Colombo Today Local News

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

බුර්කාවකින් සැරසී දෙහිවල ප්‍රදේශයේ සැරිසැරූ පිරිමි පුද්ගලයකු දෙහිවල පොලිසිය විසින් ඊයේ(26) දහවල් අත්අඩංගුවට ගෙන පසුව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දෙහිවල, ගාලු පාරේ පිහිටි සුපිරි වෙළෙදසලක සිට පැමිණි බුර්කාවකින් සැරසුණු අයෙකුගේ නුහුරු ගමන් විලාසය ගැන සැක සිතුණු ප්‍රදේශවාසීන් එක්ව බුර්කාව ඇඳ සිටි පුද්ගලයා අල්ලා ප්‍රශ්න කිරීමේදී බුර්කාව හැඳ සිට ඇත්තේ කාන්තාවක නොව පිරිමි පුද්ගලයකු බව අනාවරණය කරගෙන ඒ පිළිබඳව දෙහිවල පොලිසිය දැනුවත් කර ඇත.

ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා සැකකරු රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇප මත මුදා හැර ඇති අතර අංගොඩ මානසික රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු මුණගැසී ඒ සම්බන්ධව වාර්තාවක් සමග නැවත ජූනි 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

Related posts

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

බසයක් පෙරලී 5කට තුවාල

Admin

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

යළිත් හමුදාපතිකම භාර ගන්නැයි ජනපති ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඉල්ලයි !

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනය කෙරේ.. ඇමති බදියුදීන් ටෙන්ඩර් කැදවයි !

colombotoday