BusinessColombo Today Local News

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශය ඇතුලත් වන පරිදි, විල්පත්තුව වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයක භුමි ප්‍රමාණයක් අවුරා ලංකා හර්බල්ස් සමාගම වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවත් අදාළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත්කර ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා අද (31) සඳහන් කර සිටියා.

දැනටමත් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් සඳහා මෙම අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන් කර සිටින ඒ මහතා අවුරා ලංකා හර්බල්ස් සමාගම විසින් අද වන විට විල්පත්තුව දකුණු මායිම ආශ්‍රිතව ඉදිකිරීම් කටයුතු ගණනාවක් සිදුකර ඇති බවත් රාජාංගනය යාය 18 ගම්මානය සම්පුර්ණයෙන්ම විනාශයට ලක් කර මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් පැවසීය. යාය 18 ගම්මානයේ කහඹිලියාපිටිය වැව ආශ්‍රිතව මේවනවිට ඉදිකිරීම් ගණනාවක් සිදුකර තිබෙන බවත් මේ සියලුම දේ සිදුකර තිබෙන්නේ අනුමැතියකින් තොරව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුව දැමු නඩුව තවමත් විභාග වෙනවා.

අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම මූලික දේ සිදුකලාට පසුව ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සිදුකර ඇති බවත් අවධාරණය කර සිටි චාමිකර මහතා, විල්පත්තුව දකුණු මායිම ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය නීතිවිරෝධී ලෙස ආරම්භ කර තිබියදී වනජීවී දෙපාර්තමේන්තුව මැදිහත් වී අවුරා ලංකා හර්බල්ස් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් තවමත් එම නඩුව ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කර ලක්ෂයක ප්‍රමාණයක් මෙම සාමාගම සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් පැවසීය.

පනත් ගණනාවක් උල්ලංඝනය කල කෝමාරිකා ව්‍යාපෘතිය.

ජාතික පාරිසරික පනත, වනසත්ව සහ වෘක්ෂලතා පනත, පුරාවිද්‍යා පනත යන පනත් සියල්ල උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී කැබිනට් මණ්ඩලයට තොරතුරු වසන් කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන් කර සිටි සජීව චාමිකර මහතා අවුරුදු තුනක කාලයක් තිස්සේ නීතිවිරෝධී ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තිබියදී, ප්‍රදේශයේ ජනතාව මෙන්ම පරිසර සංවිධාන විරෝධය දක්වමින් සිටින අතරතුර මෙම අනුමැතිය ගෙන ඇති බව ප්‍රකාශ කරන ලදි.

අලිමිනිස් ගැටුම, ජල අර්බුද විශාල ප්‍රමාණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබියදී කෝමාරිකා වැනි ඒක බෝග වගාවක් සඳහා අක්කර ලක්ෂයක් පමණ ලබා ගන්නවාත් සමගම ඒ කලාපයේ වනාන්තර පද්දතිය සීග්‍රයෙන් අඩුවී තවදුරටත් අලිමිනිස් ගැටුම වර්ධනය වීමට, ජල පෝෂක ප්‍රදේශ අහිමිවී ප්‍රදේශයේ ජල අර්බුද ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම මෙම ව්‍යාපෘතිය හේතු වන්නට පුළුවන් බවයි ඔහු අනතුරු අඟවා සිටින්නේ.

කැබිනට් අනුමැතිය ගන්න සමාගමෙන් ඇමතිලාට මුදල්

මෙම කැබිනට් අනුමැතිය ඉතාම නීති විරෝධී ආකරයෙන් ලබා ගත් අනුමැතියක් බවත් වැරදි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙද්දී නිවැරදි තොරතුරු වසන් කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා මේ සමාගම විසින් අමාත්‍යවරුන්ට මුදල් ලබා දී ඇති බවට දැනගන්නට ලැබී තිබෙන බවත් ඒ ගැන තොරතුරු තිබෙන බවත් ප්‍රකාශ කර සිටි සජීව චාමිකර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේනම් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරන ලදි.

Related posts

මහින්ද දිනුවේ සිංහල බෞද්ධ ඡන්දයෙන් – මැතිවරණය ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න

colombotoday

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday

පානදුර මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන, රෙකෝඩර් තොගයක් අත්අඩංගුවට…

colombotoday

පාස්කු ප්‍රහාරයේ පොටෝ ෂෙයාර් කළැයි ඩුබායිහී සේවය කල ශ්‍රී ලාංකිකයන් තිදනෙක්ට වසර 3 1/2 ක සිර දඬුවම්

colombotoday