extremism & terrorism activitiesWorld

ප්‍රමුඛතම අනතුර ඉස්ලාම් අන්තවාදයයි. | ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකට සූදානම් විය යුතුයි. | බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අනතුරු අඟවයි.

ඉස්ලාම් අන්තවාදය ප්‍රමුඛතම තර්ජනය ලෙස පවතින බවත් අන්තවාදී කණ්ඩායම් විසින් එල්ලකලහැකි ජීව විද්‍යාත්මක ප්‍රහාරයකටබටහිරයන් සූදානම් විය යුතු බවත් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් අද (6) පැවසීය.

ඉස්ලාම් දෘෂ්ටිවාදය සහ ප්‍රචණ්ඩත්වය යන දෙකම ආරක්‍ෂාවේ පළමු තර්ජනය ලෙස පවතින බවත් 9/11 ප්‍රහාරය එල්ල කළ පරිදිම තවත් ප්‍රහාර නොසිතු මොහොතක එල්ලවීමේ තර්ජනයක් පවතින බවත් RUSI security think tank හීදී බ්ලෙයාර් පැවසීය. 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ විසිවන සංවත්සරය සැමරීම සඳහා එය පැවැත්වින.

“COVID-19 අපට මාරාන්තික රෝග කාරක ගැන කියා දී ඇත. ජෛව ත්‍රස්තවාදයේ හැකියාවන් විද්‍යා ප්‍රබන්ධ වල විෂය පථය සේ පෙනෙන්නට පුළුවන. නමුත් ඒවාට අපි දැන් සූදානම් වීම ඥානවන්ත ය,” ඔහු පැවසීය.

2001 දී බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්ථානයට යැවූ හිටපු අගමැතිවරයා පැවසුවේ එක්සත් ජනපදයේ හමුදා මැදිහත් වීම සඳහා සීමිත රුචියකින් යුතුව බ්‍රිතාන්‍ය යුරෝපයේ රටවල් සමඟ වඩාත් සමීපව කටයුතු කළ යුතු බවයි.

රොයිටර් පුවත් සේවය ඇසුරෙනි

Related posts

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා” – ISIS ත්‍රස්තයෝ අනතුරුඅගවයි

colombotoday

මියන්මාර් හමුදාවට එරෙහිව UN මානව හිමිකම් නිර්දේශ, මියන්මාර් රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday