extremism & terrorism activitiesWorld

මුස්ලිම් නොවන අයව අවසන් කිරීමට “ලව් ජිහාඩ් සහ මත්ද්‍රව්‍ය ජිහාඩ්” භාවිතා කරනවා – රදගුරු මාර් ජෝශප් කල්ලරංගට්

කේරළයේ සිරෝ මලබාර් දේවස්ථානයේ (Syro Malabar Church) රදගුරු මාර් ජෝශප් කල්ලරංගට් (Mar Joseph Kallarangatt), “ලව් ජිහාඩ්” (love jihad) සහ “මත්ද්‍රව්‍ය ජිහාඩ්” (end non-Muslims) වැනි උපක්‍රම භාවිතා කරමින් “මුස්ලිම් නොවන අයව අවසන් කිරීමට” අන්තවාදීන් උත්සාහ කරන බව පවසා ඇත.

“ඉන්දියානුවන් සමග ආයුධ අතට ගැනීම සහ අනෙක් අය විනාශ කිරීම පහසු නොවන බව ඔවුන් තේරුම් ගෙන ඇත. ඔවුන් වෙනත් ක්‍රම භාවිතා කරති. ඔවුන්ගේ අරමුණ ඔවුන්ගේ ආගම ප්‍රවර්ධනය කිරීම සහ මුස්ලිම් නොවන අයව අවසන් කිරීම සඳහා ‘ලව් ජිහාඩ්’ සහ ‘මත්ද්‍රව්‍ය ජිහාඩ්’ භාවිතා කරති. ”රදගුරු කල්ලරංගට් කෝට්ටාම් දිස්ත්‍රික්කයේ කුරුවිලංගඩ් දේවස්ථානයක සභාව අමතමින් පැවසීය.

සෙසු ආගම් විනාශ කිරීම සඳහා කේරලයේ වාර්ගිකවාදයේ, ආගමික අසමගියෙහි සහ නොඉවසීමෙහි බීජ වැපිරීමට අන්තවාදීන් උත්සාහ කරන බව රදගුරුතුමා තවදුරටත් කියා සිටියේය. ආර්ථික වාසි සඳහා ඔවුන් වෙනත් ආගම්වලට අයත් කාන්තාවන් ඉලක්ක කරගත් අතර ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “යුද උපාය” ලෙස “ලව් ජිහාඩ්” භාවිතා කළ බව ඔහු චෝදනා කළේය.

“ප්‍රේමය විවාහයක් පමණක් නොවේ, එය යුද උපාය මාර්ගයක්” රදගුරු කල්ලරංගට් තවදුරටත් පැවසීය.

Related posts

බ්‍රිතාන්‍යයම ඉස්ලාම් ත්‍රස්ත බියෙන්.. ලන්ඩනයේ ආරක්ෂාවට පන්දාහක හමුදා බළඇණියක්

colombotoday

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

Admin

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

Admin

මරාවි හමුදා ප්‍රහාරයෙන් ‘ලාංකික ISIS ත්‍රස්තවාදීනුත්‘ මිය ගිය බව පිලිපීන ජනපති තහවුරු කරයි

colombotoday