Colombo Today Local News

“පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් රට පුරා, තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න”

මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ලාභ උපයන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ Apartment හෙවත් තට්ටු නිවාස සාදා විකිණීමේ ව්‍යාපාරයයි. මෙවැනි තට්ටු නිවාස සෑදීම සදහා ආයතන කිහිපයකින් නිසි අවසර පත් ලබා ගත යුතු වුවද සමහර සමාගම් ඉදිකරනු ලබන මෙවැනි තට්ටු නිවාස සදහා ගත යුතු අවසර ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයට බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු වී ඇති බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

බස්නාහිර පළාතේ මෙවැනි තට්ටු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 500 ක් සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇති අතර ඒ අතරින් සමහර තට්ටු නිවාස ව්‍යාපෘති සදහා අවසර ලබා දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරීන් පවා දැනුවත්ව නැති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විතානගේ මහතා සඳහන් කර සිටින්නේ. කෙසේ වෙතත්, අදාල අනුමැති ලබාදීම සදහා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරියාගේ අනුමැතිය අත්‍යවශ්‍ය සාධකයකි.

සාමාන්‍යයෙන් මෙවැනි තට්ටු නිවාස සදහා පාරිභෝගිකයා මුදල් ගෙවනු ලබන්නේ තට්ටු නිවාස ඉදිකිරීමට ප්‍රථමය. එම නිසා ශ්‍රී ලංකාවාසී සියලුම පාරිභෝගිකයින්ගෙන් එම සංවිධානය ඉල්ලා සිටින්නේ මෙවැනි තට්ටු නිවාස මිලදී ගැනීම සදහා මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි.

හිමිකරුවන් දේශපාලකයින් සමග සිටින ඡායාරෑප පෙන්නගෙන කූට ව්‍යාපාර කරනවා

මෙසේ කූට ව්‍යාපාරවල යෙදෙන සමහර සමාගම් වල වෙබ් අඩවිවල එහි හිමිකරුවන් දේශපාලකයි සමග සිටින ඡායාරෑප දැකගත හැක. ඒ සමගම ඔවුන් ප්‍රකාශ කරන්නේ සමහර අමාත්‍යවරු තමන්ගේ මිතුරන් බවයි. එසේ කරනු ලබන්නේ පාරිභෝගිකයින් ගොනාට ඇන්දවීමට බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මීට පෙර මෙරට පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් F & G සමාගම, සක්විති රණසිංහ වැනි විවිධ සමාගම් වලට රැවටී තම මුදල් විනාශකර ගත ආකාරය සිහිගන්වන අතර තමා දුක්මහන්සියෙන් උපයාගත් මුදල් එවැනි ව්‍යාපාරවල ආයෝජනය කල පිරිස් අද තමන්ගේ රෝගයට බෙහෙත් පවා ලබා ගැනීමට නොහැකිව අසරණව කල් ගෙවයි.

එසේ නීත්‍යනුකූල අවසර ලබා නොගෙන ඉදිකර ඇති තට්ටු නිවාස පිළිබද විස්තර තම සංවිධානය ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වෙන බවයි විතානගේ මහතාගේ අත්සනින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.

Related posts

මන්ත්‍රීවරුන්ගේ හැසිරිම නින්දිතයි – බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කියයි

colombotoday

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ | සායනික පරීක්ෂාවෙන් පැණිය ෆේල්

colombotoday

“දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

colombotoday

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday

අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා – ඥානසාර හිමිගෙන් ජවිපේට සැර පහරක්

colombotoday