extremism & terrorism activitiesfeaturedWorld

බංගලාදේශයේ බෞද්ධයන්ගේ තත්වය දරුණු අතට. ඉස්ලාම් දැඩි මතදාරින්ගෙන් භික්ෂුන්ට සැහැසිකම්. විහාරස්තානවල ඉඩම් ද කොල්ල කති

බෞද්ධ විහාරස්ථාන, පිරිවෙන් සහ ප්‍රාදේශීය බෞද්ධ ප්‍රජාව ඉස්ලාමීය ව්‍යප්තවාදයෙන් සහ ඉඩම් කොල්ලකෑමේ තර්ජන වලින් බේරා දෙන ලෙස බංග්ලාදේශ භික්ෂුන් වහන්සේ නමක් එරට අගමැති ෂෙයික් හසීනාට ආයාචනා කර තිබේ.

ගිනිකොනදිග චිතගොං දිස්ත්‍රික්කයේ රංගූනියාවේ, ගයනසරණ පිරිවෙනාධිපති සරණංකර හිමි විසින් වීඩියෝ පණිවුඩයක් මගින් මෙම ආයාචනය ඉදිරිපත් කර තිබේ.

“රංගුනියාවේ අර්බුදය ආරම්භ වී මාස හතරක් ගත වී ඇති අතර එය වඩාත් නරක අතට හැරෙමින් තිබේ. ජාතිවාදීන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අපහාස කර පන්නා දැමීමට උත්සාහ කරමින් සිටියි. මේ කාරණය අපේ අගමැති ෂෙයික් හසීනාගේ අවධානයට යොමු කිරීමට මම කැමතියි,” යැයි සරණංකර හිමි ඔක්තෝබර් 20 දින පැවසූහ.

ජුලි මාසයේ සිට, ප්‍රාදේශීය දේශපාලකයෙකු වන අර්ෂාඩ් මොහොමඩ් විසින් උසිගන්වන ලද ඉස්ලාමීය දැඩි මතධාරීන් භික්ෂුන් වහසේලාට විරුද්ධව සැහැසිකම් කරමින් සිටියි.

අර්ෂාඩ් මොහොමඩ් යනු පාලක අවාමි ලීග් රජයේ තොරතුරු ඇමති ආචාර්ය හසන් මොහොමඩ්ගේ බාල සහෝදරයාය.

සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාකාරීන් පැවසුවේ භික්ෂුන්ට පහරදීම බෞද්ධ විහාරස්ථාන හා ආරාම සතු ඉඩම් අත්පත් කර ගැනීම බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක කොටසක් බවයි.

“වාර්ගික සමගිය විනාශ කිරීම සහ ත්‍රස්තවාදයේ පාලනයක් ඇති කිරීම” සඳහා කුමන්ත්‍රණකරුවන් බලය අයුතු ලෙස යොදාගෙන අගමැති හසීනාගේ පාලක පක්ෂයේ නම අවභාවිතා කරමින් සිටින බවට භික්ෂුන් වහන්සේලා චෝදනා කරමින් සිටියි.

Buddhist monks at Gayanasarana monastery in Rangunia, Chittagong in southeast Bangladesh. The local Buddhist community has been facing a political and Islamist propaganda and land grab threats

බ්ලොග්කරුට එරෙහිව චෝදනා

භික්ෂුන් වහන්සේලාට සිදුකරන අපහාස, විහාරස්ථාන සතු ඉඩම් කොල්ලකෑම් පිලිබඳ මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කරනු ලැබුවේ ඉන්දියානු ජාතික බංග්ලාදේශ අදේවවාදී බ්ලොග්කරුවෙකු වන අසාද් නූර් විසිනි.

ජුලි 14 වන දින පාලක අවාමි ලීගයේ නායකයෙකු විසින් නූර්ට බංග්ලාදේශයේ ඩිජිටල් ආරක්ෂක පනත (ඩීඑස්ඒ) යටතේ මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම්වලට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

අසාද් නූර් බංගලාදේශයට නොපැමිණිම හේතුවෙන් පොලීසිය විසින් ඔහුගේ පවුලේ උදවිය පැය ගණනක් රඳවා තබා ගෙන හිරිහැර කළ බවට ද චෝදනා එල්ල විය.

සුළුතර හින්දුන්, කතෝලිකයන්, බෞද්ධයන් සරණාගතයින් වේවි

බංග්ලාදේශයේ දැඩි මතදාරීන් සුළුතර ජනතාවට අන්තරායන් ගෙන දෙමින් සිටින බව කතෝලික රදගුරු අධිකරණ හා සාම කොමිසමේ ලේකම් හොලි ක්‍රොස් ලිටන් පියතුමා සඳහන් කර සිටියි.

සුළුතර ප්‍රජාවන්ට පහර දීමෙන් පුද්ගලික වාසි ලබා ගැනීම සඳහා පාලක පක්ෂයේ නම අනිසි ලෙස භාවිතා කරන අයුරු නිරීක්ෂණය වේ. රංගුනියා සම්බන්ධයෙන් ගත් කල, ප්‍රමාද වීමට පෙර අර්බුදය විසඳීමට රජය අවංකව මැදිහත් විය යුතුයි” ගෝමස් පියතුමා යූසීඒ පුවත් සේවයට පැවසීය.

එය හුදෙකලා සිදුවීමක් නොව අවස්ථාවාදීන්ගේ කුමන්ත්‍රණයක කොටසක් වන අතර එය නැවැත්විය යුතුය. එසේ නොවුවහොත්, දිනක සුළුතර ජනතාව සරණාගතයින් සහ සංක්‍රමණිකයන් බවට පත්වනු ඇත.

මෑත වසරවලදී, ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රහාර සිදු කිරීම සඳහා බංග්ලාදේශය ව්‍යාජ ෆේස්බුක් ගිණුම් අනිසි ලෙස භාවිතා කිරීම දැක ගන්නට තිබේ.

2012 දී ෆේස්බුක් හි බෞද්ධ පුද්ගලයෙක් ඉස්ලාමයට අපහාස කළ බවට චෝදනා කරමින් මුස්ලිම් මැරයන් බෞද්ධ විහාරස්ථාන 19 ක් සහ චිතගොං හි රාමු, කොක්ස් බසාර් සහ පටියාහි නිවාස 100 ක් පමණ විනාශ කළහ.

10 වන ශ්‍රේණියේ හින්දු පිරිමි ළමයෙකු විසින් සංසරණය කරන ලදැයි කියන ඉස්ලාමයට අපහාස කරන ෆේස්බුක් පොස්ටුවක් හේතුවෙන් 2013 දී මුස්ලිම්වරු පබ්නා දිස්ත්‍රික්කයේ සන්තියා හි හින්දු නිවාස 26 ක් විනාශ කළහ.

2016 දී බ්‍රහ්මන්බාරියා දිස්ත්‍රික්කයේ නසිර්නගර්හි සහ 2017 දී රංපූර් දිස්ත්‍රික්කයේ තාකූර් පරා හි හින්දු භක්තිකයින් ඉස්ලාමයට අපහාස කළා යැයි සඳහන් කරමින් පහර දී තිබේ.

Related posts

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

ISIS (ඉස්ලාම් රාජ්‍ය) විනාශ කරන්න ලෝකයම එකතුවන්න UN ආරක්‍ෂක මණ්ඩලයේදී ඒකච්ඡන්දයෙන් සම්මතයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday