Colombo Today Local News

අවසර දෙනවා නම් ආවා කල්ලිය දින දෙකෙන් මැඩපවත්වනවා – ශ්‍රී ලංකා යුද හමුදාව

යාපනයේ ක්‍රියාත්මක වී ඇති ආවා ඇතුළු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්‍රමාණවත් බවටත්, එම කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ආඥාපතිවරයා මේ බව කියා සිටියේ පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා.

‘ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුලුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ ආරක්ෂක කවුන්සිලය ඇතුලු ජනාධිපතිතුමන් දක්වා ඉදිරියට මේ තත්වය දිගටම තිබුනොත් පොලීසියට අමතරම යුද හමුදාවත් මේක මැඩපවත්වන්න සම්බන්ධ වෙනවා කියල .

නමුත් අපිට මේ පිළිබඳව තාම උපදෙස් ලැබිල නැහැ. මොකද යුද හමුදාව සිවිල් ජනතාව අතරට ගිහින් ගැටෙන්න ගත්තහම තැනින් තැන ජනතාව පරික්ෂා කරන්න ගත්තහම වෙනත් කට්ටියක් කියයි යුද හමුදාව සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියල.

ඒනිසයි අපිට තාම උපදෙස් ලැබිල නැත්තේ නමුත් අපිට නුදුරේම මේකට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියනවා . ‘

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් හදිස්සියේ ජනපති හමුවෙයි, අලුත් ආණ්ඩුවකට සැරසෙයි?

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

අනුර කුමාර කියන්නේ පච – මෛත්‍රිපාල හැරෙන තැපෑලෙන් උත්තර දෙයි

colombotoday