Colombo Today Local Newsfeatured

වහාබි, සලෆි, ඉහ්වාන් ත්‍රස්තයන්ට විරුද්ධව බොදු බල සේනා සුෆි මුස්ලිම් ප්‍රජාව සමග එක් වෙයි

ලෝක සුෆි මුස්ලිම්වරුන් අන්තවාදයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා එක්ව කටයුතු කිරිමටත් ත්‍රස්තවාදීන් බිහිකිරීමට බලපාන මූල බීජ හඳුනාගෙන එම ඉගැන්වීම් ලෝකයෙන් තුරන්කර දැමීමටත් බොදු බල සේනා සංවිධානය ලෝක සුෆි මුස්ලිම් ප්‍රජාව හා සහයෝගීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බොදු බල සේනා සංවිධානය සඳහන් කර සිටිනවා.

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඝාතනය කිරීම සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානය නිකුත් කල මාධ්‍ය නිවේදනය….


බොදු බල සේනා මාධ්‍ය නිවේදනය. 2020/10/24

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී 2020 ඔක්තෝම්බර් 23 සිකුරාදා දින බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි සුෆි මුස්ලිම් පුජකතුමා වහාබි, සලෆි, ඉහ්වාන් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව වැඩසටහන් රාශියක් තාර්කිකව ඉදිරිපත් කල අයකු ලෙස හැදින්වේ.

2013 වසරේදී ද මෙවැනිම ආකාරයෙන් ෂෙයික් මුහම්මද් සයිද් රමළාන් නැමති සුප්‍රසිද්ධ සුෆි පුජකතුමාව පල්ලියක් තුල බොම්බ තබමින් ඝාතනය කරන ලදි.

බොදු බල සේනා සංවිධානය මෙම කෘර ඝාතන තරයේ හෙලා දකිනු ලබයි. ආගම නාමයෙන් සිදුකෙරෙන මෙවැනි ඝාතන කිසිම හේතුවක් මත අනුමත කිරීමට නොහැක. වහාබි, සලෆි, ඉහ්වාන් මතවාදවලින් ගොඩනැගුනු ISIS පන්නයේ ක්‍රියාකාරකම් සමාජය තුල ව්‍යාප්තවීම අන්‍ය ජාතිකයන්ට මෙන්ම ඝාතන අප්‍රිය කරන සහ සාමයට ලැදි සාම්ප්‍රධායික මුස්ලිම් ජනසමාජයට ද දැඩි ලෙස බලපාන කාරණයක් බව මෙම ඝාතන ඔස්සේ පැහැදිලි වේ.

ලෝක සුෆි මුස්ලිම්වරුන් අන්තවාදයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා එක්ව කටයුතු කිරිමටත් ත්‍රස්තවාදීන් බිහිකිරීමට බලපාන මූල බීජ හඳුනාගෙන එම ඉගැන්වීම් ලෝකයෙන් තුරන්කර දැමීමටත් බොදු බල සේනා සංවිධානය ලෝක සුෆි මුස්ලිම් ප්‍රජාව හා සහයෝගීව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

බොදු බල සේනා
0766880030
info@bodubalasena.org

Related posts

සිරසFM ,Y FM, Yes FM, Shakthi FM නාලිකා 4ක් මරික්කාර් යටතට.. පාර්ලිමේන්තු නොයෙන මන්ත්‍රීන් අතරේ මරික්කාර් පෙරමුණට

colombotoday

“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලා

colombotoday

අජිත්.පී පෙරේරාගේ – සුජීවගේ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි

colombotoday

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

colombotoday

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin