Colombo Today Local NewsTop Stories

“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්

Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමෙන් තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති වරයා විසින් Colombo Today වෙබ් අඩවියට සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් අප විසින් “Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..” යන ශීර්ෂය යටතේ අද (11) දහවල් පුවතක් පළ කර සිටි අතර ඒ පිළිබඳව එම සමාගමේ හිමිකරු යැයි සඳහන් පුද්ගලයෙකු සහ කළමනාකාර ලෙස හඳුන්වාගත් පුද්ගලයෙකු කිහිපවිටක් දුරකථනය ඔස්සේ අප වෙබ් අඩවියේ කතෘවරයෙකු අමතන ලදි.

දුරකථනය ඔස්සේ අප ඇමතු පුද්ගලයන් විසින් එම පුවත ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර අප විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. එම පුවත සඳහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍යයනම් info@colombotoday.com ඊමේල් ලිපිනයට අපවෙත එවන ලෙසත් එය පලකිරීමට අප සුදානම් බවත් පවසන ලදි.

නැවත වරක් දුරකථනය ඔස්සේ අප ඇමතු එම පුද්ගලයින් රොමේෂ් ද සිල්වා මහතා තම සමාගමේ නීතිඥවරයා බවත් අදාළ ප්‍රකාශය පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සභාපති රංජිත් විතානගේ සිදුකළ බවට ලිඛිතව ලබා දෙන ලෙසත් දන්වන ලදි. ඒ පිළිබඳව සඳහන් කිරීම සඳහා සුළු මොහොතක් ලබා දෙන ලෙස අප විසින් ප්‍රකාශ කල අතර ඊට සුළු මොහොතකට පසුව නැවතවරක් අප ඇමතු Blue ocean සමාගමේ හිමිකරුයැයි සඳහන් පුද්ගලයා තමා ජනාධිපතිවරයාට ඉතා සමීප පුද්ගලයෙක් බව ප්‍රකාශ කරන ලදි. අප වෙබ් අඩවියේ IP ලිපිනය බ්‍රිතාන්‍යයේ බැවින් එරට පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කරන බවත් ඔහු සඳහන් කරන ලදි.

ව්‍යාපාරිකයන්ගේ හෝ දේශපාලකයන්ගේ බලපෑම්වලට අප කිසිසේත්ම බිය නොවන බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුව ඇත. Colombo Today වෙත මෙලෙස බලපෑම් එල්ලවූ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. අප පලකළ පුවත සඳහා පිළිතුරක් ඇත්නම් එය ලබා දෙන ලෙස Blue ocean සමාගම වෙතින් කිහිප විටක්ම අපගේ කතෘවරයකු ඉල්ලා සිටි අතර ඔවුන් එසේ නොකොට තමන්ට ඇති දේශපාලන හිතවත්කම් පිළිබඳව පුරසාරම් දෙඩීම සිදුකරමින් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව සඳහන් කිරීම විහිළුවකි.

මුදලක් ලබා දී සේවාවක් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට නිසි පරිදි සේවා සැපයීම එම සමාගමේ වගකීමක් මෙන්ම එය එසේ නොවන්නේනම් ජනතාව එම සමාගම ප්‍රතික්ෂේප කරනු ඇති බවත් එවිට තමන්ට ඇති දේශපාලන හිතවත්කම් පිළිබඳව පැවසීම නිෂ්පල වෙනු ඇති බවත් අවසාන වශයෙන් මතක් කර දෙන්නෙමු.

මුල් පුවත….

Related posts

මහනායක හාමුදුරුවන්ට අභියෝග කිරීම දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්. | සේරුවිල අත්පත්කර ගැනීමට කිරිබත්ගොඩ හිමි දේශපාලන හිතවත්කම් යොදා ගන්නවා ?

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday