Colombo Today Local News

සිය වරක්‌ සිරගත කළත් ජාතික වගකීම අත්හරින්නේ නෑ – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

තවත් සියක්‌ වරක්‌ සිරගත කරනු ලැබුවත් තමන් වහන්සේ සිදුකරන ඓතිහාසික ජාතික වගකීම කිසිසේත් අත්නොහරින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

රටට ද්‍රෝහී කොටස්‌ රටේ මහා සම්ප්‍රදාය අවමඟුලකට ලක්‌කර ඇතැයි ද තවදුරටත් එය කිරීමට ඉඩදිය නොහැකි යෑයි ද උන්වහන්සේ කීය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (26 වැනිදා) එම අදහස්‌ පළ කළේ රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජික විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ඥනසාර හිමියෝ මෙසේ ද කීහ.

මා සිරගත කිරීම පිළිබඳ රට තුළ විශාල කතාබහක්‌ ඇති වුණා. සිරකිරීම, ජම්පරය, හා මේ ක්‍රමය ගැන ඒ කතාබහ වුණා. ඒ නිසා මේ පිළිබඳව අදහස්‌ දැක්‌වීම යුතුකමක්‌ ලෙස මා දකිනවා. මා සිරකළ මොහොතේ සිට සියලු තතු නිසියාකාරව රටට කියා පෑ සියලු මාධ්‍ය ආයතනවලට මාගේ පුණ්‍යානුමෝදනාව මේ මොහොතේ සිදුකරනවා.

ඒ වගේම මහානායක හිමිවරු ඇතුළු ගරුතර ස්‌වාමින් වහන්සේලා, සියලුම සංඝ සභාවන්, මාගේ චිත්ත ධෛර්ය දුර්වල වන්න නොදී මා පිටුපස සිටීම ගැන අපේ ගෞරවය හිමිවෙනවා. අපේ හිමිවරුන් බෙදී නැති බව මේ සිදුවීමෙන් පෙන්නුම් කළා. ඒ වගේම රටේ ජනතාව මා වෙනුවෙන් නිස්‌රණාධ්‍යාශයෙන් පෙනී සිටියා. ගාල්ලේ සිට කොළඹට හාමුදුරුවරු පා ගමනින් වැඩම කළා. ඒ සියලු දෙනාට නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා. එසේම බන්ධනාගාර නිලධාරීන්ට, සිරකරුවන්ට ද මේ ස්‌තුතිය මේ මොහොතේ පුද කරනවා.

අධිකරණය හා නඩු තීන්දුව ගැන මා කතාකරන්න යන්නේ නැහැ. මාව සිරගත කිරීමේ වගකීම මේ ආණ්‌ඩුව භාරගත යුතුයි. අධිකරණයට ස්‌වාධීනව හා අපක්‍ෂපාතීව යුක්‌තිය ඉෂ්ට කිරීමට ඉඩ නොදී රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළා. සිංහල බෞද්ධත්වයට එරෙහිව කෲර ලෙස කටයුතු කරන්නන් දිගින් දිගටම අපට එරෙහිව කටයුතු කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙක්‌ හා මා ඉහත කියූ බත්බැලයන් කිහිප දෙනෙක්‌ මේ කුමන්ත්‍රණය පිටුපස සිටියා. නීතියේ දෙවඟන මහා දවාලේ මේ පිරිස දූෂණය කළ බව නොකියාම බැහැ.

අවුරුදු ගාණක සිට මාව හිරේ දාල මට ජම්පර් අන්දන්න බොහෝ පිරිසක්‌ කටයුතු කළා. ඇමරිකානු නව යටත්විජිතවාදී වැඩපිළිවෙළක්‌ හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් අප සමඟ ගැටෙනවා. වහාබ්වාදී ආක්‍රමණික කල්ලි ඉතාම දරුණු ගනයේ බරපතළ සතුරන් බවට පත්කර තිබෙනවා. ඔවුන්ගේ හීනය වුණේ ඥනසාර හිමිට එක දවසකට හරි ජම්පර් අන්දන්න ඕන කියලයි.

එසේම පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ඇතැම් මැති ඇමැතිවරු අපට හතුරුකම් කරන්න බලන් හිටිය. මේ සතුරු පෙරමුණුත් සමඟ එකතුවී දේශපාලකයන් කියන ඕන දෙයක්‌ කරන්න සැදී පැහැදී සිටින නිලධාරීන් පිරිසක්‌ අප රටේ ඉන්නවා. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ එවැනි පිරිසක්‌ ඉන්නවා. හෝටල්වල, නයිට්‌ ක්‌ලබ්වල තුච්ඡ සාකච්ඡා කරන නිලධාරීන් රෙජිමයක්‌ ඉන්නවා. පොලිසියේ අධිකරණයේ බන්ධනාගාරයේ එලොවටත් මෙලොවටත් නැති පිරිසක්‌ ඉන්නවා.

යුක්‌තිය වෙනුවෙන් පෙනී සිටින පිරිස දඩයම් කිරීමට දඩබල්ලන් සේ කටයුතු කරන පිරිසක්‌ රටේ ඉන්නවා. ලිච්චවී පාලනයක්‌ ගැන කතා කරමින් පළිගැනීම් ඉහළින්ම කරමින් යහපාලනය ඉදිරියට යනවා. අධිකරණයේ විනිසුරුවන් දෙන තීන්දුවලට අප යටත්. ඔවුන් දෙන තීන්දු වෙනස්‌ කරවන්න මම ඉහතින් කියපු නීතිය ගණිකා වෘත්තියේ යොදන නිලධාරීන් රෙජිමයට පුළුවන් වී තිබෙනවා. ඒක තමයි ඇත්ත.

මට ජම්පරය අන්දන්න කටයුතු කළ ප්‍රධාන ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ නිලධාරීන් රෙජිමය මේ කටයුත්ත තවමත් නතර කර නැහැ. අගමැතිවරයා විශ්වාස භංගයෙන් පරද්දන්න අප කුමන්ත්‍රණ කළා කියලා හිතලා තමයි අපට මේ වැඩේ දෙන්නේ. අපට ඒ ගැන දැන් තොරතුරු ලැබී තිබෙනවා.

අධිකරණය නමැති දේවාලයේ නීතිය කියන දෙවියන් ඉදිරියේ යදින කපුවන්ට ආවතේව කරන අයට මේ තොවිලේ හොඳට වුණා කියලා. පුද සත්කාර හා වරදාන ලැබී ඇති බව අපට තොරතුරු ලැබී තිබෙනවා. සමහර අයට යම් යම් ගෙවීම් ලැබී තිබෙනවා. ඒ ගැන සොයා බැලීම මාධ්‍යයට භාරයි.

තෙල් හැලියක්‌ ඔළුවේ තියාගෙන ඒදණ්‌ඩේ යන තැනටයි අප වැටී තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය භාවිත කර අපේ ආත්ම ගෞරවය කෙලසනවා. සංස්‌කෘතියට ගරහන පව්කාරයෝ මේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල කෙරුම්කාරයෝ වෙලා තිබෙනවා. මේ අය රටේ මහා සම්ප්‍රදාය අවමඟුලකට ලක්‌ කරලා. අපි දැස්‌ කට පියාගෙන හරියන්නේ නැහැ. ඒ අරගලයේදී අපි ආපසු කිහිප පාරක්‌ හිරේ යන්න පුළුවන්. එහෙම කියලා අපි කට වහන් ඉන්නේ නැහැ.

උසාවිය තාම හරියට යුද්ධයේ කොලනියක්‌ වගේ. රස්‌සාව උසස්‌වීම් නිසා මිනිසුන් හැම දේටම යටත් වෙලා. අපිට මෙහෙම කරලා නතර කරන්න බැහැ. අපි කරන්නේ ඓතිහාසික ජාතික කාර්යභාරයක්‌. අප මේ කරන්නේ රට දැය සමය

රැකගැනීමයි. රටට අහිතකර සිදුවීම් අප හෙළිකරාම දේශපාලන තක්‌කඩි අපට පහර දෙමින් සිටිනවා.

පාතාලය රකින, රට දූෂණය කරන දේශපාලනඥයන් රට විනාශයටම ගෙන යනවා. ඔවුන් සිවුරට ද්‍රෝහිකම කිරීම අවසන් නැහැ. මට වුණු විපත්තිය මට පමණක්‌ වූ දෙයක්‌ නෙවෙයි. මේ ප්‍රශ්නය සාංඝිකයි. ඒ නිසා අපට දැන් විශාල වගකීමක්‌ තිබෙනවා. මේ හොරුන්ගේ නම් තවම නොකියන්නේ බයකට නොවන බව කිව යුතුමයි. තම තම නැණ පමණින් දැන ගන්න කියා ඉල්ලා සිටිනවා.

Related posts

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

හමුදාවේ 4 දෙනෙක් පුද්ගලයෙකුව පැහැරගෙන හිහින් – හමුදාපති තුමාගෙන් නියෝගයක්

colombotoday

මා පැමිණියේ බහු ජාතික, බහු ආගමික ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාද්වීපයෙන් – අගමැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව අමතයි

colombotoday

යහපාලනයේ අමුතු චන්ඩියා ‘වී අංගොඩ‘.. ජනාධිපතිතුමෝ මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න

colombotoday

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday