ArticlesColombo Today Local News

අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1

හැඳින්‌වීම

රනිල් වික්‍රමසිංහ: ආ එන්න එන්න සන්නස්ගල, කොහොමද පොසොන් එක?
උපුල් සන්නස්ගල: ඔහේ ගෙවිලා ගියා සර්…
ර: ඕක තමයි ලංකාවේ ප්‍රථම ආක්‍රමණය
උ: ඔව්, ඔව්, ඇත්තම නේන්නම් සර්, අපි ඕක ප්‍රසිද්‌ධ කරමුද?
ර: අපොයි, තමුසෙට නම් දේශපාලනය කරන්න බැහැ!

මේ එක් පොසොන් පොහොය දිනකට පසුදා රෑ දොලහට පමණ රනිල් එන්න කියා ඔහුගේ නිවසට ගිය උපුල් ශාන්ත සන්නස්ගල හා රනිල් අතරවූ දෙබසක් සන්නස්ගල විසින් නැවත මාධ්‍යවේදිණියකට කියූ හැටිය.

උපුල් මාධ්‍යවේදිණියට: මේ ප්‍රශ්ණය ඇහුවේ මහින්ද රාජපක්‍ෂ නම් ඊට උත්තර දෙන හැටි මං දන්නවා. මොකද මං ඔහු ගැන දන්නවා. මං කියනවා ඔබේ නමත් මහින්ද, මිහිඳු හාමුදුරුවන්ගේ නමත් මහින්ද යනාදී වශයෙන් ….. එහෙත් රනිල්ට මොන විධියේ උත්තරයක් දෙන්නද කියලා මට හිතා ගන්න බෑ. ඒ නිසා මං ඇඟබේරෙණ උත්තරයක් දුන්නා…

තම 2020 චන්ද ව්‍යාපාරය අරඹමින් ලඟදී පන්සලකදී රනිල් කියා සිටියේ ලංකාව කොරෝනාව පැතිරීමෙන් බේරුණේ බුද්‌ධ ධ‌ර්‍මය නිසා බවත්, බුද්‌ධාගම රැකගත යුතු බවත්‌ය. බුද්‌ධ ධර්‌මය නොපිළිපැදීමෙන් කොරෝනාව ආවා මිස, එය පැතිරීම පාලනයවූයේ ගොඨාභය බලයේ සිටි නිසා ගත් තීරණ නිසාය. රනිල් එය හොඳාකාරවම දණී. කෙසේ වෙතත්, මේ සිද්‌ධි දෙක එකට ගලපා ගත් විට බෞද්‌ධයින් හිත හොඳ ගෑණුන් සේ සළකා මේ සිංහල කළුසුද්දන් ගෙන යන මගඩිය එලිවන්නේය. පොසොන් පෝය දවස ලංකාවට සිදුවූ ඉන්වේෂන් එකක් ලෙස හිතන මිනිහෙක් බෞද්‌ධයෙක් වෙන්න පුළුවන්ද? රනිල් විසින් පෘතුගිසීන් ලංකාවට ඇවිත් අවුරුදු 500 පිරෙන එකට පෘතුගාල අගමැති කොළඹට වඩම්මවා සමරන්න ප්ලෑන්කලා මතකද? මේවා මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානක ජාතිද්‍රෝහී සිතුවිලි නොවේද? ලංකාව අද වනවිට මරු කටකට, නරා වළකට වැටී ඇත්තේ කෛරාටික හොර මෙවැනි දේශපාලකයින් නිසාය. මෙවැනි රනිල්ලා සිය ගණනින් ලංකාවේ සිටියේය. සිටින්නේය.

මෙවැනි කතා රටේ සාමාන්‍ය ජනයා ඉදිරියට ගෙන ගොස් මේ අයගේ නියම ස්වභාවය එලිකරන ලිපි ලංකාචේ සිංහල භාෂා පුවත් පත් පල කරන්නේ නැත. එසේ එලිකිරීම මළවුන්ට හෝ නොමළත් මළ අයට හෝ අපහාස කිරීමක් නොවේ. මේ පත්තර අයිති අර්‌ධ ක්‍රිස්තියානී අයටද? ජනාධිපති ගෝඨාභය විසින් මෙම කැත දේශපාලන ක්‍රමයෙන් ගොඩaේමට පියවර ගනිමින් සිටිනා හෙයින් මෙවැනි සිද්‌ධීන් පිටිපස ඇති සත්‍ය කතාව පෙන්‌වා දිය යුතුයයි මට සිතෙන්නේ ඔහුට විරුද්‌ධව කට කැඩිච්ච කතා (බෑඩ් මවුතින්) කියන පරණ යහපාලන කාරයින් විශාල පිරිසක් සිටින නිසාය.

තොංඩේස්‌වරන් කෝවිල කෝ?

මේ සඳහා පලවෙනි මාතෘකාව ලෙස තෝරා ගත්තේ නැඟෙනහිර පලාතේ පුරාවිද්‍යා නටබුන් සම්බන්‌ධයෙන් පත්කල ජනාධිපති කාර්යසාධක බලකායට අදාලව, ටී.එ‌න්.‌ඒ. එකේ සම්බන්‌ධන් මහතා විසින් ජනාධිපති ගෝඨාභයට යැවූ පෙත්සමය (කලම්බු ටෙලිග්‍රාෆ්, ජූනි 17). මෙම පෙත්සමේ ඇති එකම අළුත් දෙය නම් දකුණේ, තොංඩේස්‌වරම් නම් ශිව දේවාලයක් තිබී ඇත යන ඔහුගේ එලිදරව්වය. ඊට අමතරව එය හඬනගා දෙන සංඥාව නම්, 1921-24 දී ආරම්භවුණ දෙමළ බෙදුම්වාදය (හා දැන් 2019 පාස්කු ප්‍රහාරයෙන් නග්නවූ ශාරියා මුස්ලිම් ආක්‍රමණය) ජය ගත යුතුවන්නේ මතවාදයෙන්ම නොවේද යන්නය.

දෙමළ මෝසස් (ගාන්‌ධි) ත්‍රස්තවාදියෙක් වීම

දෙමළ බෙදුම්වාදයේ ඉතිහාසයේදී, චෙල්වනායගම් විසින් 1975 දී ශිවරාම් නම් ත්‍රස්තවාදියාගේ පිලිරුවකට මල්මාලා දමා ගත් තීරණයවූයේ ඒ සඳහා මාරාන්තික සටනක් කල යුතුය යන්නය (1977 චෙල්වා මළ විට, ඔහු දෙමළ මෝසස් යයි කිව්වේ ලක්‍ෂ්මන් වික්‍රමසිංහ නම් (රනිල්ගේ බාප්පා) පාදිලිතුමාය. 1976 වඩුකෝඩ්ඩෙයි ප්‍රකාශණයේ හරය එයය. මේ සටන අවසන්‌වූයේ 2009 මැයි 19 දා නන්දිකඩාල් කලපුවේ මඩගොඩෙන් ප්‍රභාකරන්ගේ මිණිය හොයාගැනීමෙන්‌ය. එතැන් සිට 2019 නොවැම්බර් දක්‌වා ගතවූයේ බෝම්බයෙන් බැරිවූදේ පෑණෙන් ලබා ගැනීමේ හීතල යුද්‌ධයකි. මෙහිදී, මේ යුද්‌ධය නම් කවදාවත් දිනන්න බෑ, යයි කී පිරිස් යලි එකතුවී කල නොයෙක් දේ අතරින් එකක් නම් 1994-2000 කාලයේ චන්ද්‍රිකා නෝනාගේ නීලන්-ජී.‌එ‌‌ල් පැකේජ් ඩීල් වලට නැවත උජාරුවෙන් ඔක්‍ෂිජන් පිඹීමය. ඒ සමඟ ඇමෙරිකාවේ මිලේනියම් ට්‍රෝජන් අශ්වයා ගෙන ඒමටද ක්‍රියාකලේ, ලංකාව යකාට ගියත්, සිංහලයා මකබෑ වුනත්, ඊළමක් ලැබෙනවා නම් එවැනි ඕනෑම දෙයකට දෙමළ බෙදුම්වාදීන් සපෝට් නිසාය. මේ දෙකට අමතරව ගෙනගිය ව්‍යාපාරය නම් ගෝඨාභය දමණයය.

ගෝඨා දමණය

2006 දෙසැම්බර් 1 දා ඔහුව ඝාතනය කිරීමට පිත්තල හන්දියේදී ගත් උත්සාහයේ සිට දියවන්නා හෝටලයේ දොර යළි ඇරගන්නට සිතා සුප්‍රිම් උසාවියට ගොස් පිටිපස්ස බිම ඇනී යාම දක්වා‌ත් (2020, ජූනි 2), ඉන්පසු ස්විස් තානාපති කාර්යාලයේ කිඩ්නැප් මගඩියෙන් පවාත්, දෙමළ, මුස්ලිම් හා සිංහල යහපාලනකාරයින්, දෙස්-විදෙස් එන්.‌ජී.ඕකාරයින්, ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය සංගමය යන කොටස්, ගෝඨාභය දේශය-පාලනයට ඒම වැළැක්‌වීම සඳහා නොකල දෙයක් නැත. නියම වශයෙන්ම හිට්ලර් ඇදහූයේ ආර් ප්‍රේමදාස වුවත්, ගෝඨාභය ආවොත් හිට්ලර් කෙනෙක් වෙතැයි භීතියක් ඇතිකරන්නට ඔවුන් තැත් කලේය. රාජිත සේනාරත්න කිඹුල් සුදු වෑන් නාඩගමක් පවා පෙන්‌වා දැන් එහි ප්‍රතිපල භුක්ති විඳිමින් සිටී. කොරෝනාව හරහා ඔහුව කොට උඩ යවා ගත හැකියයි සිතුවේ මුස්ලිම් ජනාවාසවල කොරෝනාව වැඩියෙන් තිබීම නිසා, මුස්ලිමුන්ට හිරිහැර කරණවා යන කතාවක් හරහාය. සජිත් ප්‍රේමදාස පරණ පොල්පරාල ඉන්ගිරිස් වලින් මුහුණු පොතටත් ඒ ගැන ලිව්වේය.

හමුදා නිලධාරීන්

පාස්කු ප්‍රහාරය ගැන දැන් එලිවෙන කරුණු අනුව යහපාලනකාරයින් ගල උඩ ඉන්නා බළලුන් වී සිටී. යුද හමුදා නිලධාරීන් කෙතරම් අවශ්‍යද යන්න බන්‌ධනාගාර බල්ලාට ගොස් ඇති තරමින් පෙනී යයි. හිරුණිකා බබාගේ පලල් කට පවා දැන් නිහඬය. මුළු රටම උඩු යටිකුරු කිරීමේ අවශ්‍යතාවය අතිමහත්‌ය. හමුදා නිලධාරීන් සේවයට යොදා ගැණීම යහපාලනකාරයින්ට ඉවසිය නොහැකි වන්නේ ඒ නිසා මෙතෙක් පැවති අශීලාචාර, නොහික්මුණු පාලන තන්ත්‍රය දියවන්නට ආරම්භවී ඇති නිසාය. මෙම උපාය නොරුස්සනම කල්ලිය නම් විග්නේෂ්වරන්, සම්බන්‌ධන් ප්‍රමුඛ දෙමළ බෙදුම්වාදීන්‌ය. මේ අයට, නැඟෙනහිර පුරාවිද්‍යා බලකාය වනාහි නයාට අඳුකොළ වැනිය. උතුරේ වැසියන් හමුදාවට කැමතිවීම ගැන ඔවුන්ට ඇත්තේ බලවත් ඊර්ෂ්‍යාවකට වඩා, දේශපාලන ඒකකාධිකාරය අහිමිවීයාමේ, රස්සාවල් නැතිව යාමේ භයය. කර්‌නල් රත්නප්‍රිය බන්‌ධු වවුනියාවෙන් චන්දය ඉල්ලීම එහි රතු සං‌ඥාවය. සෑම උතුරේ චන්ද කොට්‌ඨාශයකම සෑහෙන පිරිසක් ගෝඨාභයට චන්දය දී තිබුණේය.

රජුන් තැනීමේ සුළු ජාතික මිථ්‍යාව

එහෙත්, ජනාධිපතිවරණයේදී මුහුණ දුන් අන්ත පරාජය ඉදිරියේ, විශේෂයෙන්, දෙමළ, මුස්ලිම් චන්ද නැතුව දිනන්න බෑ යන මිථ්‍යාව හාමුදුරුවරුන් විසින් ශුන්‍ය කිරීමත් සමඟ, සම්බන්‌ධන්ගේ පෙත්සම හාමතේ ඉන්නා නයෙක් දෂ්ට කරන්නට හැදීමක් වැනිය! දෙමළ බෙදුම්වාදයට හෝ ශාරියාවාදයට, සිංහල රටේ සිංහලයා සමඟ එක ගමනක් යාමට නොහැකි බව, වැල්වටාරම් පේලි අතරින්, පෙත්සම්කරුවා විසින්ම ඔප්පුකරයි. දෙමළ නිජබිම සිංහලීකරණය කරනවා යන්න දෙමළ මන්ත්‍රය වන අතර, රට පුරා ඉඩම් ආක්‍රමණය කිරීම ශාරියා ගර්‍භා‌ෂ යුද්‌ධයය. 13 වන සංශොධනය ලාකඩ වලින් පෑස්සු සිංහල-දෙමළ දේශපාලන නායකයින්ගේ සංහිදියාවක් වූයේ ඒ නිසාය.

යා දෙක නොරත රත
සමඟ පෑසීමක් නැත
[ලාකඩ එහෙම නැත
දෙකක් ලංකල විටදි පෑහෙත]

මිස්ටර් ගාන්‌ධි, අපි හරකා මරා උගේ මස් බුදින්නෙමු. නුඹලා හරකාට දේවත්‌වයෙන් වන්ඳනාමාන කරන්නේය. ඉතින් අපි දෙගොල්ලන්ට මිත්‍රයින් වෙන්න පුළුවන්ද?
ඉන්‌දියාවෙන් පකිස්ථානයක් කඩා ගත් මොහමඩ් අලි ජින්නා

වෙනම රටක් [ඊළම] සඳහා කරණ දමිළයින්ගේ [ඊනියා නායකයන්ගේ] නහයෙන් ඇඬීම අත් හරින්නේ නම්, මේ ජනසමාජ දෙකට ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳාගැනීමටත්, මිත්‍රත්‌වයෙන් හා නම්බුකාර ලෙස තවදුරටත් [එකට] ජීවත්‌වීමටත් හැකි වන්නේය.
එම්. සී. සන්සෝනි, අග විනිසුරු (1980 අංක 7, සැසි වාර්‌තාව)

සම්බන්‌ධන්ගේ පෙත්සමේ ඇති බොරු කකුල් පහ

  1. ලංකාව බහු-බහු-බහු-බහු රටකි;
  2. ලංකාවේ පලාත් නවයකි;
  3. නැඟෙනහිර බහු පලාතේ බහුතරය දෙමළය;
  4. කාර්යසාධක බලකාය සිංහල වීමේ අර්‌ථය නම් එය සිංහල බෞද්‌ධයින් උදෙසා යනුය;
  5. අනිකුත් පලාත් හා අනිත් ජනවර්‌ග අත් හැරියේ ඇයි?

ලංකාව බහු ජාතික, බහු භාෂා (සිංහල, දෙමළ, අරාබි?), බහු ආගමික, බහු සංස්කෘතික රටක් වුනත් නැතත්, ටැමිල්නාඩ්, දෙමළාගේ රට මෙන්, ලංකාව, සිංහලයාගේ රටය. සුද්දා විසින් කල පලාත් නවයේ කෘතිම බෙදීම පුරවිද්‍යාවට අදාල නැත. මේ පලාත් නවය වෙනුවට පරිසරයට ගැලපෙන ගංඟා නිම්න වැනි මායිම් සහිත අළුත් බෙදීමක් අවශ්‍යය. නැඟෙනහිර පලාතේ දෙමළ බහුතරයක් සිටීම හා පුරාවිද්‍යාව අතර සම්බන්‌ධයක් නැත. උතුරු-නැඟෙනහිර දෙපලාතේ පුරාවිද්‍යා නටබුන් සංහාරයක් පවතින බවත්, එසේ විනාශ කරන්නේ සිංහල බෞ‌ද්‌ධ උරුමය බවත්, ඊට හේතුව දෙමළ නිජබිමකට පටහැනි ශාක්‍ෂි මකා දැමීමේ අවශ්‍යතාවය බවත්, සිංහලීකරණය නැවැත්‌වීමට නම් මෙය කලයුතු බවත් සම්බන්‌ධන්ලාගේ, සුමන්තිරන්ලාගේ, විග්නේෂ්වරන්ලාගේ පොදු මතයය. කා.සා.බ පත්කලේ මෙවැනි පසුබිමකය. මුහුදු මහාවිහාරයේ හාමුදුරුවන්ට මුස්ලිම් කොල්ලෝ හගන්නට යන වීඩියෝදුටු විට, මඩකලපු මංගලාරාමයේ හාමුදුරුවන්ට එන මරණ තර්‍ජන ඇසූ විට මුස්ලිම් හෝ දෙමළ සාමාජිකයින් ඊට දැමීම, දි. මු. ජයරත්න නම් බුද්‌ධාගම භාර ඇමති හා අගමැති, සම්බුද්‌ධ ජයන්ති සැමරුම් කොමිටියට ලෙබ්බේලා පත්කලා වැනි වන්නේය. පුරවිද්‍යාවේ මුස්ලිම්, දෙමළ නිලධාරීන් සිටී. ඊට අමතරව නැඟෙනහිර පමණක් නොව රටේ ඕනෑම තැනක තිබෙන දෙමළ/මුස්ලිම් පුරාවිද්‍යා ස්ථාන ගැන කෙරෙන ඉල්ලීම් කොමිටියට ඉදිරිපත් කල නොහැකි වන්නේ කෙසේද? මෙතෙක් සිංහලයින් නොදැන සිටි තොංඩේස්වරන් කෝවිල් කතාවම ඊට නිදසුනකි. උවමනාව පුරාවිද්‍යා නටබුන් තිබේ නම් ඒවා රැක ගැනිමද, නැත්නම් සන්සෝනි අගවිනිසුරු දුන් අවවාදය ප්‍රතික්‍ෂේප කර තවදුරටත් දෙමළ ජනයා අමාරුවේ දැමීමද?

අළුත් මාදිලියේ පානදුරා මහාවාදයක් අවශ්‍යය

දෙමළ බෙදුම්වාදය මතවාදයෙන්ම ජයගැනීම කලයුතු මේ නිසාය. ඒ සඳහා අවශ්‍ය බොරු කකුල් නොව, 1873 පානදුරා මහාවාදයෙන් ඔබ්බට ගිය බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය. බන්‌ධනාගාර හුටපටය හා කොරෝනාව, කොසොල් රජතුමාගේ සීන දෑසැය මතක් කරනවා කියන්නේ රටේ අගමැතිලා හා ජනාධිපති ධූර දැරූ අය ගෙනගිය පරණ සෙල්ලම් 2020 න් පසු සිදු නොකිරීමට වග බලා ගැනීමය. එක රටක්, එක නීතියක් යන කතාවට පණ දිය යුතු දැනට බන්‌ධනාගාර ශුද්‌ධ කරණ ක්‍රමයටමය. මේවා හරියට මදුරුවන් නැතිකරන්නට වළක වතුර හිස්කරනවා වැනි ක්‍රියාය. භෞතික හා මානසික උත්තේජක (ඉන්සෙන්ටිව්ස්) ඉවත් කිරීමය. ඒ කෙසේද යත්:

  1. සිරිමාවෝ අගමැතිනි කාලයේ, ඇගේ නොදන්නා කමටම, බදිුද්දීන් නම් ඇගේ අධ්‍යාපන ඇමති විසින් ඉවත් කල, රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යව, නැවත පාසැල් විෂය මාලාවට අනිවාර්‌ය කල යුතුය;
  2. ජාත්‍යන්තර පාසැල්ද ඇතුළු සියළුම පාසැල් සිසුන්ට දෙමළ හා සිංහල අනිවාර්ය කල යුතුය;
  3. ජාති/ආගම අනුව පාසැල් පවත්‌වා ගෙනයාම තහනම් කල යුතුය;
  4. 13 වන සංශොධනය අහෝසි කලයුතු එය දෙමළ බෙදුම්වාදයේ ඔක්‍ෂිජන් බටය නිසාය;
  5. සුද්දාගේ කෘතිම පලාත් නවය වෙනුවට, පරිසර විද්‍යාවට අනුකූලවන අළුත් පරිපාලන ඒකක ක්‍රමයක් (ගංඟා ද්‍රෝණි අනුව) පිහිටුවිය යුතුය;
  6. ජාතිවාදී දේශපාලන පක්‍ෂ තහනම් කල යුතුය;
  7. දෙමළ බෙදුම්වාදී පක්‍ෂ නායකයින් නොව, දෙමළ (හා අනිකුත්) ජනතාව නියමාකාරයෙන් බල ගැන්‌වීම සඳහා ජන සභා (ජන මූල සභා) එකතුකල ග්‍රාම සේවා ඒකක මට්ටමින් හෝ ප්‍රාදේශීය සභා මට්ටමෙන් ස්ථාපිත කල යුතුය;
  8. ග්‍රාම සේවා වසම්, භාෂාව, ආගම හෝ කුලය අනුව නොව, ස්වාභාවික නිර්‍ණායක (ඉකොලොජි, භූමි විද්‍යාව) අනුව නැවත සීමා මායිම් කල යුතුය. (ජනාධිපති ප්‍රේමදාස කාලේ අමනොඥ ලෙස ඒවා 4,000 සිට 14,000 දක්වා වැඩිකලේය).

බෙදුම්වාදයට පුරාවිද්‍යාව පටලවා ගන්නට පුළුවන්ද?

පණ අදිමින් සිටින නිජබිම් මිථ්‍යාවට හුස්ම පිඹින්නට, සුනිල් ආරියරත්න විසින් නන්දා මාලිනී සමඟ මැඩ්‍රාස් වල සැගවී සිටියදී හිතට ඇවිත්, කුමණ අරමුණකින් හෝ ලියන ලද, දෙමළ බෞද්‌ධයා නම් සිංහල පොත හරහා, විග්නේෂ්වරන් විසින් ගෙතූ, දේවානම්-තීෂන් නම් ඔල්මාද කතාවකට, නිල වශයෙන් අවකාශයක් ලබාදීමට, වහෙන් ඔරෝ පාරෙන්, උගුරට හොරා බේත් කෑමකට සම්බන්‌ධන් වෑයම් කරයි. අතීතයේදී ලංකාවේ භික්‍ෂූන්ට, දෙමළ නම් ඇති අය ගල්ලෙන් පූජා කල බව අළුත් කතාවක් නොවේ. එවැනි හෝ ඊට වැඩි ව්ස්තර ඇති ශිලාලිපි කීපයක් ශාක්‍ෂි ලෙස යොදා ගනිමින් ලංකාව නමැති දෙමළ බෞද්‌ධයාගේ රට, සිංහලයා විසින් ආක්‍රමණය කලාය යන අදහස, දියේ ගිලෙන මිනිහා පිඳුරු ගහේ එල්ලෙනවා මෙන් බුදුදහමේ එල්ලීමේ ව්‍යාජ උත්සාහයකි. මේ දෙමළ ශිලාලිපි මිහිඳු හිමියන්ට කලින් කෙටූ ඒවා නම් සිංහල බෞද්‌ධ උරුමය නම් සිංහල ඌරාගේ මස්, උගේ මස් ලෑල්ල උඩම කපන්නට නොහැකිද? කොටින්ම කියනවා නම් දෙමළ ඊළමක් සඳහා බුද්‌ධාගමම යොදාගැනීමට ආරම්භයක් ලෙස කාර්යසාධක බලකායට බලපෑම් කිරීම පෙත්සමේ අරමුණය.

දේවානම් පිය-තීෂන්

විග්නේෂ්වරන් කියන අන්දමට හින්‌දු දෙමළුන්ගේ රට සිංහලයින් විසින් යටපත් කරගත්තා නම් දකුණේත් ඓතිහාසික හින්‌දු නටබුන් තිබිය යුතුය. සම්බා තොංඩේස්වරන් නම් සඟවුණු දේවාලයක් හොයන්නේ මේ නිසාය. බොහෝ බෞද්‌ධ නටබුන් රටේ සිංහල රාජ ඉතිහාසය හා බැඳී පවතී. තීෂන්ට පසු දෙමළ බෞද්‌ධ රජවරුන්ගේ හිඟයක් විග්නේෂ්වරන්ට ඇත. බුදුහාමුදුරුවන් දෙමළ බුද්‌ධාගම, උතුරු-නැඟෙනහිර යන සුද්දා මායිම් කල කෘතිම දේශ දෙකකට සීමා කලේ මන්‌ද? කැළණිය, මහියංගණය යන බුදුන් වැඩි ස්ථාන, එක දෙමළ ශිලාලිපියක්වත් නැති ස්ථාන ලෙස, දෙමළ බෞද්‌ධයාට අකැපවුනේ කෙසේද?

දෙමළ බෞද්‌ධයින් සිටියා යන අහිංසක ඓතිහාසික සිද්‌ධිය, ඔල්මාද තීෂන් කතාවක් හරහා ඊළම් ඉල්ලමක් කරගන්නට හදන විග්නේෂ්වරන්ට මුක්කුවක් ගහන සම්බන්‌ධන් (සම්බා), පුරාවිද්‍යා කාර්යසාධක බලකාය පත්කිරීමට හේතුවූ කරුණු මොනවාදැයි සළකන්නේ නැත. බුදු පිළිම එපා යයි විග්නේෂ් කල කී දේ, රෝසි සේනානායක, කොළඹ පුරපති කාර්යාලයේ බුදු පිළිමය ඉවත්කලාට වඩා බරපතලය. කන්නායි (ත්‍රිකුණාමළය) බෞද්‌ධ නටබුන් ප්‍රභාකරන්ලා විනාශ කලාට පසුව 2011 දී ගැෂට් කලත්, එහි හින්‌දු ගැටුමේදී සම්බාලා නිහඬවිය. ගුරුකන්ද විහාරයේ ආදාහන ප්‍රශ්ණයේදී සම්බා සිටියේ විග්නේෂ් අතුළු ක්‍රිස්තියානි පාස්ටර්ලාගේ පැත්තේ නොවේද? දැන් පෙත්සමේදී සම්බා, හින්‌දු-බෞද්‌ධ සුසංයෝගයක් අවධාරණය කරයි.

යහපාලනකාරයින් සිවුරු දඩයමේ යෙදී සිටිද්දී, විල්පත්තු සංහාරයට අමතරව කුරගල හා දෙවනගල පුරාවස්තු වලට ආක්‍රමණය බෞද්‌ධයින් අසරණව බලා සිටියේය. මුහුදු මහාවිහාරයේ ඉඩම් කොල්ලය කෙතරම් උග්‍රවීදයත්, විහාර භූමියට යන පාරේත් පැල්පත් නිවාස හදාලාය. දැන් දෙමළ බෞද්‌ධ උරුමයක් ගැන කතාකරණ සම්බා හෝ හින්දු-බෞද්‌ධ සංහිදියාවක් ගැන ලියන ක්‍රිස්තියානි නිර්‌මලා චන්ද්‍රහසන් (චෙල්වනායගම්ගේ පුතාගේ බිරිඳ හා පෙඩරල් නාගයෙක්ව සිටි නාගනාදන්ගේ දුව) (අයිලන්ඩ්, ජූනි 12), ගුරුකන්ද විහාරයේ (මුලතිව්) හාමුදුරුවන්ට සිදුවූ, වඳින්න ගිය දේවාලය හිසමත කඩාවැටීමේ සිද්‌‌ධියේදී, කලේ කුමක්ද? පාර අයිනේ වැටී තිබූ පුල්ලෙයාර් පිළිමයට ආසනයක් තබා කල ගෞරවය අවසානවූයේ විග්නේෂ්ලා මැදිහත්‌ව පන්සලට උඩින් යන කෝවිල් සභාවක් පිහිටුවීමෙන්‌ය! එය යකාගෙ සංහිඳියාවක් නොවේද? මඩකලපුවේ එකම පන්සල වන මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන්ට දුන් වධය සිංහල බෞද්‌ධ ජනයා පිළිකුල් කලේය.

2 කොටස- චෙල්වනායගම් කියන්නේ ඔල්මාදකාරයෙක් යයි අගමැති බණ්ඩාරණායක 1958
දී කතාව අදටත්, සම්බන්‌ධන්, සුමන්තිරන් හා විග්නේෂ්වරන්ටත් වලංගුය.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

Related posts

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

colombotoday

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

Admin

විල්පත්තු සංහාරය බැදුම්කර හානියට වඩා වැඩියි.. සියළු වංචා දූෂණවලට වඩා බරපතලයි !

colombotoday

“සිංහලුන් විශ්වාස නෑ.. දෙමළ ජනයාට 13ටත් වැඩි බලතල දිය යුතුයි“ – චන්ද්‍රිකා කියයි

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉල්ලයි

colombotoday