Colombo Today Local Newsfeatured

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂයෙන් වෙන්වී පැමිණෙන චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ මන්ත්‍රී කණ්ඩායම ද එකතුව අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ මෙහෙයුමක් මේ වන විට සිදුවෙමින් පවතින බවට කතාබහක් ඇති වී තිබෙනවා.

මෙම අන්තර්කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ නම මේ වන විට යෝජනා වී ඇති බවත් අන්තර්කාලීන ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා මේවනවිට ඔහු නායකත්වය ලබා දෙමින් සිටින බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත්, අදාළ කණ්ඩායම සතුව තවමත් රජයක් පිහිටුවීම සඳහා බහුතර බලයක් නොමැති අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ද සමගින් මෙම අන්තර්කාලීන රජය සඳහා සහයෝගය පළකිරීමට සූදානම්ව සිටින බවත් වාර්තා වේ.

Related posts

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

කතානායක රූකඩයක්.. ඔහු හසුරුවන්නේ ජොන්ස්ටන් – ඒකාධිපති පාලනය ගැන සජබ මන්ත්‍රි චමින්ද විජේසිරි කියයි

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව්කරුවන් මාෆියාවක – කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන් ද ජාවාරමට හවුල් බවට සැයක්

colombotoday

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday