Colombo Today Local NewsfeaturedTop Stories

ජනතාවට ජාරාව කවා හසුවූ මොහොමඩ්ගේ caravan fresh බේකරිය – උලමලා හලාල් සහතිකයත් දීලා

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පධනාගාරය සඳහා උලමා සභාවේ අනුහසින් ක්‍රියාත්මක හලාල් සහතිකකරණ ආයතනය විසින් හලාල් සහතික ද නිකුත් කර ඇති බව අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වෙනවා.

“caravan fresh” සන්නාමය ඔස්සේ මෙලෙස කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදාගෙන ආහාර නිෂ්පාදනය කර ඇත්තේ මදිනා ෆුඩ් පුද්ගලික සමාගම බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් මමුලා නැමැත්තෙකු මදිනා ෆුඩ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක වන අතර ඔහු Happy Hen නැමති බිත්තර වර්ගය වෙළඳපොළට නිකුත් කරන Switz Lanka Pvt Ltd ආයතනයේද අධ්‍යක්ෂකවරයෙකි.

මේ පිළිබඳව අප හලාල් සහතික කරන ආයතනය වෙතින් විමසීමක් සිදුකල අතර මදිනා ෆුඩ් පුද්ගලික සමාගම වෙත හලාල් සහතිකයක් නිකුත් කර ඇති බව ඔවුන් පිළිගන්නා ලදි.

මේ පිළිබඳව Colombo Today පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතාගෙන් විමසීමක් සිදුකල අතර, එහිදී ඔහු සඳහන් කර සිටියේ ජනතාවට ජරාව කවන මෙවැනි ජාවාරම් කරුවන්ට විරුද්ධව දැඩිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවත් හිමිකරුවන් සතු අනෙකුත් ව්‍යාපාර පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදුකිරීම වහා සිදුකල යුතු බවයි. ජනතාවට ජරාව කවන මෙම ව්‍යාපාරය පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් තමා සන්තකයේ පවතින බවත් ඒවා ඉදිරියේදී හෙළිකිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම අප සමග පැවසීය.

Related posts

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

colombotoday

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

colombotoday

අගමැතිගේ වැය ශීර්ෂය කපා දමන්න එජාපයෙන් යෝජනාවක්… කතානාකට බාරදෙයි…

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday