Colombo Today Local News

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

CEPA Epa gmoa 55

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටට අහිතකර ඉන්දු-ලංකා වෙළෙඳ හා සේවා ගිවිසුම පිළිබඳව ජනතාව දැනුවත් කරන නිසා තම සංගමයේ නියෝජිතයන් මර්දනය කිරීමට පටන්ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා විශේෂඥ විද්‍යායතනයේ සහයෝගය මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2012 වසරේ එළිදැක්වූ පොතක් පිළිබඳව රහස් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

මේ අනුව පසුගිය 12 වැනිදින පොතේ මුද්‍රණ දෝෂයක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතාගෙන් පැයකට අධික කාලයක් රහස් පොලීසිය ප්‍රකාශ ලබාගත් බවත්, ඉදිරියේදී සංගමයේ සභාපතිවරයාගෙනුත් ප්‍රකාශ ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

රටට අහිතකර දෑ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනී සිටින නිසා මීට පෙර වකුගඩු ජාවාරමකට තම සංගමයේ සාමාජිකයෙකු සම්බන්ධ බවට චෝදනා එල්ල කළ බවත්, ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළද එම වාර්තාවත් මෙතෙක් රටට හෙළිකර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය. මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවද හෙතෙම පවසා සිටියේය.

Related posts

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday

අටලුගම ජනතාව අත්තනෝමතිකව හැසිරෙනවා නම් තවත් දිගු කලක් හුදෙකලා වේවි – යුද හමුදාපති

colombotoday

පිටකොටුව දෙවන හරස් වීදියත් වැසෙයි

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday