Top StoriesWorld

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

මියන්මාර නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ.

එම ආයතනය විසින් 2009 වසරේ පිරිනමන ලද ඔවුන්ගේ ඉහළතම ගෞරව සම්මානය මෙසේ ඉවත් කරගනු ලැබීය. එවකට ඇය නිවාස අඩස්සියේ පසුවිය.

ඊට හේතුව රොහින්ග්යා අර්බුදයයි. ක්ෂමා සංවිධානය පවසන්නේ, රොහින්ගයාවරුන් සම්බන්ධයෙන් ඇය කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවය.

අවුන්සාන් සුකීට පිරිනමා තිබූ ගෞරව සම්මානයක් මීට පෙර කැනඩාව විසින් ද ඉවත්කර ගනු ලැබීය.

මේවන විට සුකී 73වැනි වියෙහි පසුවේ.

Related posts

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

colombotoday

ඉක්වදෝර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

Admin

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

colombotoday