Colombo Today Local Newsfeatured

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි නොකළ වරදවල් 4ක් ඔප්පු කොට දඬුවම් ලබා දුන් බවත් ජනාධිපතිවරයා සතු බලතල භාවිතා කර එම වරද නිවැරදි කරන ලෙසත් ඉල්ලමින් බොදු බල සේනා සංවිධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හරහා යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්….


10/10/2018

 

ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා මගින්

ගරු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ කාරුණික  අවධානයට.

 

ගරු ජනාධිපතිතුමනි,

 

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ් ගලගොඩාඅත්තෙ ඤාණසාර හිමියන් නිදහස් කර ගැනිම

 

හෝමාගම මහේස්ත්‍රාත්  අධිකරණයේ  සිදුවු සිද්ධියක් සම්බන්ධයෙන්  අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් නිසා බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩාඅත්තෙ ඤාණසාර  හිමිට වසර 19 ක සිරදඬුවම් එය වසර 6 කින් ගෙවි යන ලෙස ලබාදී ඇත.

 

උන්වහන්සේ ට සාධාරණයක් කරන ලෙස මේ පිළිබඳව තීන්දුව ලබා දුන්  අභියාචනාධිකරණයටම කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප  කරනු ලැබී  ඇති අතර අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අයදුම්පත ද  ඔක්තෝබර් මස 5 වනදා වෙනස් මත දෙකක් සහිතව ප්‍රතික්ෂේප විය.

 

අප මේ ලිපිය යොමු කරන්නේ ඤාණසාර  හිමියන්ට ලබාදී ඇති දඩුවම කිසිසේත්ම  සාධාරණ හා යුක්තිසහගත නොවන නිසා ඔබ තුමා සතු බලය භාවිත කොට උන්වහන්සේ  නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටීමටය.

 

හෝමාගම  උසාවියේ සිද්ධිය සම්පූර්ණයෙන්ම විකෘති කොට උන්වහන්සේ  විසින් නොකල වරදවල් 4 ක් ඔප්පු කොට මේ දඩුවම්  ලබා දී ඇති බව මෙම සිද්ධිය සැබවින්ම දන්නා අයගේ පිළිගැනීමයි.

 

එදින උසාවියේ  ඤාණසාර හිමි කතා කලද , එය කිසි ව්ටක උසාවියට අපහාස කිරීමේ අදහසකින් සිදු වුවක් නොව රටේ හමුදා බුද්ධි නිළධාරීන් අනවශ්‍ය  ලෙස සිරකර තැබීම පිළිබඳව කල අහිංසක ඉල්ලිමක් විය..එම අවස්ථාවේදීම එසේ කතාකිරීමෙන් වරදක් වූයේනම් සමාවන ලෙස ඉල්ලා තිබියදීත් මෙම සුලු සිද්ධිය  විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කරමින් දරුණු තීන්දුවක් ලබා දී ඇත.

 

මෙම තීන්දුව මෙරට  අධිකරණ ක්‍රියාදාමයට පමණක් නොව ස්වභාවික යුක්ති ධර්මයට කැලලක් බව අපගේ මතයයි. මේ තත්වය නීතිය හා අධිකරණ ක්‍රමය පිළිබඳව ජනතා විශ්වාසය තවදුරටත් පලුදු වන කරුණක් වීම වැලැක්විය නොහැක.

 

පොදු  ජනතාව හා විශේෂයෙන්  රටේ ආරක්ෂක  අංශ වෙනුවෙන් කතාකල ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වු මේ හිමියන්ට මෙවැනි අසාධාරණ  දඩුවම්ක් ලබා දිම පිටුපස යම් කුමන්ත්‍රණ ඇති බවත් උන්වහන්සේ  සිරගත කිරීම දේශපාලනික බවත් බහුතරයක් විශ්වාස  කරන අතර උන්වහන්සේට  හා යුක්තියට සාධාරණයක් ඉටු නොකලහොත්  ජන සමාජය තුල නොසන්සුන්තාවයන් ඇති වීම ඉදිරියේ දී වැලැක්වීම දුෂ්කර වනු ඇති බව අපගේ හැගීමයි. ස්වභාවධර්මය පවා කෝප වීම පවා සිදු විය හැකි තරම් අපරාධයක් ලෙස මෙය දකිමු.

 

2014 සිට බොදු  බල සේනා සංවිධානය හා ඤාණසාර හිමි සිරගත කිරීමට ප්‍රසිද්ධියේ කටයුතු කල , ඉල්ලීම් කල නීතිනිළධාරීන්ගේ සංගම් හා විවිධ අන්තවාදී පාර්ශ්ව මේ කුමන්ත්‍රණ පසු පස සිටින බව අපගේ පිළිගැනීමයි. ඒ බව පහත ඉන්ටර්නෙට් සබැඳියාවන් මගින් තේරුම් ගැනීමට පුලුවන.

 

http://www.thesundayleader.lk/2014/06/15/basl-concerned-over-bbs/

http://www.thesundayleader.lk/2014/06/15/basl-concerned-over-bbs/

http://www.ft.lk/article/304856/BBS–BASL-lock-horns

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=103688

http://www.dailymirror.lk/article/bbs-challenges-basl-to-debate-on-letter-sent-to-ag-48258.html

https://www.colombotelegraph.com/index.php/bbs-should-be-dealt-with-prevention-of-terrorism-act-says-president-basl/

https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20140614/281689727882108

 

මේ කාලපරිච්ඡේදය තුල නීතිනිළධාරීන්ගේ සංගමය ව්සින් ඤාණසාර හිමි දඩයම් කිරීමට ගනු ලැබූ උත්සහයන් තුල එවකට එම සංගමයේ ප්‍රධාන නියමුවකු  වූ වත්මන්හි  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන ප්‍රසන්න ජයවර්ධන  මහතා (http://www.sundaytimes.lk/140921/news/basl-tells-president-to-go-for-integrity-seniority-and-merit-in-appointing-judges-119129.html ) ඔක්තෝබර් 5 වන දින ඤාණසාර  හිමිගේ අභියාචනයේදී අපක්ෂපාති තීන්දුවක් අපේක්ෂා කිරීම විහිලුවකි.

 

පොලීසිය හා අධිකරණය විසින් සිය  රාජකාරි ඉටු කිරීම පිළිබඳව යම් සාපේක්ෂ ප්‍රගතියක් පසුගිය කාලය තුල දැකිය හැකි අතර අපක්ෂපාතීව සිය රාජකාරි කරන බහුතරයක් සිටියද මෙම සිද්ධියේදී  පොලීසියේ හා නීතිපති  දෙපාර්තමේන්තුවේ යම්  නිළධාරීන් යම් බලපෑමකට ලක්ව කටයුතු කර ඇති බව හා ඒ අනුව සිතකින්වත් නොකල වරදවල් වලට ඤාණසාර  හිමියන්ට දඩුවම් විදීමට සිදු වී ඇත.

 

  1. උන්වහන්සේ අධිකරණය තුල අනවසරයෙන් කතා කොට අධිකරණයට අපහාස කිරීම ඔප්පු කර ඇත..මෙය අසාධාරණ කරුණකි. උන්වහන්සේ  විනිසුරු සමග සංවාදයක යෙදුනු  බව සත්‍ය වන අතර  එම අවස්ථාවේ විනිසුරු උන්වහන්සේ උසාවියට අපහාස කල බවක්         හෝ දඩුවම් කිරීමක් කර නොමැත.
  2. උන්වහන්සේ බුද්ධි නිළධාරීන්ට ඇප ලබා දීමට යම් දෙයක් කල හැකිදැයි විනිසුරු වරයාගෙන් ඉල්ලා සිටි අතර නඩු තීන්දුව වුයේ ඇප ලබා දෙන ලෙස විනිසුරුට තර්ජනය කල බවය.
  3. ඤාණසාර හිමි ස්වාමිනි ලෙස බැගෑපත්ව කල ඉල්ලීමට විනිසුරුගේ ප්‍රතිචාරය වූයේ තමා කලහැකි සියලු දේ සැකකරුවන් වෙනුවෙන්  කරන බවත්, තමන් සර්ව බලධාරී දෙවි කෙනෙක් නොවන බවහ්, තමාට් මේ නීති පොතට අනුව කටයුතු කිරීමට සිදු වී ඇති බවත් එය වෙනස්කිරීමට  පාර්ලිමේන්තුවේ දී කලයුතු බවත් ප්‍රකාශ කල විට උන්වහන්සේ  ප්‍රකාශ කලේ එහෙනම් අප පාර්ලිමේන්තුවට ගොස්  ඒ ගැන කටයුතු කරන බව හා කොහොමත් මේ විදේශිකයන් සකස් කල නීතිය වෙනස් කිරීමට කටයුතු කරන බවය. එය උසාවියේ දී ඔප්පු කලේ මෙම අධිකරණය විසින් දෙනු ලැබූ තීන්දු තමා විසින්.පිලිනොගන්නා බවය.මෙය ඇදහිය නොහැකි කරුණකි.
  4. අවසානයේ උසාවියට නැවත පැමිනි රජයේ නීතිනිළධාරීන්  උස් හඩින් විනිසුරට බලපෑම් කරන විට උන්වහන්සේ ප්‍රකාශ  කලේ  “මේ නපුංසක ආණ්ඩුවේ නිළධාරීන් කරන්නේ විශාල වැරැද්දක් “ කියාය. එය උසාවියේදී ඔප්පු කලේ නපුංසක නිතිනිළධාරියා වාඩිවෙයන් “ ලෙසය. මෙය විශාල විකෘතියකි. කිසි විටක රජයේ නීතිනිළධාරීන් ට නපුංසකයා කියා තර්ජනය කර නැත.

 

මේ තීන්දුව පිලිබඳව අප කනගාටුවට පමණක් නොව විමතියට පත් වී සිටිමු.

 

අධිකරණ තීන්දු වලට අප ගරු කරන අතර මේ නීති කටයුත්ත සිදුකල ආකරය මුල සිටම සැක සහිතය. පොලීසියේ හා නිතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිළධාරීන් පක්ෂපාතීව කටයුතු කල බව පෙනී යයි.

 

අපට සරලව පේන්නේ බොරු සාක්ෂි ඔප්පු කොට උන්වහන්සේ සිරගතකල බවය. මෙය අධිකරණ ඉතිහාසයේ සිදුවූ අත්වැරැද්දක් නොව අපරාධයක් ලෙස සනිටුවහන් වීම නැවැත්වීමට අපොහොසත් වුවහොත් එය අතිශය කනගාටුදායකය. එම අපරාධයෙන් පීඩා විදිමින් අධිකරණයේ හා නීති ක්ෂේත්‍රයේ  විෂම ක්‍රියාදාමයන් නිසා මූලික මානව අයිතිය අහිම්ව අසාධාරණයට හා අයුක්තියකට ලක් වී ඇති ඤාණසාර හිමිට සාධාරණය ඉටු කොට නිදහස් කිරීමට කටයුතු  කරන ලෙස ඉල්ලා සිටිමු.

 

හෝමාගම  උසාවියේ  සැබවින්ම සිදු වූ දේ තේරුම් ගත හැකි , කනගාටුදායක ලෙස නීති වේදීන් තේරුම් ගැනිමට උත්සහ නොකරන කරුණු අඩංගු වීඩියෝවක් සමාජජාලහි හුවමාරු වන අතර එහි සබැඳියාව       ( https://youtu.be/wPDyKzNzZMg  ) මේ සමග  සියලු දෙනාට නියම සත්‍ය තේරුම් ගැනීමට ඉදිරිපත් කරමු.

 

ගරු ජනාධිපති තුමනි,  ඔබතුමා සිංහල බෞද්ධ නායකයෙකු ලෙසත් හොද බෞද්ධ උපාසක මහතෙකු ලෙසත්  සලකා ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

 

ඔබට දළදා සමිදු පිහිටයි!

 

මෙයට

සසුන්ලැදි.

 

රුක්මලේ ධම්මකිත්ති නා හිමි (කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සඝ සභාවේ කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝ නායක)

විතාරන්දෙණියේ නන්ද හිමි (ජාතික සංවිධායක බොදු බල සේනා)

මාගලකන්දේ සුදත්ත හිමි (මහ ලේකම් සිංහල රාවය ජාතික සංවිධානය)

)

 

පිටපත්:-

සියලුම මැති ඇමති තුමන්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ දැනගැනීම පිණිස

Related posts

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

ඉන්දීය ණය යෝජනා යටතේ ලැබෙන ඖෂධ රැගත් නැවක් අද දිවයිනට

colombotoday

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday