Colombo Today Local Newsextremism & terrorism activities

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

2021-08-07 ඊයේ දින රාත්‍රී 8 සිට 8.25 දක්වා 97.4 සංඛ්‍යාත ඔස්සේ කොළඹට විසුරුවා හැරෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ විකාශය වූ “Culture of Islam” නැමති වැඩසටහනකදී අන්තවාදී ඉගැන්වීම් වක්‍රව සිදුකල බව සම්ප්‍රධායික මුස්ලිම්වරු සඳහන් කර සිටිනවා.

මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ ෆාතිමා රාසික් නැමති නිවේදිකාවක් වන අතර ආරාධිතයෙකු ලෙස ඊට සහභාගී වී ඇත්තේ 2020 මහාමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ටී.කේ අසුර් නැමති නීතිඥවරයෙකි.

ටී.කේ අසුර් මෙරට මැලේ ජාතිකයින් නියෝජනය කරනවා යැයි පවසමින් ක්‍රියාකාරිකයෙකු ලෙස සමාජයේ පෙනීසිටි පුද්ගලයෙක් වන අතර මෑතක සිට ඔහු දැඩි අන්තවාදී මත දරමින් වැඩ කරන පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් අපවෙත වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ ඊයේ පැවැත්වූ වැඩසටහනට සහබාගී වෙමින් කුරාණය 85 වන පරිච්චේදය අල් බුරුජ් පිළිබඳව කතා කර ඇත.

ඒ අතරතුර ඊබ්‍රහිම් නබිතුමාව ගමේ මිනිස්සු එකතුවී ගිනිගොඩකට දැමූ බවත් ගින්නට දැමූ පසු නබි තුමාට සීතලක් දැනුනු බවත් සඳහන් කර ඇත.

අදාළ සිද්ධිය ඇතිව තිබෙන්නේ, ගම් වැසියන් විසින් වන්දනා මාන කල පිළිම ඊබ්‍රහිම් නබිතුමා විසින් කඩා දමා ඇති අතර එයට උරණ වූ ගම්වැසියන් විසින් ඔහුව අල්ලා ගින්නට දමා ඇත.

එමෙන්ම බුරුජ් සහ ඊබ්‍රහිම් නබි තුමා පිලිබඳ සිද්ධිය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර ඔහු හිතා මතා මෙම සිද්ධි දෙක පටලවා යම් අන්තවාදී පණිවුඩයක් ඉස්ලාම් භක්තිකයන්ට දීමට උත්සහ ගෙන ඇත.

“අසුර් විසින් නොකියා ප්‍රකාශ කරීමට උත්සහ ගන්නේ ප්‍රතිමා කඩපු වරදට ගින්නට දැම්මත් සීතලක් දැනෙනවා යන්නද?” යන ප්‍රශ්නය පැන නැගී ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අන්තවාදීන්ගේ තෝතැන්නක් වීම.

ගුවන්විදුලි සංස්ථාව අන්තවාදී දේශකයන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව අප විසින් දිගින් දිගටම වාර්තා කරණයේ නිරත විය. ඉදිරිපත්වූ පැමිණිලි සලකා බලමින් එකල ගුවන්විදුලි සංස්ථා සභාපති විශාරද ජගත් වික්‍රමසිංහයන් විසින් අන්තවාදී මත පලකරන දේශකයන් කිහිපදෙනෙකු වාරණය කිරීමට ද කටයුතු කරන ලදි. කෙසේ වෙතත් එල්ලවූ බලපෑම් මත ජගත් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව යලිත් ගුවන්විදුලි සංස්ථාව අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති අතර ගුවන්විදුලි සංස්ථාවේ දුෂිත නිලධාරීන් සහ අන්තවාදී නිලධාරීන් මැදිහත් වී වාරණයට ලක්වූ දේශකයන්ට යලි අවස්ථාව ලබාදෙමින් සිටියි.

මේ පිළිබඳව අප වාර්තා කර ඇති පුවත්…

Related posts

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday

හිටපු අගමැති මහින්දගෙන් නව අගමැති රනිල්ට සුබ පැතුම්

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

colombotoday

කොරෝනාවට එන්නතක් සෙවීම සදහා බ්‍රිතාන්‍ය සහ ලංකාව එක්වේ

colombotoday