Colombo Today Local News

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

මහින්ද මහත්තයා හා ගෝඨාභය මහත්තයා හයිය දීලා සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා පාර්ලිමේන්තුවට නරියෙක් වගේ ඇවිත් ආයුර්වේද මංජුසාව ගැන ඒ නරි කටෙන් කියවන බවත් දේශීය වෛද්‍ය ක්‍රමයේ මංජුසාවක් රටට ලෝකයට හඳුන්වා දෙන්න මෙන්ම රටේ ජනතාවට ගෙදර තියා ගන්න ලබාදීමට යම් මුදලක් අවශ්‍ය බව වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවැසීය.

මේ සඳහා කැබිනට් පත්‍රිකාවකින් රුපියල් මිලියන 250 ක පමණ මුදලක් වෙන් කොට ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන හයසිය ගාණනක් ලබා දුන්නා යයි පවසන බවද අමාත්‍යවරයා කීය.

කොත්මලේ, අඹතලාව ගම්මානයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ඊයේ (09) මේ බව පැවැසීය.

එහෙදී තවදුරටත් අදහස් දැක් වු ඒ මහතා

දැන් බලන්න කොරෝනා කියලා වසංගතයක් ආවා. ධම්මික පැණිය ගැන නොයෙකුත් කතා කියන්න ගත්තා. හැබැයි එදා ඉදලා තිබ්බ එකක් නෙවෙයිද ඔය රතු ළුෑණු ටිකක්, කුරුදු පොතු ටිකක්, සුදු ළුෑණු ටිකක්, කන එක. දෙහි ටිකක් බොන එක. කරපිංචා සම්බලයක්, පොල් සම්බලයක් කන එක. අපේ වසවිස නැති වෙනවා කියලා තිබ්බේ නැද්ද. මේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් රෝග නිවාරණය වන්න ටිකක් පරක්කුයි. දේශීය වෛද්‍ය ක්‍රමයට උදව් කරනවට අකමැතිද. සර්ප වෙදුන් හිටියා. හන්දි වෙදුන් හිටියා. හන්දිපත් සුව කරන කට්ටිය හිටියා. කොන්දේ අමාරුවට, ස්වශන පද්ධතියට බෙහෙත් කරන අය හිටියා. මෙන්න මේ වෛද්‍ය ක්‍රමයට අතහිත දෙනවද එහෙමත් නැත්නම් මේක වහලා දානවද.

දැන් බොහෝ දෙනා කියන්නම් වාලේ ආණ්ඩුවට දොස් කියනවා. දැන් කිරිපිටි නැහැ පොලිම් කියනවා. පසුගිය දවස්වල ප්‍රශ්ණයක් තිබුණා. මහ පොලොවේ ඇත්ත ඒකනේ. රටේ ආර්ථිකයට ප්‍රධානම දායකත්වය දෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. දැන් සංචාරකයන් එන්නේ නැහැ.

මම පශු සම්පත් ඇමැතිවරයා වශයෙන් ඉතිහාසයේ පළමු වතාවට එදා අරමුණු කර ගත්තේ මේවාට මුහුණ දෙන්න. කිරි කඩටික දාගෙන දාගෙන ගියා. ප්‍රධාන වශයෙන් කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගරවල හා රෝහල්වල දියර කිරි පානය සඳහා යොමු කරලා එම අවශ්‍යතා ඉටු කලා. ගොවිපලවල් ටික දියුණු කලා. හැබැයි සමහර සමහර අයගේ ඔීනෑ එපාකම් වලට ඒවා අක්‍රීය කලා. දැන් අපි කිරිපිටි ගේන්න සුදානම් වනවිට අපිට තියෙන්නේ මිල්කෝ ආයතනය විතරයි. ඒක දැන් ලාභ ලබන ආයතනයක් වෙලා තියෙනවා. ලබන සතිය වනවිට කිරිපිටි, සිමෙන්ති, යකඩ වැනි ප්‍රශ්න විසදෙයි. ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් කරනවා වාගේම වරායට ඇවිත් තියෙන නැව් ටික නිදහස් කිරිමේ අවශ්‍යතා ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා.

ස්ටාලින්ලාට, ජනතා විමුක්ති පෙරමුණේ මහින්දලාට පාරදිගේ ගිහින් අරගල කරන්න පුළුවන්. උන්ගේ ආණ්ඩු නෙවේද අවුරුදු පහක් තිබුණේ. ඒ වේලාවේ මේවා ගන්න තිබුණා නේද. දැන් මේ රෝගකාරක වසංගතයක් තියෙද්දි අපේ දරුවන්ගෙන් ඇයි මේ පළි ගන්නේ. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය කරන්න දෙන්නේ නැහැ. ස්කෝල ටික විවෘත කරන්න යන්නේ. ඔවුන්ගේ අයිතිවාසිකම් දෙන්න ලෑස්තියි. මෙවර අය- වැයේදි ඒ සඳහා ක්‍රියාත්මක කරන්න මුදල් ඇමැතිතුමා නිශ්චිත කාලවකවානුවක් ලබා දෙනවා. ඒ වෘත්තීය අයිතිවාසිකම්වල අපේ පක්ෂවල අයත් ඉන්නවා. ඒක දෙන්න සුදානම් වනවිට එම කාරණයට සුදානම් වන්නේ නැතිව ඒකට අරගල කරමින් කරන්නේ දරුවන්ගෙන් පළි ගැනීම බවද අමාත්‍ය සී. බී. රත්නායක මහතා මෙහෙදී වැඩිදුරටත් පැවැසීය.

ක්‍රිෂාන්තන් 

Related posts

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදුන් විනිසුරුට උසස්වීමක්

colombotoday

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි.

colombotoday