසුව එය ” ශ්‍රී ලංකා මාතා” යනුවෙන් වෙනස් කරන ලදී..
1962 අප්‍රේල් l 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය . ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ .

Related posts

“රනිල් වනාහී නුතනත්වයේ දාසයෙකි.. ETCA අත්සන් කිරීමට යාමේ හේතුව එයයි” – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

රට දැය මුහුණ දී ඇති සාපය අවසන් කරන්නේ කෙසේද? අනගාරික ධර්මසේකරතුමා

colombotoday

SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

ඉරානයම කම්පා කළ නොම්මර එකේ ප්‍රහාරකයා – MQ-9 Reaper

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday