Colombo Today Local News

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමට ගිය සැකකරුවන් තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

සිංහල ජාතික පුරුෂයෙකු සමග විවාහ වීම හේතුවෙන්,  ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ “අබ්දුල් හසන් ෆාතුමා හයිෆා” නැමති කාන්තාව විසින් බණ්ඩාරගම පොලිසියට සිදු කළ පැමිණිලි මත පානදුර අධිකරණයේ විභාගවන  B 64499/19 දරණ නඩුව අද දින යලි කැඳවීය. 

බණ්ඩාරගම පොලිසිය විසින් පසුගිය ජූනි 19 වන දින අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 6 දෙනෙකු පසුගිය 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලදි. එම සැකකරුවන් අද(27) දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 4 දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කරන ලදි.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ජිවත් වන, සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මෙම මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම” යන චෝදනා  මත බණ්ඩාරගම පොලීසිය විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

අද දින නඩුව කැඳවු අවස්ථාවේ අගතියට පත් කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, පසුගිය නඩුවාරය පැවති 20 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් අගතියට පත් කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කළ බවයි. 

අගතියට පත් කාන්තාව විසින් සැකකරුවන් 22කගේ නම් සහ අදාළ සිද්ධිය සිදුවූ දින ජංගම දුරකථන මගින් පටිගත කරණ ලද දර්ශණ පොලීසියට ලබා දී ඇති බවත් මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් මෙහිදී නීතිඥ සංජය ආරියදාස මහතා කරුණු දක්වා සිටියා.

මෙම සිද්ධිය හුදකලා සිද්ධියක් නොවන බවත් සිංහල ජාතික පුරුෂයකු සමග විවාහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ අනුදැනුම මත මෙය සිදුව ඇති බවත් “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” (ICCPR) පනත මගින් සැකකරුවන්ට විරුද්ධව ක්‍රියා කරණ ලෙසත්  නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකාරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරුණු දක්වමින් ඇප පනතේ විදිවිධාන අනුව ඕනෑම කොන්දේසියකට යටත්ව සැකකරුවන් 6 දෙනාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා සහ පොලීසිය සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධ විය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරණ ලද කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා, පොලිස් පරීක්ෂණ පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බවත් මෙම නඩුවේ පරීක්ෂණ කඩිනම් කරණ ලෙසත්  “වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම” සඳහා වූ පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරණ ලෙසත් පොලිසියට නියෝග කර සිටි අතර සැකකරුවන් 6 දෙනා නැවත ජූලි 4 වනදා අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර සිටියා.

මෙම සිද්ධියට මුහුණදුන් අබ්දුල් හසන් ෆාතුමා හයිෆා  පවසන්නේ “ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා” යනුවෙනි.

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019/03/03 වන දින CIB 2 22/327, 2019/03/25 දින CIB 128/19, 2019/03/26 දින CIB 3 162/146, 2019/03/30 දින CIB 1 340/358 සහ 2019/03/29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඇය පවසයි. එම පැමිණිලි පිළිබඳව කඩිනම් විභාගයක් සිදුනොවුණු බැවින් 2019/05/24 වන දින සහ 2019/06/12 කලුතර ජේෂ්ඨ පොලිස්පති වෙත පැමිණිලි කල බවත් එහිදී ජේෂ්ඨ පොලිස් පතිවරයා ප්‍රදේශයේ පල්ලියට අවනත වන ලෙස තමාට ප්‍රකාශ කල බවත් අබ්දුල් හසන් ෆාතුමා හයිෆා සඳහන් කර සිටිනවා.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවන ජනපති තීදුවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday

පළමු ස්ථාන හයයි.. සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් මෙන්න

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14ක් ඉල්ලයි

colombotoday

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday