Colombo Today Local News

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකියි. | විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුළ බැක්ටීරියාවන් සහ කෘෂුද්‍ර ජීවී වර්ග ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කළ හැකි බවයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා මාළුවෙකු අමුවෙන් ආහාර ගැනීම මෙරට දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරයි.

මාළු ආහාරයට ගන්නේ නම් අනිවාර්යයෙන්ම හොදින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙස වෛද්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මාළු අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙයි.

Related posts

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

colombotoday

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday