Colombo Today Local NewsTop Stories

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමෙ සංචාරක පැකේජයක් සඳහා මුදල් ගෙවා අප්‍රේල් 15 වන දින තම පවුලේ ඥාතීන් සමග මැලේසියානු සංචාරයක් සඳහා පිටත්වයාමට සුදානමින් සිටි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව මීට ඉහතදී Colombo Today වාර්තා කර සිටියා.

එම පුවත පළකිරීමෙන් පසුව සමාගමේ හිමිකරු තුමිලන් ලෙස හඳුන්වමින් පෙරේදා (11) පුද්ගලයෙකු සහ කළමනාකාර ලෙස හඳුන්වාගත් තවත් පුද්ගලයෙකු කිහිපවිටක් දුරකථනය ඔස්සේ අප වෙබ් අඩවියේ කතෘවරයෙකු අමතන ලදි.

S තුමිලන්

මෙම සිදුවීම්වලින් පසුව එළෙඹෙන 15 වනදා සංචාරය සිදුකිරීමේ අරමුණින් තම පවුලේ සත් දෙනෙකුගේ වීසා සහිත ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඊයේ (12)දින රන්ජිත් විතානගේ මහතා අදාළ සමාගමේ කාර්යාලය වෙත ගිය නමුත් වියාපාරයේ හිමිකරු ලෙස හඳුන්වන තුමිලන් නැමැත්තා ගමන් බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අවස්ථාවේ විතානගේ මහතා විසින් පොලිස් මුලස්ථානය වෙත දුරකථනය ඔස්සේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර බම්බලපිටිය පොලීසිය වෙත යන ලෙස පොලිස් මුලස්ථානය විසින් මෙහිදී උපදෙස් ලබා දී ඇත.

මැලේසියා යන්න මුදල් ගෙවා පොලීසි යාම

ගුවන් බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව විතානගේ මහතා ආයතනයට විරෝධය දක්වා ඇති අතර බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ දෙපාර්ශවය පොලීසියට කැඳවාගෙන ගොස් ඇත.

මෙම සංචාරය සඳහා සත් දෙනෙකු මුදල් ගෙවා ඇතත් 5 දෙනෙකුට පමණක් Blue ocean travel සමගම ඒ වන විට ගමන සුදානම් කර ඇති බව පොලිසියේදී හෙළිවිය. ඉතිරි දෙදෙනා සඳහා අවශ්‍ය වීසා සුදානම් කිරීම සඳහා සමාගම පැයක කාලයක් ඉල්ලා සිට ඇත. කෙසේ වෙතත් පැය කිහිපයකට පසු සියලු දෙනාගේ වීසා බම්බලපිටිය පොලීසිය තුලදී බාර දෙන ලදි.

තමන් මුදල් ගෙවා මාසයකට ආසන්න කාලයක් රස්තියාදු වූ බව විතානගේ මහතා සඳහන් කර සිටි අතර එම සමාගම විදේශ සංචාර සංවිධානය කරන්නේ කෙසේදැයි නොදන්නා බව තමාට හැඟී ගිය බව අප සමග සඳහන් කර සිටියා. වෙනත් සමාගම් ඉතා හොඳ සේවා සපයන තරඟකාරී වෙළඳපොලක Blue ocean travel සමාගමෙන් සේවාව ලබා ගැනීම සඳහා ගැනුම්කරුවන්ට පොලීසි පවා යාමට සිදුව ඇති බව ප්‍රකාශ කර සිටි විතානගේ මහතා මෙවැනි අකාර්යක්ෂම සමාගම්වලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයාගේ නාමය අවභාවිතා කිරීම

මෙම සිදුවීමේ තවත් පැතිකඩක් වන්නේ අප වෙබ් අඩවිය විසින් පළකරන ලද පුවත් දෙකක පිටපත් පොලීසියට රැගෙනවිත් ඒවා ඉවත් කරන ලෙස විතානගේ මහතාගෙන් ඉල්ලා සිටීමයි. අප විසින් වගකීමෙන් පළ කරණ ලද පුවත් කිසිවෙකුගේ ඉල්ලීමට ඉවත් නොකරන බව සඳහන් කළ යුතුව ඇත. මීට ඉහතදී අප වෙබ් අඩවියේ කතෘවරයෙකු අමතා Blue ocean සමාගමේ හිමිකරු තමා ජනාධිපතිවරයාගේ මිතුරෙකු බව පවසමින් වක්‍රාකාර ලෙස අප බියගැන්වීමට ළදරු උත්සහයක් ගන්නා ලදි. ජනාධිපතිවරයාගේ නාමය අවභාවිතා කිරීම දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අපි ඔහුට මතක් කර දීමට කැමැත්තෙමු.

Related posts

පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

colombotoday

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

colombotoday

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

colombotoday