Colombo Today Local News

අසේල සම්පත් පැහැරගෙන නෑ. – සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක්

මහජන අයිතීන් සුරකීමේ සංවිධානයේ අසේල සම්පත් පැහැරගෙන ගොස් ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගත් බවට තමන්ව දැනුවත් කර ඇති බවට පිළියන්දල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් සිරස ප්‍රවෘති අංශය වාර්තා කර සිටියි.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පවත්වා රුපියල් මිලියන 200 ක් වටිනා නිවසක් ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් මිලදී ගත් බවට අසේල සම්පත් මහතා චෝදනා කර සිටි අතර ඊට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ කීමට අභූත චෝදනා නගන බවයි.

මීට දින කිහිපයකට පෙර එම මාධ්‍ය හමුවේදී සිදුකල චෝදනා සම්බන්දයෙන් අමාත්‍යවරයා විසින් අසේල සම්පත් මහතාට එන්තරවාසියක් ද යවා තිබුණි.

අදාළ මාධ්‍ය හමුව ආවරණය කල මාධ්‍යවේදීන් ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් කට උත්තර සටහන් කරගෙන ඇත.

Related posts

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි එජාපය නිල වශයෙන් දන්වයි

colombotoday

මුහුණු ආවරණ ගැන විමසූ දුම්රිය නියාමකට තඩි බාල

colombotoday

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

colombotoday

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

colombotoday