Colombo Today Local News

කොවිඩ් දේහවල අවසන් කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය උපදෙස් මත එක නීතියක් යටතේයි. අස්ගිරි මල්වතු පාර්ශ්ව

‍කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නීතිවලට යටත්ව ගතයුතු බව මල්වතු අස්ගිරි විහාර පාර්ශ්ව පෙන්වා දෙති.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පැවසුවේ ඊට සෑම ජාතිකයෙකුම හා ආගමිකයෙකුම එකමුතුව සහය පළකළ යුතු බවය.

“ආදාහනය ද? භූමදානය ද කියලා තීරණය ගන්නේ විශේෂඥවරු. ඒ කටයුතුවලට බාධාවක් හිරිහැරයක් නොකළ යුතුයි.”

ආසාදිතයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය තීරණය කිරීමේ දී ආණ්ඩුව කිසිදු බලපෑමකට යටත් නොවිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමි පවසති.

“ආදාහනයද? භූමදානයද? කියලා ගැටලුවක් මුලින් තිබුණේ නෑ. ඇතැම් දේශපාලකයන් මෑතකාලයේ එය තමන්ගේ වාසිය සඳහා හරවා ගත් ප්‍රශ්නයක් බවට පත්වෙලා. සමාජය තුළ අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණයක කරන්න දරන උත්සහයක් හැටියටයි අපිට පේන්නේ. කොවිඩ් වසංගතය අතරතුර තවත් වසංගතයක් සමාජගත කරන්න එපා කියලා කියන්න ඕනේ. එක නීතියක් මේ සියලු කාර්යයන් සඳහා ක්‍රියාත්මක කරන්න.”

http://tamil.colombotoday.com/?p=22557

Related posts

“ආණ්ඩු කරන්න නෙවෙයි.. මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා“ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

colombotoday

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

colombotoday

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin