Colombo Today Local NewsTop Stories

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

සුදු කරපටි හොරු ලංකාව නැති කල බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කටුගම්පොල ආසනයේ අද (9) පැවති ජනහමුවකට සහභාගී වෙමින් සඳහන් කර සිටියා.

හිටපු මුදල් ඇමති හැංගිලා

දැන් තමුන්නාන්සේලා දන්නවා පහුගිය ආණ්ඩුව මහබැංකු බැඳුම්කර නිකුතුවක් කියලා කෝටි ගාණක් හොරමැරකම් කෙරුවා. ඒ හොරමැරකම් කරපු නිසා ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. අද ඔය ගොල්ලෝ දකින්න ඇති වරෙන්තු නිකුත් කරලා තියෙනවා හිටපු මුදල් ඇමතිට. දැන් හිටපු මුදල් ඇමති හැංගිලා. පොලිසියට හොයා ගන්න බෑ. ඉතින් මේ නිසා රට බංකලොත් වුණා. බැඳුම්කර ක්‍රියාවලිය නිසා රටේ බංකොලොත්භාවය ඇති වුණා. ඒ බංකොලොත්භාවය නිසා තමයි අපිට තේරෙන්නේ සල්ලි නෑ කියලා. සල්ලි නෑ කියලා කෑ ගහන්නේත් ඒ නිසයි.

හරියාකාරව අපේ රට ගොඩ නැගුන නං, නීත්‍යානුකූලව රටේ කටයුතු සිදු උනානම්, කිසිම දවසක අපේ රටේ මේ තරම් නැතිබැරිකම් ඇති වෙන්නෙ නෑ. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි ඒ වෙලාවේ ඒ කාර්යය කරපු මහබැංකු අධිපතිවරයාත්, එයාගෙ බෑනත්, ඒවට උල්පන්දම් දුන්න ඇමතිවරුත් යන අය. මොකද හොරු හොරු කියලා අපිට කෑ ගගහා ඉදලා… හොරු හොරු  කියලා බොරුවට දෙස් දෙවොල් තිබ්බේ අපේ කට්ටියට. දැන් මේ ගොල්ලොන්ට මොන වචනද කියන්න ඔනෑ කියලා මම කියන්න දන්නෙ නෑ. හොද අය ද  නැත්තම් හොද අය නෙවෙයිද? කිසි දෙයකට උත්තර දෙන්නෙ නෑ. මේ දවස් වල හැංගිලා ඉන්නේ.

සුදු කරපටි හොරු තමයි ලංකාවේ නැති කෙරුවේ.

මේ නිසා අපි මොනවා කතා කළත් රට ඇතුලෙ, රාජ්‍යය විසින් උවමනාවෙන්ම කරපු මේ සුදු කරපටි හොරකම් වලට තිත තියන්න ඕනේ. සුදු කරපටි හොරු තමයි ලංකාවේ නැති කෙරුවේ. ගමේ අහිංසක මිනිස්සු නෙවෙයි. ගමේ අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ගියේ සුදුකරපටි හොරුන්ගේ හොර වැඩ නිසා. මේවා නවත්වන්න අපි තමුන්නාන්සේලා සියලු දෙනාම ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනේ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය. අපි යමක් කරනවා නම් නිවැරදි ලෙස කරමු. වියදම් කරනවනම් ආණ්ඩුවට පාඩු නොවෙන්න කරමු. හොරමැරකම් කරන්න අපි කොයි වෙලාවකවත් කටයුතු කරන්නේ නැහැයි කියන එක තමුන්නාන්සේලාට ඉතාම ආදරයෙන් දයාවෙන් ගෞරවයෙන් මම මතක් කරන්න කැමතියි.

මම හොරමැරකම් කරන්න කවදාවත් පෙලඹුණේ නෑ. ලංකාවේ වනාන්තර රක්ෂිත වනාන්තර බවට පත් කෙරුවේ මගේ කාලෙදී.

ඒ නිසා මේ මැතිවරණයේදී තමුන්නාන්සේලා සියලු දෙනාම එකතුවෙලා අපිට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න පාර්ලිමේන්තුවට නැවත සැරයක් පය තබන්න. මම දැන් අවුරුදු විසි හයක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. විශේෂයෙන් මම ඒ හැම අවස්ථාවකම නියෝජනය කළේ කටුගම්පොළ ආසනය. කටුගම්පල ආසනය නියෝජනය කරමින් ම තමයි මම ආයෙත් සැරයක් මේ මැතිවරණයට එන්නෙ. මම  මන්ත්‍රීවරයෙක් හැටියටත් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් ලංකාවෙ අමාත්‍යාංශ ගණනාවක් භාරවත් වැඩ කෙරුවා. මම වැඩ කරන කාලේ ඉතාමත්ම හොඳ වැඩකොටසක් කෙරුවා. හොරමැරකම් කරන්න මම කවදාවත් පෙලඹුණේ නෑ. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි, ඔය ලංකාවේ තියෙන ප්‍රධාන වනාන්තර… විල්පත්තුව ඇරුනහම, මඩු ඇතුළු  අනෙක් සියළුම වනාන්තර රක්ෂිත වනාන්තර බවට පත් කෙරුවේ මගේ කාලෙදී. මම තමයි ඒ ඔක්කොම කෙරුවේ. ඒව කෙරුවේ නාගතයේදී ප්‍රයෝජනයට ගන්න. සතා සිවුපාවාට ඉන්න සහ අපේ රටේ වැස්ස ඇතිවීම සඳහා අවශ්‍ය කරන වනාන්තර ආරක්ෂා කරගැනීමටයි.

Related posts

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

“ගෝඨාභය රජ වුණොත් මා බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යයට පැන යනවා“ – නිර්මාල් රංජිත්

colombotoday

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

colombotoday

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

colombotoday