Colombo Today Local NewsTop Stories

නීතිපති දෙපාර්තමේන්තුවේ නොසන්ඩාල හැසිරීම නිසා ඥානසාර හිමි සිරගත වුවා. නීතිපතිට චෝදනා

ජාතික සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් අද (28) නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් විශේෂ ලිපියක් බාර දුන්නා. එම ලිපිය පහතින්…..

ගරු නීතිපති,

නීතිපති  දෙපාර්තමේන්තුව,

කොළඹ 12.

2019/02/28

ඥානසාර හිමි සිරගත කිරීම –
නඩු අංකය CC 04 /2016

නීතිපති තුමනි,                                                           

2016 ජනවාරි 25 වැනි දින හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ දී සිදුවූවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට අපහාස කරා යයි චෝදනා කර,  වරදකරු කර, අවුරුදු හයක දී ගෙවී යන ලෙස අවුරුදු 19ක  බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි. එම තීන්දුවට සහ  දඬුවමට විරුද්ධව   ඉදිරිපත් කරන ලද අභියාචනා , අභියාචනා අධිකරණය සහ  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභාකරන ලදි.

අභියාචනාධිකරණය පැවැත් වූ නඩු විභාගයේ දී සිද්ධිමය කරුණු විකෘති කර ඉදිරිපත් වී ඇති බවත්, සිද්ධිමය කරුණු රාශියක් යටපත් වී ඇති  බවත් පෙනීයයි .

මේ නඩුව අසන කාලයේදී අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය රට තුල මහත් දෝෂාරෝපණයට ලක් වී තිබුණි.  එසේ  දෝෂාරෝපණයට ලක් වුවේ, බොහෝ දෙනෙක් මහජන පරමාධිපත්‍ය රකිනවා යයි  සඳහන් කරමින් මහජනතාව ඉදිරිපිට  තම තමන්ගේ  ප්‍රතිරූප ඉහල  දමා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. එයින් අධිකරණ   පද්ධතිය මහත් පීඩනයකට පත් වී  තිබුණි.

ඥානසාර හාමුදුරුවෝ  අභියාචනාධිකරණයේදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ගොදුරු වුවේ ඒ රැල්ලට ය. අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඥානසාර හාමුදුරුවෝ  ඒ රැල්ලට   යට කරේ නීතිපති වෙනුවෙන් පෙනී සිටී  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහතා සහ එක්නැලිගොඩ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ මහතුන්ය

එතනදි ඥානසාර හාමුදුරුවෝ කළේ කිසිම සාක්ෂියකින් තොරව, නීතිපති විසින් එල්ල කරන ලද  මිනීමැරීමේ  චෝදනා වලට ලක් වී  රිමාන්ඩ් භාරයේ  සිටි,  යුද්ධ කාලයේ දී සිය ජීවිත පරදුවට තබා,   රට වෙනුවෙන් සටන් වැදුණු, හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්  නිදහස්   කරගැනීමට මහේස්ත්‍රාත්තුමාගෙන් ආයාචනයක් කරනවිට,   හාමුදුරුවන්ට  විරුද්ධව   එම නීතිඥ   මහතුන්ගේ ප්‍රචණ්ඩ,  අපහාසාත්මක,  වගකීම්කින් තොර, පෙරළිකාරී හැසිරීමට ප්‍රතිචාරයක්  දැක්වීම මිස  අධිකරණයට අපහාසයක් කිරීම නොවේ.  

මේ ආකාරයෙන් හැසිරී අධිකරණය තිබුණු සාමකාමී වාතාවරණය  නැති කිරීමට කටයුතු කලේ ඥානසාර හාමුදුරුවෝ නොව මේ නීතිඥ දෙපළයි. අධිකරණය මේ තත්ත්වයට ගෙන ඒමෙන් අධිකරණයට අපහාස කරේ ඥානසාර  හාමුදුරුවෝ    නොව මේ නීතිඥ   දෙපළයි .

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ දේ

ගරු මහේස්ත්‍රාත් තුමා විසින්, එක්නැලිගොඩ නැමැති අය, මේ  විත්තිකාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින්  මරණයට පත් කරා යයි කිසිම සාක්ෂියක් තිබේ දැයි  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මහතාගෙන්  නොකඩවා අසන ලදි. ඒ එක ප්‍රශ්නයකටවත්   ඒ මහතා කෙළින් පිළිතුරක් නොදී ඒ ප්‍රශ්නවලින් මිදී යෑමට ව්‍යාකූල පිළිතුරු දෙමින් එතැනදී ද අධිකරණයට අපහාස   කළේය. පැය බාගයකට පමණ පසු මේ ප්‍රශ්නවලට කෙළින් පිළිතුරක් නොදෙන නිසා  මහේස්ත්‍රාත් තුමා  රජයේ නීතිඥ මහතාගෙන්  අසා සිටියේ එක්නැලිගොඩ  නැමැති අය ජීවතුන් අතර නැති  බවටවත් සාක්ෂියක් තිබෙනවාද යන්නය.  එයටද   ඒ රජයේ නීතිඥ මහතා   කෙලින්   පිළිතුරුක් නොදුන්නේ ය. තවදුරටත් මහේස්ත්‍රාත් තුමා ඒ මහතාගෙන්  අසා සිටියේ,  මිනීමැරීමක් පිළිබඳව සාක්ෂි නැති නම් නීතිපතිවරයා මෙවැනි චෝදනා ඉදිරිපත් කළේ කෙසේ ද යන්න ය. ඒ ප්‍රශ්න ඒ මහතා විසින් මගහැරියේය.   

අවසාන වශයෙන්යෙන් මහේස්ත්‍රාත් තුමා විත්තිකාර  නිළධාරීන්ට පවසා සිටියේ මිනීමැරුම් චෝදනා තිබියදී නීතිය අනුව ඇප දීමට  නොහැකි නිසා,  නීතියෙන් බැඳී ඇති නිසා, විත්තිකාර නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවයි.    මුළු අධිකරණයම නිසොල්මන් විය.

කඳුළු

නඩුව අවසානයේ දී  රිමාන්ඩ් භාරයට නැවත පත් කරපු ඒ බුද්ධි අංශය විත්තිකාර නිලධාරීන්ගෙන් පලවන විත්තිකාර නිලධාරි ඥානසාර  හාමුදුරුවෝ  වාඩිවී සිටී බංකුව පහුකරද්දි හාමුදුරුවන්ට වැඳ නමස්කාර කර පැමිණීමට ස්තුති කරන ලදි. ඒ අවස්ථාවේදී ඒ නිලධාරියාගේ   දෙනෙත් වලින් වැටුණු   කඳුළු ඥානසාර  හාමුදුරුවන්ගේ අත් මත පතිත විය.    ඥානසාර හාමුදුරුවෝ  හිට  ගත්තේ ඒ අවස්ථාවේදීය.

මෙය අභියාචනාධිකරණය  ඉදිරිපිට හාමුදුරුවෝ දුන් සාක්ෂියේ අන්තර්ගත වී ඇත.  මේ සිදුවීම් සනාථ කිරීම්ට සාක්ෂි දීම සඳහා එකී නිලධාරියා දැනටමත් සූදානම් ය.

අභියාචනාධිකරණයේ නඩු විභාගය

අධිකරණයට අපහාසය කිරීම පිළිබඳව නඩු විභාගය පැවැත්වූ අභියාචනාධිකරණයේදී, එවකට නීතිපති නියෝජනය කළ   නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් නිතර නිතර අසන ලද එකම  උපායශීලී  සංකීර්ණ    හරස් ප්‍රශ්න ඉදිරියේ දී ඥානසාර   හාමුදුරුවෝ  ව්‍යාකූල විය. ඔහුගේ මනස වෙහෙසට  පත් විය.  රජයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද, පිළිතුරු අඟවන, ව්‍යාකූල ප්‍රශ්න හාමුදුරුවෝ   පිළිගෙන ඇත. ඒ පිළිගැනීම් පැහැදිලි කිරීමට හාමුදුරුවෝ තැත් කළ විට රජයේ නීතිඥවරයා එයට  බාධක ඇති කරමින් එම පැහැදිලි කිරීම්  අධිකරණයෙන් වසන් කරන ලදී.  

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  විත්තිය පරස්පර විරෝධී බව නිරීක්ෂණය කර විත්තිය  ප්‍රතික්ෂේපකරන ලදි.

ගල්ගොඩඅත්තේ ඥානසාර  හාමුදුරුවෝ

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ  රාජ්‍යයකි.   ගලගොඩඅත්තේ  ඥානසාර  හාමුදුරුවෝ  රට  ජාතිය වෙනුවෙන්    අඛණ්ඩව, නිර්භයව,  ඉදිරිපත්වූ සටන්කාමී භික්ෂුවකි.  මේ   සිරගත  කිරීමෙන් ඒ මහා රණ හඬ නිශ්ශබ්ද විය . බොදු බල සේනා සංවිධානය අඩපණ විය.   දේශද්‍රෝහිත්වය සහ ජාති ද්‍රෝහිත්වය බාධකයකින් තොරව  පැතිරී යෑමට පටන් ගත්තේ ය.

කොටි ත්‍රස්තවාදීන්ට  විරුද්ධව රජය මෙහෙය වූ මහා සටනේ දී ඥානසාර හාමුදුරුවෝ  නිතර නිතර  ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටත්, හමුදා   බුද්ධි අංශ නිලධාරීන්ටත්, ඔවුන්ගේ  දරු පවුල් වලට  රැකවරණය ලබා දුන් අවස්ථා   අප්‍රමාණය. ඒ නිලධාරීන් සහ ඔවුන්ගේ  දරු පවුල්   මීට සාක්ෂි දරනවා ඇත .

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සුබසෙත වෙනුවෙන් බෝධි පූජා සහ  ආගමික    කටයුතු  ඥානසාර හාමුදුරුවෝ නිතර නිතර සංවිධානය කළේය.  

ශ්‍රී ලංකා රජය සහ සිංහල ජාතිය විනාශ වීමෙන්  ආරක්ෂා කිරිමට සටන් වැදුණු රණවිරුවන්ගේ දුක් වේදනා ඥානසාර  හාමුදුරුවන්ට පුද්ගලික දෙයක්  විය.  මෙවැනි  රණවිරුවන්  සාක්ෂි රහිත අසාධාරණ චෝදනා මත  සිරගත වී සිටීම තවදුරටත් ඉවසා ගැනීමට නොහැකි නිසා ඥානසාර  හාමුදුරුවෝ එදින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ  හිට ගත්තේය.

මෙය අභියාචනාධිකරණය  ඉදිරිපිට හාමුදුරුවෝ දුන් සාක්ෂියේ අන්තර්ගත වී ඇත.  මේ සිදුවීම් සනාථ කිරීම්ට සාක්ෂි දීම සඳහා එකී නිලධාරීන් දැනටමත් සූදානම් ය.

බොදු බල සේනා   සහ සංඝ සභා කිහිපයක් විසින් ඥානසාර  හාමුදුරුවෝ නිදහස් කරගැනීමට මෙම නඩු තීන්දුව නැවත සලකා බැලීම සඳහා පංච පුද්ගල    හෝ    සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇත.

ගරු නීතිපති තුමනි,

ඔබද මේ රටේ පුරවැසියෙකු වන අතර එහි ප්‍රධානනීති නිලධාරියා ද   වේ. උතුර-නැගෙනහිර ඒකාබද්ද කර ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමට ඉතා ආසන්න බව ඔබට පෙනී යනවා  ඇති. එසේ වුවහෝත් ශ්‍රී ලංකාව තුල නැවතත් ජාතිවාදී අරගල පැතිරී යනු ඇත. ඥානසාර හාමුදුරුවෝ සටන් කළේ රටේ ඒකීය භාවය රැක  ගැනීමටත්, ඒ තුළ සිංහල ජාතියේ ප්‍රමුඛත්වයත්, බෞද්ධාගමේ ප්‍රමුඛත්වයක් ආරක්ෂා කිරීමටය. ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස  කරණ ලදැයි කියන නඩුවේ විත්තිකරුවන් ද රට ජාතිය වෙනුවෙන් රටේ ඒකීයත්වය රැක ගැනීමට සටන් කළ රණවිරුවන්ය. ඒ රණවිරුවන් සාක්ෂි නොමැති මිනී  මැරුම් නඩුවක රිමාන්ඩ් බන්ධනාගාරයේ දුක් වින්ද අතර ඥානසාර හාමුදුරුවෝ සිරබත් වළඳමින් සිටී.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඇතිවුන සිද්ධීන් සිදුවුවේ,  ඔබතුමා යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නීති නිලධාරියකුගේ හිතුවක්කාර, නොසන්ඩාල හැසිරීම හේතුකොටගෙනයි. එයට ඔබ ද වගකිව යුතු ය. ඒ නිලධාරියාගේ අශෝභබන හැසිරීමට දඬුවම් විඳින්නේ  රට ජාතිය වෙනුවෙන් සටන්කල ඥානසාර හාමුදුරුවෝය.

ඔබගේ නිලධාරියා විසින් සිදුකරන ලද  ඒ මහා ව්‍යසනය නිවැරදි කිරීම ඔබගේ යුතුකමකි. ඒ අනුව ඥාණසාර ස්වාමින් වහන්සේ  නිදහස් කරගැනීමට ඔබ විසින් වහාම පියවර ගනු ඇතැයි අප දැඩි අපේක්ෂාවකින් සහ බලාපොරොත්තුවකින් සිටිමු .

Related posts

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

colombotoday

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday