Colombo Today Local News

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

ඉදිරි අයවැයේ දී සහය ලබාදීමට නම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පළාත් සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ 13 වැනි දා පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.

ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේ දී තීරණයක් ගනිද්දී දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි  සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණයක් ගත්තා. යනුවෙනි.

මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

lankadeepa

Related posts

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

කුරුණෑගල රණවිරු ස්මාරකය ඉවත් කළේ පාර හදන්නයි.. තිබුණට වඩා හොද එකක් හදනවා – ජනපති

colombotoday

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

ජනාධිපති, අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සැලසුම් කළා. විපක්ෂයේ අරමුණ රට විනාශ කිරීමයි. – ජී. එල්. පීරිස්

colombotoday

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday