Colombo Today Local NewsTop Stories

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

මෙවර නිදහස් දිනය සැමරීම සදහා PICK Me ආයතනය විසින් එළි දක්වන ලද ගීතය ජාතික ගීතයට හානිකර බව පවසමින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි නොකර සිටීමට නම් පික් මී ආයතනයෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක්, ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

තැරැව්කරු ලෙස යොදා ගත් පුද්ගලයා පවසන්නේ මෙම ලක්ෂ දහය ඉල්ලා සිටියේ මහජන අයිතීන් සුරැකිමේ පදනම යන සංවිධානයේ හා විටින් විට විවිධ සංවිධාන නමින් පෙනී සිටින අසේල සම්පත් නොහොත් කැන්ටින් අසේල නැමැත්තා බවයි.

PICK Me ආයතනය විසින් එළි දක්වන ගීතය ජාතික ගීය විකෘති කිරීමක් බව පවසමින් අදාළ පිරිසක් පසුගිය දා මාධ්‍ය සාකච්ඡ්වක් සහ උද්ඝෝෂණයක් පවත්වා තිබුනා.

කෙසේ වෙතත් අප වෙත වාර්තාවන ආකාරයට මෙම සිදුවීම යටපත් කිරීම සදහා අදාල පුද්ගලයා තවත් අයෙකු හරහා PICK Me ආයතනයෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ඉල්ලා තිබෙනවා. එහිදී ඉල්ලීම කරන ලද අසේල සම්පත් නැමැත්තා පවසන්නේ තමන් සමග මේජර් අජිත් ප්‍රසන්න, ඇල්ලේ ගුණවංශ හිමි මැදගොඩ අභයතිස්ස හිමි බෙංගමුවේ නාලක හිමි මුරුත්තෙට්ටුවේ ආනන්දහිමි ද සිටින බවයි. ඔහු තවදුරටත් පවසන්නේ අදාල හිමිවරුන් හා රාවණා බලය හා බොදු බල සේනා සංවිධාන සමග එක්ව PICK Me ආයතනයට විරුද්ධව දැඩි පියවරක් ගන්නා බවයි.

එසේ නොකිරීමට නම් හැකි ඉක්මනින් රුපියල් ලක්ෂ දහයක මුදලක් තමන් වෙත ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත.

“පික් මී” ආයතනය පිළිබඳව ගැටළු රාශියක් මීට ඉහතදී සමාජයේ කතාබහට ලක්වුනු අතර එවැනි ආයතනයකට විරුද්ධව පෙනී සිටින බව ජනතාවට පෙන්වමින් මුදල් සෙවීමේ ක්‍රියාවක නිරතව සිටින මෙවැනි පුද්ගලයින් රටටම පිළිලයක්ව ඇත.

මුස්ලිම් ජාතික හිමිකාරිත්වයක් යටතේ ක්‍රියාත්මකවන පික් මී ආයතනය ඔවුන්ගේ “ඇප් එක” හරහා පුද්ගලයින්ගේ තොරතුරු (email, දුරකථන අංක, location) එක්රැස් කිරීමේ හැකියාවක් සහිත ආයතනයකි.

Related posts

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්

colombotoday

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

colombotoday

“නීතිය නොදැන කළ වරදට ඇයට සමාව දෙනු මැනවි” මුස්ලිම් කවුන්සිලය සෞදි රජුගෙන් ඉල්ලයි

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday