Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න..!

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්‍යනම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවත් ඒ සඳහා බල නොකරන බවත් පැවසූ බැඳුම්කර කොමිසම ඊයේ (13) දින ඔහුගේ මූලික කරුණු 13ක් ඔස්සේ කරුණු හෙළිකරගැනීම සඳහා සාක්ෂි විමසීමට නියමිතව තිබූ බවද ප්‍රකාශ කර ඇත.

අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් අද (14) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබඳව වු විග‍්‍රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප‍්‍රකාශයට පත් කර ඇත.

බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට පාදක වූ මූලික කරුණු 13 මේ වනවිට මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඒ අනුව,

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.
අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත‍්‍රය ලබාගත් ආකාරය.
අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.
අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප‍්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වර්ථමාන ප‍්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.
ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.
මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.

යන කරුණු ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබී ඇත.

Related posts

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

ඤාණසාර හිමි නිදහස් කිරීමේ නියෝගයට ජනපති අත්සන් තබයි…

colombotoday

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

පාස්කු කොමිසම පවරපු වැඩේ හැර අනෙක් සියලු දේ කරලා. | සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණය. ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

මළ අපවහන පද්ධතියක් නඩත්තු කල සේවකයින් දෙදෙනෙකු මරු දකී

Admin

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday