Colombo Today Local News

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක්‌ ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක්‌ ඊයේ (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය.

බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම සිදුකර ඇත.

සිද්ධියට අදාළ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙතින් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) පෙරවරුවේ සිට රාත්‍රි 10 පමණ දක්‌වා මෙම සෝදිසි මෙහෙයුම සිදු කළේය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමත් සමඟ මෙම කාර්යාලය වසා දමා තිබිණි.

Related posts

හිස්වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වජිර දිවුරුම් දෙයි

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

colombotoday

හොර සහතික හැදීමේ චෝදනා යටතේ නාමල් කුමාරට නඩු…

colombotoday

විමල් – ජයන්ත දුටුතැන අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

ISIS අවදානම උග්‍රයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තරකරයි

colombotoday