extremism & terrorism activitiesWorld

එක්සත් රාජධානියට ත්‍රස්ත ප්‍රහාරයක්. – ඉලක්කය දේව මෙහෙයක් බවට සැක. – රියදුරෙකුගේ අවධානය මහා විනාශයක් වලක්වයි.

එක්සත් රාජධානියේ (UK) ලිවර්පූල් කාන්තා රෝහලෙන් පිටත මෝටර් රථ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, එක්සත් රාජධානියේ පොලිසිය එය “ත්‍රස්තවාදී සිදුවීමක්” ලෙස ප්‍රකාශයට පත් කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැර මෙම ප්‍රහාරය සිදුකර ඇත.

පිපිරීමෙන් මෝටර් රථයේ සිටි මගියා මියගොස් ඇති අතර රියදුරු තුවාල ලබා ඇත.

බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන නිලධාරීන් වහාම ප්‍රාදේශීය පොලිසිය සමඟ සිද්ධිය විමර්ශනය කිරීමට පටන් ගත්තේ පුද්ගලයින් තිදෙනෙකු කෙන්සිංටන් ප්‍රදේශයේ රඳවා තබාගෙන පසුව ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

දේශීයව නිෂ්පාධනය කර ඇති බෝම්බය අදාළ මගියා විසින් සාදන ලද්දක් බව පොලිසිය තහවුරු කළේය.

මේ අතර,කුලී රථ රියදුරාගේ අවධානය හේතුවෙන් මහා විනාශයක් වැලකි ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි. මගියා පිළිබඳව සැකයක් ඇතිවූ බැවින් ඔහු මෝටර් රථයට දමා අගුලු දැමූ බව වාර්තා වෙයි. කිහිප දෙනෙකු රැස්ව සිටි අනුස්මරණ දින දේව මෙහෙයට සහභාගී වීමට මගියාට අවශ්‍ය වූ බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ කුලී රථ රියදුරු “ඇදහිය නොහැකි තරම් මනසකින් සහ නිර්භීතකමකින් හැසිරුණු” බවයි.

Related posts

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday

ඇමරිකානු මිසයිලවලට නැවැත්විය නොහැකි චීනාගේ සුපිරි අවිය – Video

colombotoday

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

colombotoday

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday