Colombo Today Local News

අටළුගම ෆාතුමාගේ නඩුවේ පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් මිරිහානට මාරු කිරීමට අධිකරණයෙන් නියෝග.

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මරාව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මිය විසින් බණ්ඩාරගම පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත ගොනු කරන ලද B 64499/19 දරණ නඩුව ඊයේ (11) දිනයේ පානදුර අධිකරණයේදී නැවත කැඳවන ලදි.

ජූනි 20 වැනිදා බණ්ඩාරගම පොලිසිය විසින් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔවුන් ජුනි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එම නඩුව යලි පසුගිය ජූනි මස 27 වනදා කැඳවන ලද අතර එම සැකකරුවන් ජූලි 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඊයේ (11) දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

අද දිනයේදී බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ අනෙක් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වූ බවත් පලවී ඇති මාධ්‍ය වාර්තා හේතුවෙන් සැකකරුවන් පුර්ණ කාලීනව ප්‍රදේශය හැර ගොස් සිටින බවත්ය.

පසුගිය ජූනි 4 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මංත්‍රී ඉමිතියාස් නැමති පුද්ගලයා අගතියට පත් පාර්ශවයට සිදුකළ තර්ජනය කිරීම හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළද බණ්ඩාරගම පොලීසිය ඒ පිළිබඳව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කළ බව අධිකරණයට දැන්වීය. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් ප්‍රශ්න කර සිටියේ “අධිකරණය එවැනි නියෝගයක් දුන්නාද ?” යන්නයි. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දීමට නොහැකි වූ අතර මහේස්ත්‍රාත්වරයා යලි ප්‍රශ්ණ කර සිටියේ අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකු පිළිබඳවම ක්‍රියා කරනු ලබන්නේ මේ ආකාරයෙන්ද යන්නයි. මෙම පනතින් අත්අඩංගුවට ගැනීම සඳහා තමාට අත්දැකීම් නොමැති බැවින් නීතිපති උපදෙස් ඉල්ලා සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කරන ලදි.

නඩු විශාල ප්‍රමාණයක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවත් බොහෝ නඩු වසර ගණනාවක් ගතවුවද තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බවත් නමුත් සමහර නඩු සඳහා ඉතා ඉක්මනින් නීතිපති උපදෙස් ලබා දෙන බවත් ඒ පිළිබඳව මුළු පානදුරම දන්නා බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කරන ලදි. කෙසේ වෙතත් මෙම නඩුව සඳහා නීතිපති උපදෙස් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කරණ ලදි.

බණ්ඩාරගම පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරණ ආකාරය පිළිබඳව ගැටලුකාරී බැවින් මෙම නඩුවේ පරීක්ෂණ වහාම මිරිහාන විශේෂ විමර්ෂණ ඒකකයට මාරු කරණ ලෙසත් මෙම නඩුවට අදාළ ලිපිගොනු මිරිහාන පොලීසිය වෙත යවන ලෙසත් නියෝග කරණ ලදි.

අත්අඩංගුවේ සිටි සැකකරුවන් 6 දෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.

එම නඩුවෙන් පසුව අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීම හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පසුගිය 4 වනදා නියෝග කරණ ලද එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් නැමැත්තා “සාපරාදී බියගැන්වීම” යන චෝදනාව යටතේ වෙනම නඩුවක් ලෙස බණ්ඩාරගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

පොලීසිය කුමන චෝදනා යටතේ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කලද, අධිකරණයට පැවරී ඇති බලතල අනුව සැකකරු වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරණ ලදි. ඔහුට ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වුවහොත් එය අධිකරණයට සිදුකළ අපහාසයක් සේ සලකන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කරන ලදි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා සමග නීතිඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ මහතා සහ ප්‍රතාප් වලිකුඹුර පෙනී සිටියහ.

මෙම සිද්ධියට මුහුණදුන් අබ්දුල් හසන් ෆාතුමා හයිෆා පවසන්නේ “ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා” යනුවෙනි.

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019/03/03 වන දින CIB 2 22/327, 2019/03/25 දින CIB 128/19, 2019/03/26 දින CIB 3 162/146, 2019/03/30 දින CIB 1 340/358 සහ 2019/03/29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඇය පවසයි. එම පැමිණිලි පිළිබඳව කඩිනම් විභාගයක් සිදුනොවුණු බැවින් 2019/05/24 වන දින සහ 2019/06/12 කලුතර ජේෂ්ඨ පොලිස්පති වෙත පැමිණිලි කල බවත් එහිදී ජේෂ්ඨ පොලිස් පතිවරයා ප්‍රදේශයේ පල්ලියට අවනත වන ලෙස තමාට ප්‍රකාශ කල බවත් අබ්දුල් හසන් ෆාතුමා හයිෆා සඳහන් කර සිටිනවා.

Related posts

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday

බොරැල්ලේත් වෙඩිතැබීමක්

Admin

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

colombotoday

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday