Colombo Today Local News

පාස්කු කොමිසම පවරපු වැඩේ හැර අනෙක් සියලු දේ කරලා. | සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණය. ඥානසාර හිමි හෙළි කරති.

ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් (අද) 2021-03-06 වන දින උදෑසන 9ට අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී සිදු කෙරිණි.

සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණයක් පවතින බව මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන ලදි. මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නයට දේශපාලන උත්තර නොමැති බව අවධාරණය කර සිටි උන්වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඔවුන්ට පවරපු වැඩේ හැර අනෙක් සියලුම දේ සිදුකර ඇති බවත් සඳහන් කරන ලදි.

1951 දී ආරම්භ කරන ලද ජමාතේ ඉස්ලාම් සංවිධානය ඔවුන්ගේ පොත්වල “සමස්ත මුස්ලිම් සමාජයම නොවුනත් සමස්ත මුස්ලිම් සමාජය වෙනුවෙන් එක්තරා මුස්ලිම් කණ්ඩායමක් වුවද ජිහාදයේ යෙදීම සෑහේ” යනුවෙන් සඳහන් කර ඇති බවත් මුස්ලිම් අන්තවාදී සංවිධානවලට නායකයන් නොමැති බවත් ඔවුන්ගේ නායකයා ඔවුන් විශ්වාස කරන දෘෂ්ටිවාදය බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.

“සිංහල නායකයන්ගේ අසමගිය මේ රට විනාසයට කැඳවනවා නියතයි” යනුවෙන් සඳහන් කර සිටි උන්වහන්සේ දේශපාලන බෙදීම් පැත්තකින් තියලා ජාතියක් වශයෙන් ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයට මුහුණ නොදුන්නොත් ජාතියම විනාශ වන බව සඳහන් කරන ලදි.

ක්‍රිස්තියානි මූලධර්මවාදය මුළු රාජ්‍ය යාන්ත්‍රයේම සිටින වගකිව යුතු බලදරයෝ “බෝර්න් එගේන්” ක්‍රිස්තියානියට ගොදුරු කරමින් සිටින බවත් අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදීන් පිළිකාවක් වගේ නලීමිලා වශයෙන් ස්ථානගතවී සිටින බවත් ඥානසාර හිමියෝ පෙන්වා දෙන ලදි.

ඉස්ලාම් අන්තවාදය සමග සුරතල් විය නොහැකි බවත් උලමා සංවිධානය ඊයේ Zoom තාක්ෂනය හරහා කොවිඩ් එන්නත හලාල් ද කියලා හොයන්න සංවාදයක් පටන්ගෙන තිබෙන බව හෙළි කර සිටි උන්වහන්සේ රටේ පවතින නීතියට මේ වහබ්වාදී කල්ලිය කිසිදු අනුකූලතාවයක් නොදක්වන බවත් සඳහන් කරන ලදි.

සිංහල නායකයන්ට චෝදනා කරලා විනාශ නොකළ යුතු බවත් සිව්වනක් පිරිසම එකට එකතුවෙලා සියලුම නායකයෝ එකතු කරගෙන ඉස්ලාම් අන්තවාදයට මුහුණ දිය යුතු බවත් ඥානසාර හිමියෝ අවධාරණය කරන ලදි.

මෙහෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ…

Related posts

පාතාල සමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday

සජිත් කැපෙයි.. පුංචි ඡන්දයෙන් එජාපය ගොඩ දාන සටන කබීර්, රවී අතට !

colombotoday