Colombo Today Local NewsExclusive :

බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා – විරතු හිමි සමග සිදුකල විශේෂ සාකච්චාව

රේරුකානේ චන්දවිමල මහ නාහිමියෝ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක ධුරය හෙබවූහ. උන්වහන්සේගේ ජීවිත කතාවේ දැක්‌වෙන පරිදි රුපියල් දහයක නැව් ගාස්‌තුවක්‌ ගෙවා එහිමියෝ බුරුමය බලා ගොස්‌ ඇත. බුරුමය හා මෙරට බෞද්ධයන් අතර ඇත්තේ ඉතා ළඟ සම්බන්ධයකි. ස්‌වර්ණමාලී මහ සෑ රඳුන් මත පැළඳවීමට බුරුම බෞද්ධයන් විසින් පූජා කළ චූඩා මාණික්‍යය වනාහි මහඟු වස්‌තුවකි. බුරුම චූඩා මාණික්‍යය පමණ වටිනා වස්‌තුවක්‌ ලංකාවෙහි කිසිම සිද්ධස්‌ථානයකට විදේශීය රජවරයකු විසින් පවා මීට පෙර පූජා කළ බවක්‌ ප්‍රකට නැත. මේ පරිත්‍යාගය සඳහා මූලික වූයේ යු විනයාලංකාර මහනාහිමියන් බව අප හොඳින් සිත් හි තබා ගත යුතුය. රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත ස්‌වර්ණමාලී චූඩා මාණික්‍ය වර්ණනාව හා විනයාලංකාර මාහිමි චරිතය නම් වූ කෘතියේ මේ ගැන වඩා හොඳින් සටහන් වී ඇත. මෙය මුලින්ම මුද්‍රණය වී ඇත්තේ 1940 වසරේදී ය. එහි සංඥාපනය සටහන් කරමින් රේරුකානේ නාහිමියෝ මෙසේ කියති. මේ පොත කියවීම ලංකා බුරුම බෞද්ධයන්ගේ සම්බන්ධය තව තවත් දියුණුවීමට හේතු වනවා ඇත. එබැවින් මෙය සෑම සිංහල බෞද්ධයකු විසින් ම ආදරයෙන් කියවිය යුතුය.

මියන්මාරයට හෙවත් බුරුම දේශයට යැමට විශේෂ අවස්‌ථාවක්‌ අපට පසුගියදා උදා විය. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානයේ දූත පිරිසක්‌ සමගය. ඉකුත් අගෝස්‌තු 25 වැනිදායින් පසුව බුරුමයේ ර‚න් ප්‍රාන්තයේ සිදුවූ මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාර මාලාවෙන් ඉක්‌බිතිව එරට වර්තමාන තත්ත්වය සොයා බැලීමත්, මෙරට බෞද්ධයන් හා බුරුම බෞද්ධයන් අතර පොදු සම්මුතියක්‌ ඇති කිරීමත් මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

07 වැනි අඟහරුවාදා රැංගුන් ගුවන් තොටුපළට අප පිරිස ළඟා වන විට මධ්‍යහ්න දොළහට ආසන්න වී තිබිණි. ඥානසාර හිsමියන්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, ආචාර්ය දිලන්ත විතානගේ ඇතුළු දූත පිරිස පිළිගැනීමට කිහිපදෙනෙක්‌ ම පැමිණ සිටි අතර, ඒ අතර බුරුම ජාතික පC¹සාමි හිමියන් ද, රැංගුන් නුවර වෙසෙන සිංහල තරුණයන් දෙදෙනකු වූ හෂාන් හා ඉන්දික ද විය.

බුරුම බෞද්ධයන් ලංකාවේ දූත පිරිස ඉමහත් ගෞරවයෙන් පිළිගත් බව සටහන් කළ යුතුය. ඥානසාර හිමි පිළිගැනීම සඳහා මා බාතා සංවිධානයේ නායක අශ්වින් විරාතු හිමියන් ද මැන්ඩලේ නුවර හෝටලයට පැමිණ සිටියේ අප එහි ළඟාවීමටත් ප්‍රථමය.

පසුගිය 08 වැනිදා රැංගුන් නුවර පැවැති ‘බුරුමය සුරකිමු’ සම්මන්ත්‍රණයට ද ලාංකික බෞද්ධ දූත පිරිස සහභාගි විය. ලේඛකයන් මෙන්ම හිටපු හමුදා නිලධාරීන් ඇතුළු ප්‍රභූන් රැසක්‌ එයට සහභාගි වී සිටියහ. සියලු දෙනාම එහිදී ප්‍රකාශ කර සිටියේ බෙංගාලි ත්‍රස්‌තයන්ට මේ බෞද්ධ දේශය අස්‌ථාවර කිරීමට කිසිම ඉඩක්‌ ලබා දිය යුතු නැති බවයි. බුරුමයේදී රොහින්ග්‍යාවරුන්a හඳුන්වන්නේ බෙංගාලින් ලෙස ය. එමෙන්ම රකීන් බෞද්ධයන් මෙන්ම හින්දුන් ආරක්‍ෂා කිරීමට වහා මැදිහත් විය යුතු බවට එරට රජයට දැනුම් දීම ද සිදු කෙරිණි. මෙම සමුළුව සඳහා ලාංකික බෞද්ධ නියෝජිතයන් සහභාගි වී සිටීම දෙරටේ බෞද්ධ මිතුදම ශක්‌තිමත් වීමට වඩා උපකාරී වන බව පැහැදිලිව සටහන් කළ හැකිය.

මේ සංචාරයේ එක්‌ වැදගත් සිදුවීමක්‌ වූයේ මා බාතා සංවිධානයේ නායක අශ්වින් විරාතු හිමියන් සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පැවැත්වීමට  හැකියාව ලැබීමය. බුරුම ආණ්‌ඩුව පසුගිය කාලයේ මෙම සංවිධානයට එරෙහිව පනවා තිබූ විවිධ බාධක නිසා විරාතු හිමියන් කිසිම ජාත්‍යන්තර මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදීමට කැමැති වූයේ නැත. නමුත් ලංකාවේ බෞද්ධයන්ට බුරුමයේ සැබෑ තත්ත්වය හෙළි කිරීමට උන්වහන්සේ කටයුතු කළහ.

ථෙරවාදී මියන්මාර දේශයට එල්ල වී ඇති තර්ජනත් රකීන් ප්‍රාන්තයේ සිදුවන්නේ කුමක්‌ද සිදුවූයේ කුමක්‌දැයි යන්න පිළිබදවත් විරාතු හිමියන් හෙළිකළ කරුණු උන්වහන්සේගේ වචනයෙන්ම අපි මෙසේ සටහන් කරමු.

පසුගිය අගෝස්‌තු 25 වැනිදා පොලිස්‌ ස්‌ථාන 32 කට හා එක්‌ හමුදා කඳවුරකට මුස්‌ලිම් ත්‍රස්‌තයන් ප්‍රහාර එල්ල කළා. මේ එක පොලිසියක ඉන්නේ නිලධාරීන් කිහිපදෙනෙක්‌ පමණයි. නමුත් බෙංගාලි ත්‍රස්‌තයන් සිය ගණනක්‌ තුවක්‌කු, කඩු පොලු මෙන්ම ඔවුන් විසින් හදාගත් බෝම්බවලින් ප්‍රහාර එල්ල කළා. සිය ගණන් ත්‍රස්‌තයන් ප්‍රහාර එල්ල කරන කොට නිලධාරීන් කිහිපදෙනකුත් මොනවා කරන්නද? ප්‍රහාරයට ලක්‌වුණු හැම පොලිසියකම තත්ත්වය මේකයි. බෙංගාලි ත්‍රස්‌තයන් සැප්තැම්බර් 01 වැනිදා රකීන් ප්‍රාන්තයේ හින්දු හා බෞද්ධ ගම්මානවලට පහර දුන්නා. ළමුන්ගේ පවා බෙලි කපලා මරා දමා තියනවා.

මේ අවස්‌ථාවේදී උන්වහන්සේ මේ ප්‍රහාරවලදී ජනයා ඝාතනය කර තිබූ අයුරු දැක්‌වෙන ඡායාරූප සිය ජංගම දුරකථනයෙන් මට පෙන්වීය. මේ ගම්මානවලට බෙංගාලි ත්‍රස්‌තයන් පැමිණිලා තියෙන්නේ බුර්කාවලින් සැරසිලා. බුරුකා අස්‌සේ තුවක්‌කු කඩු හංගාගෙන මේ පිරිස සමඟ අයිසිස්‌ සාමාජිකයන් ද එක්‌වෙලා තියෙනවා. මොවුන් හින්දු ගම්මාන ගිනි තිබ්බා. පන්සල්වලට ප්‍රහාර එල්ල කරලා බුදුපිළිමවල හිස කඩා දමලා. (හිස කඩා දැමූ බුදු පිළිමයක ඡායාරූපයක්‌ පෙන්වයි.) සිත්වේ, පුටිටවුන්, මොන්ඩවුන් යන ප්‍රදේශවල ගම්මානවලට ප්‍රහාර එල්ල වුණා. ඇත්තෙන්ම මේ ත්‍රස්‌ත කණ්‌ඩායම් කමොන්ඩේ හා යෙබොඩාර් යන හින්දු ගම්මාන දෙකක වැසියන් ඝාතනය කරලා සමූහ මිනී වළක දමලා තිබුණා. පසුව හමුදා විසින් මේ එක්‌ වළක තිබී මිනී 45 ක්‌ සොයා ගත්තා. දැන් ආණ්‌ඩුව මේ ප්‍රහාරවලින් අනාථ වූ බෞද්ධයන් හා හින්දුන් රැඳී සිටි කඳවුරු වහලා. ජනතාවට නැවත ගම්බිම් බලා යන්න කියනවා. එහෙත් තාමත් මිනිස්‌සු යන්න බයයි. ඒ මරණ බය නැති කරන්න පුළුවන්ද?

බුරුම බෞද්ධයන් මුස්‌ලිම් මූලධර්මවාදය හමුවේ තර්ජනයට ආක්‍රමණයට ලක්‌ වී ඇත්දැයි අප කළ විමසීමේදී උන්වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙලෙස අදහස්‌ දැක්‌වීය.

ඇත්තටම බ්‍රිතාන්‍ය පාලනය තියන කාලයේ ඉඳලා මුස්‌ලිම් තර්ජන තිබුණා. 1938 දී මැන්ඩලයේ හා යෑන්ගුන් නගරවල බෞද්ධ මුස්‌ලිම් ගැටුම් ඇතිවුණා. මෙම ගැටුමට හේතු වුණේ 786 කියන මුස්‌ලිම් ලකුණයි. මේ සියල්ල පිටුපසම සැඟවුණු න්‍යාය පත්‍රයක්‌ තියෙනවා. එය අන්කිසිවක්‌ නොවෙයි. මේ රට මුස්‌ලිම් රටක්‌ කරන්නයි ඔවුන්ගේ අරමුණ. අපි මෙය පරාජය කරන්න කටයුතු කරනවා. 1942 මැයි 13 වැනිදා ‘සිත්වේ’ බෞද්ධ මුස්‌ලිම් ගැටුමක්‌ ඇතිවුණා. එහිදී බෞද්ධ ගම්මාන 45 ක විසිදහසක්‌ ඝාතනය වුණා. මේවා ගැන ජාත්‍යන්තර මාධ්‍ය කතා කළේ නැහැ. අදත් මෙවැනි ප්‍රහාර එල්ල වෙනවා. එදා බෞද්ධයන් සිටි ගම්මාන අද මුස්‌ලිම් ගම්මාන බවට පත්වෙලා. දැන් තත්ත්වය ඉතා භයානකයි. අද බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා තියෙනවා.

විරාතු හිමියන් බුරුම භාෂාවෙන් සිය අදහස්‌ පළ කරද්දී ඒවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ අපගේ සංචාරයේ මඟ පෙන්වන්නා ලෙස කටයුතු කළ ප්‍රඥාසාමි හිමියන්ය. උන්වහන්සේ ද විරාතු හිමියන් සමඟ එක්‌ව කටයුතු කරන අතර ලංකාවේ වසර ගණනාවක්‌ ම අධ්‍යාපනය ලැබූ අයෙකි. ලෝකයේ ප්‍රමුඛ මාධ්‍ය බුරුම බෞද්ධයන්ට එරෙහිව ගෙන යන සාවද්‍ය ප්‍රචාර ගැන විරාතු හිමියන්ගෙන් විමසුවෙමු.

මඳක්‌ කල්පනා කළ උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ. ලෝකයේ බලවත් මාධ්‍ය මුස්‌ලිම් අධිකාරි බලයට යටවෙලා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත් මුස්‌ලිම් බලයට යටවෙලා. රකීන් ප්‍රාන්තයේ වෙනම රාජ්‍යයක්‌ ඇති කරන්න එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව, යුරෝපා සංගමය එක්‌ව කටයුතු කරනවා. මෙය බලවත් ප්‍රශ්නයක්‌.

