Colombo Today Local News

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන දැනට විදේශයකට පැනගොස් සිටින ‘කළු සාගර’ නැමැත්තාගේ ගෝලයෙක් වන ‘ආමි අමිල’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා 2004 වර්ෂයේ දී වීරකැටියෙ සුනිල්, 2004 වර්ෂයේ දී වීරකැටියෙ ධර්මේ 2005 වර්ෂයේ දම්පල ගජනායක සහ 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය කියයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දංකැටිය ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

41 ක් හැවිරිදි මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

colombotoday

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

colombotoday

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

colombotoday

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday