Colombo Today Local NewsTop Stories

හකීම්,අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් සමග තවුහිද් ජමාත් භූමිදානය ඉල්ලා එක පෙලට

මුලධර්මවාදී ඉස්ලාම් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සහ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් නැමති පුද්ගලයා විසින් කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකර භූමිදානය කිරීමට අවසර ලබා දියයුතු බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

මෙම අබ්දුල් රාසික් පිළිබඳව ඇත්තේ යහපත් නොවන ක්‍රියා කලාපයකි.

දෙමල හිංදු තරුණියක් පැහැරගෙන විත් පාස්කු දින කටුවාපිටය දේවස්ථානයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කල හස්තුන් නමැති ත්‍රස්තවාදියාට විවාහ කර දීමට කටයුතු කලේ අබ්දුල් රාසික් බව ඇයගේ මව මීට ඉහතදී සඳහන් කර සිටියා.

තවුහිඩ් ජමාත් අන්තවාදීන් භාවිතා කුරානය පරිවර්තනය කර ඇත්තේද මෙම අබ්දුල් රාසික් නමැති පුද්ගලයායි.

බුදුරජානන් වහන්සේ මිනිමස් වැළඳු බව සහ තිසරණය යනු මැනික්ගල් තුනක් යැයි සඳහන් කරමින් අපහාස කලේ ද මෙම අබ්දුල් රාසික් නැමැත්තා වන අතර ඔහු දැනට සිටින්නේ ද ඇප මතයි.

කුඩා දැරියන් විවාහ කර ගැනීමට අවසර ලබා දී ඇති නීති සංශෝදනය නොකළ යුතු බව පවසමින් මීට වසර කිහිපයකට පෙර මොහු සිදුකල උද්ඝෝෂණයක් මහත් ආන්දෝලනයකට ලක් විය.

මීට ඉහතදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමතිවරු පිරිසක් කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙසට ඉල්ලා සිටියා.

Related posts

මැකෝගෙන් පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

බුදු රජාණන් වහන්සේ “අහිවාතක” නමින් හැඳින්වූවේ කොරෝනා වෛරසයි. මහාවග්ග පාලියේ දේශනාව ගැන ඥානසාර හිමි කියති

colombotoday