ලෝකයේ බෞද්ධයන්ට මේ අවස්‌ථාවේදී ලබා දිය හැකි පණිවුඩය ගැන විමසූ විට විරාතු හිමියන්ගේ පිළිතුර වූයේ මෙවැන්නකි.

ලෝක බෞද්ධයෝ එක්‌සත් වෙන්න ඕනෑ. එය ඉතා වැදගත්. ඉතිහාසයේ අපි දෙපාරක්‌ පැරදිලා තියෙනවා. නැවත පැරදුනොත් මොකද වෙන්නේ. එම නිසා බෞද්ධ ශිෂ්ටාචාරය රැක ගැනීම වෙනුවෙන් සියලුදෙනා එක්‌විය යුතුයි.

විරාතු හිමියන් සමඟ පැවැති පිළිසඳරෙන් පසුව මම මැන්ඩලේ නුවර නව මයෝසියේන් පිරිවෙන් ආරාමය පුරා සක්‌මන් කරමින් එහි අත්දැකීම් විඳගන්නට උත්සාහ කළමි. කුඩා සාමණේර ස්‌ථවිරයන් වහන්සේලා ඔබ මොබ යති. එය බුදුන් ජීවමාන කාලයේ ඡේතවනාරාමය සිහිකරන්නකි. මේ ආරාමය ගැන විස්‌තර කළ බුරුම උපාසක මහතෙකු සඳහන් කර සිටියේ එහි අධයාපනය ලබන ප්‍රමාණය භික්‍ෂුන් 2750 ක්‌ බවය. එවැනි භික්‍ෂුන් ප්‍රමාණයක්‌ මෙහි අධ්‍යාපන කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද මා තුළ විමතියක්‌ ඇතිවිය. අප සාකච්ඡාවේ යෙදී සිටි විරාතු හිමියන් වාසය කළ දෙමහල් නිවස්‌නයේ පවා භික්‍ෂුන් 54 දෙනකුට නවාතැන් සපයා තිබිණි. සියලුදෙනා වැතිර නිදන්නේ පැදුරුවලය. විරාතු හිමියන්ගේ කාමරය දිග අඩි විස්‌සකින් හා අඩි අටක පළලින් සමන්විත විය. විරාතු හිමියන් මෙහි උප ප්‍රධාන නායක ස්‌ථවිරයන් වහන්සේ නමකි. මෙහි නායක ධුරාවලිය අනුව උන්වහන්සේට හිමිවන්නේ හයවැනි ස්‌ථානය වේ. අප එම විහාරයට ළඟා වන විටත් උන්වහන්සේ ශිෂ්‍ය භික්‍ෂුන්ගේ උත්තර පත්‍ර සමීක්‍ෂණයේ යෙදී සිටිනු දක්‌නට ලැබිණි. උන්වහන්සේ ගත කරන්නේ අල්පේච්ඡ ජීවිතයකි. එය ලාංකික භික්‍ෂුන්ට ආදර්ශයකි. බුරුමයේ වෙසෙන මහා සංඝරත්නය ලක්‍ෂ පහකට අධිකය. බුරුම බෞද්ධයන් ද ඉතාම ශ්‍රද්ධාවත්හුය. ඔවුන් භාවනා කිරීමටත් අභිධර්මය ඉගනීමටත් විශේෂ කැමැත්තක්‌ දක්‌වති. සෑම පිරිමියකුම ටික කලක්‌ හෝ පැවිදිව සිටීම එරට සම්ප්‍රදායයි. ඉතා හොඳ ගිහි පැවිදි සම්බන්ධයක්‌ පැවතීම විශේෂයකි. කවරක්‌ නමුත් බුරුම වැසියන් බෙංගාලි ත්‍රස්‌තවාදීන් සම්බන්ධව ඉතාම දැඩි විරෝධයකින් පසුවන බව නම් අපට මේ සංචාරයේදී පසක්‌ විය.

චතුර පමුණුව
බුරුම සංචාරයකින් පසු

Related posts

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

colombotoday

නව ව්‍යවස්ථාව මර උගුලක්.. ඒකීය රාජ්‍ය කඩන්න කීයටවත් ඉඩ දෙන්නෑ – වාසු බලය බෙදීම ගැන වමේ මතය කියයි

colombotoday

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ.

colombotoday

“මාධ්‍ය කියන්නේ බොරු.. දරුවන් 130ක් පමණ අතුරුදන්“ – මීතොටමුල්ල ප්‍රදේශවාසීන් (Video)

colombotoday