Colombo Today Local NewsUncategorized

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

avngurdඇවන්ගාඩ් සමාගම සහ රජයට අයත් රක්නා ලංකා සමාගම අතර බලපැවැත්වූ සියළු ගිවිසුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජනාධිපතිරයා නියෝග කරයි. ඒ අනුව ඇවන්ගාඩ් සතුව තිබූ සියලු ගිනි අවි සහ එම සමාගම හරහා සිදු කරන ලද මෙහෙයුම් නාවික හමුදාව යටතට ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ කැබිනට් (11) සවස රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

ඇවන්ගාඩ් සමාගම විසින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුහුදු ආරක්ෂණ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව හරහා වෙනත් සමාගමක් යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇතිබවද කැබිනට් ප්‍රකාශකවරයා සදහන් කර සිටියහ.

ජාත්‍යන්තර සාමුද්‍රික නීතිය අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් එපිටට යාමට අවසර නැත. එමෙන් ජාත්‍යන්තරව එළඹ ඇති ගිවිසුම් හා සම්මතයන් අනුව ජාත්‍යන්තර සිවිල් නාවික යාත්‍රා සදහා රටක නාවික හමුදාවක් විසින් ආරක්ෂක සේවාවන් සැපයීම බරපතල ගැටළු රාශියක් ඇති කරවන්නකි. ශ්‍රීලංකා රජය සතු රක්නා ලංකා ආරක්ෂක සමාගම හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම ඒකාබද්ධව ජාත්‍යන්තර මුහුදේ නාවික කටයුතු සදහා ආරක්ෂක සේවාවන් අරඹන්නේ ඒ අනුවය.

පසුගිය සමයේ සිදුවූ දේශපාලන බල පෙරළියෙන් අනතුරුව ගාලු වරායේ නැංගුරම් ලා තිබූ ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාවට පොලීසිය කඩා පැනීමත් සමග ඇතිවූ සිද්ධිදාමය මෙරට දේශපාලන පිටිය රත් කල මාතෘකාවක් විය.

ඇවන්ගාඩ් මෙරිටයිම් ආයතනය හරහා පවත්වාගෙන ගිය අවි ගබඩා ව්‍යාපාරය විනාශ කර දමා එම ව්‍යාපාරය මාධ්‍ය ආයතනයක් හිමි කුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ අතට ගැනීම සදහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව ප්‍රසිද්ධ රහසකි. එම කුමන්ත්‍රණය දැන් අවසාන අදියරට පැමිණ ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි. ඇවන්ගාඩ් සමාගම ඉවත්කර නාවික හමුදාව හරහා අදාල ව්‍යාපාරය පෙර කි මාධ්‍ය මුදලාලිගේ සමාගමකට පැවරීම සදහා වූ මෙහෙයුම මේ වන විටත් අවසාන අදියරේ ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සදහන් කරයි. ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී ව්‍යාපාරයක් ලෙස සමාජගත කිරීම සදහා එම ව්‍යාපාරිකයාගේ වරදානවලට යටවූ වත්මන් රජයේ දේශපාලකයන් කිහිප දෙනෙක්, රටේ තුන්වන බලවේගය ලෙස පෙනී සිටීමට උත්සහා කරන වමේ පක්ෂයක නායකයෙකුගේ නම කියවිනි. එම ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස පුරවැසි සංවිධාන ලෙස හදුන්වාගන්නා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්ද සිටින බව අභ්‍යන්තර තොරතුරු මාර්ගවලින් දැනගන්නට ලැබී තිබේ.

මාධ්‍ය මුදලාලිගේ වරදානවලට යට වූ දේශපාලකයන් ගැන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද පසුගියදා දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් යම් ඉඟියක් කර තිබිණි. එම වීඩියෝපටය පහතින්

Related posts

දකුණ පුරා පැතිර යන පලගැටි උවදුර

colombotoday

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

“17 හයිඩ්පාක් රැළිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තහනම්.. මහින්දටත් තහනම්.. ගියොත් විනය පියවර” – දුමින්ද දිසානායක

colombotoday

ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !

colombotoday

GMOA විරෝධය නොතැකේ.. SAITM සිසුන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව

colombotoday