Colombo Today Local News

ඇමති රාජිතගේ රෙදි ගැලවේ – ඇවන් ගාඩ් ආයතනයෙන් මිලියන 5ක් අරන්

ඇවන් ගාඩ් ව්‍යාපාරයෙන් දිගින් දිගටම අල්ලස් ගෙන ඒ පසුව නොලැබී යාමෙන් ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී බවත් හොර ව්‍යාපාරයක් බවත්. විවිධ ඇමැතිවරුන් අල්ලස් ගෙන තිබෙන බවත් තමාටත් අල්ලස් දීමට පැමිණි බවටත් බොරු බේගල් සමාජය හමුවේ අත හරිමින් සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සඳහා එකාබද්ධ විපක්ෂය සූදානම් වේ.

මේ අතර රාජිත සෙනාරත්න මහතා මේ වන විටත් මෙරටින් පලා ගොස් ඇති බව දැන ගන්නට තිබේ.

ඇමැති රාජිත සේනාරත්න ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක් ලබා ගත් බව ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම් වරයා වන, රාජිත යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර සයුරු සමරසුන්දර සහ ඇවන්ට් ගාඩ් හිමිකරු සේනාධිපති අතර පැවැති දුරකථන සංවාදයෙන්  හෙලිවේ. එම සංවාදය ලංකාඊනිව්ස් වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කර තිබේ.

අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව විටින් විට ලක්ෂ 50 බැගින් කිහිපවතාවක්ම මුදල් ලබා ගෙන තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදි ද ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇත.

රාජිත සේනාරත්න මහතා ඇවන් ගාර්ඩ් ව්‍යාපාරයට එරෙහිව කටයුතු කරන්නේ ඔහු අපෙක්ෂා කළ මුදල් ඒ ආකාරයෙන් නොලැබිම නිසා බව ඇවන්ගාර්ඩ් සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පැවසීය.

මෙලෙසම චම්පික රණවක ඇමැතිවරයා , අර්ජුන රණතුංග ඇමැතිවරයා තමාට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කරුණු හෙළිදරව් කරන බවත් ඔහු පවසයි.එමෙන්ම අනුර දිසානායක මහතා ගේ ඇති ව්‍යාපාරික සම්බන්ධතාද ඉදිරියේදී ඔහු විසින් හෙළි කරන බවත් තමන්ගේ ව්‍යාපාරය ඩැහැ ගැනීමට බලන් සිටින ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගත් දේශපාලකයන් විසින් මේවන විට ජනාධිපතිවරයාවත් මේ ප්‍රශ්නය හමුවේ අසරණ කර ඇති බවත් තමාට ඒත්තු යන බවද ඔහු පවසයි.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ලේකම් දොස්තර සයුරු සමරසුන්දර මහතා සහ අවන්ගඩ් සබාපතිවරයා අතර සිදුවූ දුරකථන සංවාදය

[mom_video type=”youtube” id=”2BNLKP7Sdgk”]

.

ලබාදුන් මිලියන 5ක චෙක්පත

12234916_410888802445156_6604512464342196896_n

 

ඇවන් ගාඩ් ආයතනය වෙත රාජිත සේනාරත්න මහතා යොමුකළ ලිපියක්

 

12208441_410016792532357_666611276417585274_n

Related posts

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

රජයේ ණය ගැනීමේ සීමාව රු. බි. 400කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

“ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය ඊනියා අරගලකරුවන් විනාශ කළා”

colombotoday

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

colombotoday